November 24, 2026

බුදුරජාණන් වහන්සේ පරිනිවන් පෑසමය වන විට සසුන් ගත ව සිටි භික්ෂු පිරිස විශාලය. මෙයින් වැඩි දෙනා සැදැහැ සිතින් මහණ වූ අතර ඉතාමත් සුළු පිරිසක් භික්ෂූන් වහන්සේලාට ලැබෙන ලාභ සත්කාර ආදියට ගිජුව සසුන් ගත වූහ. එසේ මහණ වූ අය මහණ කමට නොගැළපෙන දැ කළහ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ ම සංඝ භේදයට හේතු වූ සිද්ධි කිහිපයක් ඇති විය. වරක් දෙව්දත්තෙර බුදුරජාණන් වහන්සේ වෙත භික්ෂුන් සඳහා පැණවීමට පංච වරයක් ඉදිරිපත්කළේය . බුදුරජාණන් වහන්සේ එය ප‍්‍රතික්ෂේප කළහ. දෙව්දත්තෙර පුහුදුන් භික්ෂුන් පන්සියක්දෙනා පොළඹවා ගෙන සංඝ භේදයක් ඇති කළේය .කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි විනය ධර හා ධර්ම ධර භික්ෂුන් වහන්සේලා අතර විනය ප්‍රශ්නයක්මත අරගලයක් හට ගත්තේය .

බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කොට වදාළ නමුත් ඔවුහු සමඟ ි නොවූහ. බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩම කොට වස් විසුයේ මේ සිද්ධියක්නිසාය. පසු ව මේ පිරිස සමාදාන වූහ. ඡුබ්බග්ගිය, සුනක ්ඛත්ත අරිට්ඨ, සාති. උදායි වැනි භික්ෂූන්ගේ හැසිරීම පරීක්ෂා කරන විට ඔවුන් සැදැහැ සිතින් සසුන් ගත වූ බවක්ද නොපෙනේ.


එසේම සසර දුක් නිවාලීමට උත්සුක වූ බවක් ද නොපෙනේ ඔවුන්ගේ නොහික්මුණු ගති පැවතුම් ද බුද්ධශාසනයේ චිරස්ථිතියට ඇති වූ බාධා හා තර්ජනවලින් සමහරකි.මෙවන් සෑම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ එම භේද මැඩ පවත්වා විනය නීති ආදිය පණවා සසුන ආරක්ෂා කර ගත් සේක .අනඳ තෙරුන් වහන්සේට අනුදැන වදාළ පරිදි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු උන්වහන්සෙ ් විසින් දේශනා කොට වදාළ ධර්ම විනයම ශාස්තෘ තනතුරෙහ ි තබා ගත යුතු විය. (ආනන ්ද මා විසින් දෙසන ලද පණවන ලද ධර්ම විනය දෙක මාගේ ඇවෑමෙන් තොපගේ ශාස්තෘවරයා වන්නේය . ඒ අනුව සියලූම භික්ෂූන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම විනය ඒ අයුරින්ම දැන සිටීම වැදගත් විය. බුදුරජාණන් වහන්සේ විසින් ප ුරා පන්සාලිස්වසරක් මුළුල්ලේ දෙසූ ධර්මයත් පණවන ලද විනය නීතිත් එක් රැස් කොට ( සංග‍්‍රහ කොට ලියා තැබීමේ සිරිතක් එකල නොවූයේය . මුළු සංඝ සමාජය ම එක් රැස් කොට සම්පූර්ණ ධර්ම විනය අසන්නට සැලැස් වීමක් ද එවකට නොතිබිණි. බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවන් පෑමෙන් පසුව ඒ ඒ භික්ෂූන් වහන්සේලා විසින් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම විනය කොටස් එක්තැන් කිරීම
අත්‍යවශ්‍ය විය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ පාවා නුවර සිට කුසිනාරා නුවර වැඩම කළ හ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් බෙහෙවින් ශෝකයට පත් පෘථග්ජන භික්ෂුහු හඬා වැලපෙන්නට පටන් ගත් හ. එය දැක මහලූ කල පැවිදි ව සිටි සුභද්ද නමැති භික්ෂුව මෙසේ පැවසී ය.
‘‘ඇවැතනී , ශෝක නොවන්න: නොවැලපෙන්න ඒ මහා ශ‍්‍රමණයාගෙන් අපි මිදුණෙමු. මෙය කැප ය.මෙය අකැපය යි නීත ි පැනවීම නිසා මෙතෙක් කල් අපි පීඩා වින්දෙමු. දැන් අපට කැමති දෙයක්කළ හැකි ය; අකැමැති දෙයක් නො කළ හැකි ය.’’
සුභද්ද භික්ෂුවගේ මෙම ධර්ම විරෝධී විනය විරෝධී වචන අනාගත ශාසන අර්බුදය පෙර නිමිත්තක් බඳු විය. මෙය ඇසූ ශාසන මාමක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මහත් සේ ධර්ම සංවේගයට පත්වුහ . ලාභ සත්කාරයෙහි ඇලී මහණව සිටි පෘථග්ජන භික්ෂූන් මෙවැනි අදහස් පිළිගත හොත් ශාසනය කෙලෙසීමට ඉඩ ඇති බව උන්වහන්සේ වටහාගත්හ. එය ශාස්තෘවරයා වශයෙන් තබා ගත යුතුව ඇති ධර්ම-විනය දෙකෙහි පිරිසිදු බව නැතිව යෑමේ පෙරනිමිත්තක් වශයෙන් උන් වහන්සේ කල්පනා කළ හ. මෙම කාලය වන විට බුදුරජාණන් වහන්සේ ගේ අග‍්‍ර ශ‍්‍රාවක වූ සැරියුත් මහ රහතන් වහන්සේගේත් මුගලන් මහ රහතන් වහන්සේගේත් පිරිනිවීම සිදු වී ත ිබිණි. ධර්ම විනය ආරක්ෂා කරලීම සඳහා කිසියම් සංවිධානයක් ඇති කළ යුතු වූයේ නම්එහි ප‍්‍රධානත්වය භික්ෂූන් වහන්සේලා අතර ඊළඟ ප‍්‍රධානයා වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් ඉසිලිය යුතුව තිබුණි .

තමන් වහන්සේ වෙත පැවරී තිබුණි එම කාර්ය භාරය මනාව අවබෝධ කොට ගත් මහා කාශ්‍යප තෙරණුවෝ උපාල ි. ආනන්ද,අනුරුද්ධ ආදි මහ තෙරුන් වහන්සේලාට ද ඒ පිළිබඳ කරුණු දැනුම් දුන් හ. බුදුරජාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් පසු මහා කාශ්‍යප තෙරණුවෝ ධර්මය හා විනය සංගායනා නොකළ හොත් අනාගයෙහි දී අධර්මය හා අවිනය නැගී සිටින බවත් ධර්මවාදීන් හා විනයවාදීන් දුබල ව ගොස් අධර්මවාදීන් හා අවිතයවාදීන් ප‍්‍රබල වන බවත් වගකිව යුතු භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කොට දුන් හ. එම නිසා ධර්ම සංගායනාවක් පැවැත්විය යුතු බව ද අවධාරණය කළහ. එම ශ‍්‍රාවකයන් වහන්සේලා මහා කාශ්‍යප තෙරණුවන්ගේ අදහස අනුමත කළහ. සංගායනාවකට සුදුසු වූ භික්ෂු පිරිසක් තෝරා ගැනීම ද මහා කාශ්‍යප තෙරණුවන් වෙත පැවරූහ. මහා කාශ්‍යප තෙරණුවෝ සංඝයාගේද අනුමැතිය ඇතිව වැඩිහිටි රහතන් වහන්සේලා හාරසිය අනූනව නමක් 499 නමක් තෝරා ගත්හ . තව එක් තෙර තමක් පසුව තෝරා ගැනීමට ඉඩ තබා ගත් හ. ධම්ම භාණ්ඩාගාරික ධූරය දැරූ අනඳ තෙරණුවන් මේ වන විට ද රහත් බව ලබා නොසිටි නිසා රහත් බව ලබා ගැනීමෙන් පසු උන් වහන්සේ ඇතුළත් කර ගැනීමට. එක නමකගේ එම අඩුව තබා ගත්හ .

ධර්ම සංගායනාව මගධ රට රජගහ නුවර පැවැත්වීමට භික්ෂූහු ඒකමතික තීරණය කළ හ. ඇසළ
පුර පසළොස්වක් පොහෝ දිනට පසු දින වස් සමාදන් වී පළමු වන මාසයෙහි ආරාම ප‍්‍රතිසංස්කරණය ආදිය කරවා සංගායනාවට සූදානම් වූහරජගහ නුවර වේහාර පර්වතය පාමුල සප්ත පර්ණී නම් ගුහාවේ දොරටුව ඉදිරියෙහි සංගායන මණ්ඩපය තැන වූහ. මෙම කටය ුතු සඳහා මගධෙශ්වර් අජාසත් රජතුමාගේ රාජකීය අනුගහ‍්‍රහය සම්පූර්ණයෙන් ම ලැබිණි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පුරා තුන් මසක් ගෙවී ගිය තැන ධර්ම සංගායනාව සඳහා සියලූ කටයුතු සංවිධානය වී අවසන් විය. සංගායනා කාර්යය සඳහා තෝරා ගනු ලැබු මහ රහතන්වහන්සේලා භාරසිය අනූතව තම ම 499 නමක් සංගායනා මණ්ඩපයට රැස් ව අසුන් ගත් හ. එක් අසුනක්හිස් ව තිබිණ. එය අනඳ තෙරණුවන් සඳහා වෙන් වූ ආසනය යි. සංගායනාව ආරම්හ වන දින අලූයම්වේලෙහි රහත් බව ලබා ගත් අනඳ තෙරණුවෝ සංගායනා මණ්ඩපයෙහි සෙසු රහතන් වහන්සේලා අසුන ගත් එසේල්හි එහි වැඩම කොට තමන් ට වෙන් ව තිබූ ආසනයෙහි වැඩ හුන් හ.

ධර්ම සංගායනාව සඳහා තෝරා ගනු ලැබු රහතන් වහන්සේලා පන්සිය නම ම 500 නමක් සංගායනා මණ්ඩපයෙහි අසුන් ගෙන වැඩ හුන් හ. සංඝ සම්මතයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සංගායනා සභාවෙහි මූලාසනයට පත් වූහ. පළමුවෙන්ම සංගායනා කළ යුත ්තේ ධර්මය ද නැතහොත් විනය ද යන ප‍්‍රශ්නය මතු විය. සංගීතිකාරක භික්ෂුන් වහන්ස්ලා සියලු දෙනාගේ ම සමානච්ඡුන්දයෙන් පළමුව විනය සංගායනා කිරීමට තීරණය විය. උපාලි මහ රහතන් වහන්සේ විනය ධරයන් අතරින් අග තනතුරු දැරූහ. බැවින් මහා කාශ්‍යප තෙරණුවෝ උන්වහන්සේ ගෙන් විනය පිළිබඳ කරුණු සියල්ල විචාළහ. උපාලි තෙරණුවෝ විනය පිළීබද සියලූම ප‍්‍රශ්න වලට පිළිතුරු දුන්හ. එයින් බුදුරජාණන් වහන්සේ පැණවූ සියලූම විනය ශික්ෂා පද ප‍්‍රකාශයට පත් විය . සංගීතිකාරක මහ රහතන් වහන්සේලා ඒ සියල්ල අනුමත කොට එක් ව හඬ නගා සජ්ඣායනා කළහ. එයින් විනය පිළිබද සංගායනාව නිමාවට පත් විය. ඊට පසු මහා කාශ්‍යප තෙරණුවෝ බ ුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳ සියලූම කරුණු ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරණුවන් ගෙන් විචාළහ. ඒ සියලූ ම ප‍්‍රශ්න වලට අනඳ තෙරුණුවෝ පිළිතුරු දුන්හ. එයින් බුදුරජාණන් වහන්සේ දෙසු සියලූම ධර්මය ප‍්‍රකාශයට පත් විය . සංගීත කාරක මහ රහතන් වහන්සේලා සියල්ල අනුමත කොට එක්ව හඬ නගා සජ්ඣායනා කළහ. එයින් ධර්මය පිලිබද සංගායනාව නිමාවට පත් විය.

මෙම ධර්ම සංගායනාව නිමාවට පත් වීම සඳහා පුරා සත් මසක් ගත විය. සංගායනාවේ දී ධර්ම -විනය දෙකෙහි අනාගත ආරක්ෂාව සඳහා ද කටයුතු යොදන ලදීග ධර්ම – විනය කොටස් වලට බෙදා සකස් කොට කට පාඩමින් පවත්වා ගෙන යාම ද පහත සඳහන් වන පරිදි ඒ ඒ මහ රහතන් වහන්සේලාට සහ උන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරා වලට පවරනු ලැබිණි.

  • දීඝ නිකාය – අනඳ තෙරුන් වහන්සේ ඇතුළු උන් වහන්සේගේ සිසු පරපුර.
  • මජ්ඣ ිම නිකාය – සැරියුත් තෙරුන් වහන්සේ ගේ සිසු පරපුර.
  • සංයුක්ත නිකාය-මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ඇතුළු සිසු පරපුර.
  • අංගුත ්තර නිකාය – අනුරුද්ධ තෙරුන් වහන්සේ ඇතුළු සිසු පරපුර.
  • බුද්දක නිකාය – සියලූ භික්ෂුන් වහන්සේලා.

විනය ප්‍රශ්න න ිරාකරණය කිරීමේ භාරය විනය ධර භික්ෂූන් වහන්සේලා අතුරින් ප‍්‍රධාන වූ උපාලි මහා රහතන් වහන්සේ වෙත පවරන ලදී. විනය පිටකය ආරක ්ෂා කිරීමේ වගකීම ද උන් වහන්සේ ප‍්‍රමුඛ සිසු පරපුරට පැවරිණි. මෙම සංගායනාවේ දී අභිධර්ම පිටකයට අයත් ධම්ම සංගනී, විභංග, ධාතු කථා, පුග්ගල පඤ්ඤත්ති, යමක, පට්ඨාන යන ප‍්‍රකරණ ග‍්‍රන්ථ හය (6) නමක් සම්පූර්ණයෙන්ම සංගායනා කොට හත්වන (7) ප‍්‍රකරණ ග‍්‍රන්ථය වන කථාවත්ථුප්පකරණය පිලිබද මූලික කරුණු ද සංගායනා කළ බව සඳහන් වෙයි. ධර්ම – විනය එක් රැස් කොට සංඝ සම්මුතියෙන් ක‍්‍රමවත් ලෙස පිළීයෙළ කිරීම න ිසා සුභද්ද වැනි දුර්මතධාරීන්ගේ වැරදි අදහස් එයට ඇතුළු වීමේ ඉඩකඩ ඇහිරී ගියේ ය. බුදු දහම වශයෙන් නිර්භයව ඉදිරිපත් කළ හැකි සම්මත ධර්මයක් සංඝ සමාජයට උරුම විය. එයින් ජනතාවට බුදු දහම හඳුන්වා දීමේ මහා පහසුවක ් භික්ෂුන් වහන්සේලාට සැලසි ණි. මෙම ධර්ම සංගායනාව තෙරවරුන් පන්සියයක් (500) නමකගේ සහභාගිත්වයෙන් සිදු වූ බැවින් පංචසතිකා සංගීති යන නමින් හැඳින්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *