
ජීවිතය යන වචනයෙහි සැබෑ අර්ථය කුමක්ද යන්න පිළිබඳව අප ඔබගෙන් ප්‍රශ්න කළහොත් සැබවින්ම ඒ සඳහා නිෂ්චිත පිළිතුරක් ඔබ හට ලබාදීමට හැකි වනු ඇතැයි මා නොසිතමි. මන්ද යත් අප මෙලොව එළිය දුටු දා සිට අදවන තෙක් විවිධාකාර ආකාරයේ, විවිධාකාර පරාසයන්ට නතුවූ විවිධාකාර දැනුම් පද්ධතීන් ඉගෙන ගත්තද , ඒ තුළ ඔබ අප ඇතුළු බොහෝමයක් දෙනාට ඉගෙන ගැනීමට අතපසු වන්නා වූ වටිනාම හා අත්‍යාවශ්‍යම විෂය පද්ධතිය නම් ජීවිතයයි. අසීමාන්තික ලෙස ඉපදෙමින් හා මැරෙමින් මෙම අනන්ත සසර තුළ අප තවදුරටත් සැරිසැරීමටද බලපා ඇති එකම හේතුව නම්, මෙම ජීවිතය පිළිබඳව ඇති අනාවබෝධයයි.
මෙම මිහිතලය මත පහල වී තම ස්වයං ඥාණය තුළින් මෙම ජීවිතයේ සැබෑ ස්වරූපය එසෙත් නොමැති නම් මෙම ජීවිතයේ යථාර්තය අවබෝධ කරගනිමින් උතුම් වූ බුද්ධත්වය සාක්ෂාත් කරගත් අප මහා බුදුරජාණන් වහන්සේ විසින් සියළු සත්වයන්ගේ හිතසුව පිණිස එම ධර්මය දේශණා කළද, අභාග්‍යයට කරුණ නම් අද වනවිට එම ධර්මය සමාජය තුළින් වියැකෙමින් යෑමයි. අවිද්‍යාව නම් වූ අන්ධකාරය තුළ ගිලෙමින් දිනෙන් දින මිහිදන් වන මිනිසා ආලෝකයක් බඳු වූ සත්‍ය කෙරෙහි යොමු නොවීමට එකම හේතුව නම් ඒ තුළ පවතින්නා වූ නිරාමිස ප්‍රීතිය පිළිබඳව අල්ප මාත්‍රයක හෝ අදහසක් ඔවුන් තුළ නොමැති වීමය. එනම් නිරන්තර දුක්ඛ ගංඟාවක ගිලී සිටින්නා වූ සත්වයා සෑමවිටම තාවකාලික විසඳුම් කරා ගමන්කිරීම අදවන තෙක් මෙම සසරට සත්වයා බැඳතබා ගැනීමට හේතුසාධක වී ඇත. පරතෙරක් නොමැති මෙම සසරින් මිදීමේ මාර්ගය අවබෝධ කරගත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ , තමන් අවබෝධ කරගත් දහම දුක පදනම් කරගනිමින් දේශණා කිරීමටද හේතුපාදක වූ ප්‍රධානම කරුණ නම්, ලෝවාසී සෑම සත්වයෙකුම මෙම සසර තුළ දුක නම් වූ මුගුරෙන් පහර කා තිබීමය. මෙලෙස දුක මුලික කරගනිමින් කෙතරම් පීඩාවිඳීමට මනුෂ්‍යයාට සිදුවුවද ඒ සඳහා ස්ථීර විසඳුමක් කරා ගමන් කිරීමට ඔවුනට අදවන තුරුම නොහැකි වී ඇත.
මේ පිළිබඳව තවදුරටත් ඔබට කරුණු පෙන්වා දුනහොත් , සමාජයේ බොහෝ පුද්ගලයින් තමන් හට ඇති විවිධ දුක් පීඩා සඳහා විසඳුම් ලබාගැනීමේ අරමුණෙන් මනෝ වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෛද්‍යවරුන් මෙන්ම විවිධ ආගමික පූජකයින් ආදී වශයෙන් වූ පුද්ගලයින් වෙත ගියද , එතුළින් ඔවුන් තුළ හටගත් දුක සදාකාලික ලෙස අවසන් වූයේද යන්න පිළිබඳව ගැටළුවක් පවතී. මෙම සිදුවීමෙහි කිනම් ස්ථානයක හෝ යම්කිසි පැටලිලි සහගත තතත්වයක් ඇති බව මේ වනවිට ඔබටද වැටහෙනු ඇතැයි මා විශ්වාස කරමි. එනම් මෙලෙස විවිධාකාර වූ විසඳුම් සොයමින් කල්මරන්නා වූ සත්වයා පීඩා විඳින්නා වූ මෙම දුක සත්‍ය වශයෙන් සැබෑම දුක නොවනු ඇත. ඔබ දුක නමින් අර්ථ නිරූපණය කරඇති මෙම දුක සැබවින්ම දුක මූලික කරගනිමින් හටගත් දුකකි. එය එක්තරා අන්දමකින් දුක මුලික කරගනිමින් හටගත් පීඩාවකි. එසේ හෙයින් අප ඒ සඳහා සොයමින් යන්නා වූ විසඳුම්ද ඉතාමත් තාවකාලික වනු ඇත. මෙම ලොව තුළ පවතින්නා වූ පරම සත්‍ය අවබෝධ කරගත් අප මහා බුදු රජාණන් වහන්සේ විසින් සමස්ථ ලෝක සත්වයා හට දේශණා කළ පිවිතුරු දහම තුළ සැබවින්ම අන්තර්ගතය පවතිනු ලබන්නේද, මෙම ලෝක සත්වයා පීඩා විඳින්නා වූ සැබෑ දුකෙන් මිදීමේ ක්රමවේදයය. එසේ හෙයින් අප අවබෝධ කරගත යුතු පළමු කාරණය නම්, ධර්මය තුළ සඳහන්ව පවතිනු ලබන මෙම සැබෑ දුක කුමක්ද යන්නය. මේ පිළිබඳව සුත්‍ර දේශණාවක් ඔස්සේ ඔබගේ ප්‍රඥාව කුළුගැන්වීමට මා අදහස් කරගනු ලැබුවේ එය ප්‍රායෝගිකව ගත්කළ සාර්ථක වනු ඇතැයි විශ්වාස කරමින් ය.
මේ සඳහා මා සංයුත්ත නිකායෙහි 04 වන කොටසට අයත් භද්‍රක සූත්‍රය තෝරා ගනු ලැබ ුවේ ඉතාමත් සරල අන්දමින් මෙම කරුණු ඔස්සේ ඔබගේ අවබෝධය පුබුදුවාලීම අරමුණු කරගනිමිනි. එකළ මල්ල ජනපදයෙහි ඌරුවේලකප්ප නම් මල්ලයින්ගේ නියම්ගම් හී බුදුරජාණන් වහන්සේ වැඩසිටි අතර දිනක් භද්දක ගාමිණී නම් පුද්ගලයකු බුදුරදුන් හමුවීමට පැමිණ වැඳ එකත්පස්ව අසා සිටින්නට වූයේ භාග්‍යවතුන් වහන්ස, මා හට මෙම දුකෙහි හට ගැනීම පිළිබඳව දේශණා කළ මැනවැයි ලෙසය.
මේ සඳහා පිළිතුරු ලබාදීමට පෙරාතුව බුදුරදුන් ඔවුන් හට ප්‍රකාශකර සිටින්නට වූයේ තමන් වහන්සේ මේ සඳහා ලබාදෙන පිළිතුර හුදෙක් අතිතය අරඹයා හෝ අනාගතය අරඹයා හෝ දේශණා නොකරන බවත්, සැබවින්ම භද්‍රක ගාමිණීගේ වටහා ගැනීමේ පහසුව තකා වර්තමානය අරඹයාම දේශණා කරන බවත්ය. එයට හේතුව වශයෙන් උන් වහන්සේ වදාළේ අතීතයේ හා අනාගතය අරඹයා කරුණු දේශණා කිරීම තුළින් භද්‍රක ගාමිණී හට ධර්මය පිළීබඳව කෙබඳු හෝ සැකයක් ඇති වීමට ඉඩකඩ ඇති බවත්, වර්තමානය අරඹයා ධර්මය දේශණා කිරීම තුළින් ඔහු හට ප්‍රායෝගිකව තම ජීවිතය තුළින්ම අදාළ
ධර්මය අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන බවත් ය . කෙසේ නමුත් භද්‍රක ගාමිණී විසින් ගෙන ආ පැනයට පිළීතුරු දීම ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් අසා සිටින්නට වූයේ වියෝවිම , රෝගීවීම, නින්දා ලැබීම හෝ ප ිරීහීම තුළින් භද්‍රක හට දුක්ඛ දෝමනස්සයන් ගෙන එන්නා වූ කිනම් හෝ අයෙකු ඌරුවේලකප්ප ග්‍රාමය තුළ සිටීද යන්නය. ඒ සඳහා සෘජුව පිළිතුරු ලබාදුන් භද්‍රක ගාමිණී පවසා ස ිටින්නට වූ යේ එලෙස වියෝවීම, රෝගී වීම, නින්දා ලැබීම මෙන්ම පිරිහීම තුළින් තමන් හට දුක්ඛ දෝමනස්සයන් ගෙන එන්නා වූ ඇතැම් පිරිස් ඌරුවේලකප්පය තුළ සිටින බවය. එයි න් නොනැවතුන බුදුරජාණන් වහන්සේ පරළා භද්‍රක ගාමිණී අරඹයා අසා සිටින්නට වූයේ ” වියෝවීම, රෝගීවීම, නින්දා ලැබීම හෝ පිරිහී යාම තුළින් භද්‍රක හට දුක්ඛ දෝමනස්සයක් ගෙන නොඑන්නා වූ පිරිසක් ඌරුවේලකප්ප ග්‍රාමය තුළ සිටීද යන්නය” . ඒ සඳහාද පෙරළා පිළිතුරු ලබාදුන් භද්‍රක ගාමිණී බුදුරජාණන් වහන්සේ වෙත පවසා සිටියේ “එසේය භාග්‍යවතුන් වහන්ස” යනුවෙනි.
ඉන් අනතුරුව මෙම පැනයක් දෙක මුලික කරගනිමින් භගවත් ගෞතමයාණන් වහන්සේ භද්‍රක ගාමිණී හට කරුණු පහදා දෙනු ලැබු වේ මේ ලෝකවාසී සියළු සත්වයන් හට දුක නම් වූ මෙම ගින්න පැමිණීමට එකම හේතුව චන්ද රාගය (ඇල්ම ,කැමැත්ත ) බවයි. තවදුරටත් මේ පිළිබඳව කරුණු කාරණා දේශණා කළ බුදුරජාණන් වහන්සේ භද්‍රක ගාමිණී හට වදාළේ යමෙකු හට මෙලෙස වර්තමානයෙහි සේම අතීතයෙහිදී මෙන්ම අනාගතය තුළද යම්කිසි දුකක් දොම්නසක් පැමිණියේ නම් හෝ පැමිණෙනු ලබන්නේ නම්, ඒ සදහා ඒකාන්ත වශයෙන්ම හේතුසාධක වනුයේ මෙලෙස ඔවුන් තුළ හටගන්නා චන්ද රාගය නොහොත් කැමැත්ත බවයි.
කෙසේ නමුත් මා මෙලෙසින් ඔබගේ වර්තමාන ජීවිතයට ප්රායෝග ික අන්දමින් සැසඳී යන්නා වූ මෙවන් හරවත් සූත්‍ර දේශණාවක් ඔස්සේ ඔබහට අවබෝධ කරලීමටද උත්සහා කරනු ලබන්නේ හුදෙක් ජීවිතය තුළ ඔබ පීඩා විඳින්නා වූ මෙම දුකෙහි සැබෑ ස්වරූපයත් , එයින් මිදීම උදෙසා ඔබ අවබෝධ කරගත යුතු ධර්මීය හරය පිළිබඳවත්ය . එමෙන්ම දිනෙන් දින අවිද්‍යාව කරා ගමන් ගන්නා වූ මෙම සමාජය තුළ මෙම පරම සත්‍ය කෙරෙහි ඔබගේ මනස යෙදවීමට මා ඇපකැප වනුයේ මෙලෙස ඔබ හට ලැබී ඇති නිමකළ නොහැකි වටිනාකමකින් යුත් මිනිසත්භව තුළ අප මහා බුදුරජාණන් වහන්සේ විසින් දේශණාකර වදාළ පරම සත්‍ය අවබෝධ කරගනිමින් දුක්ඛිත වූ මෙම සසර මේ භවය තුළම කෙළවර කරගනු ඇතැයි විශ්වාස කරමින් ය.
එමෙන්ම මා අවසාන වශයෙන් ඔබ හට ප්‍රකාශකර සිටිනු ලබන්නේ මෙම ගින්නක් බඳු වූ අපරිමිත දුක් ගංගාවක් උදෙසා තාවකාලික විසඳුම් නොසොයමින් බුදුරජාණන් වහන්සේ විසින් දේශණාකර වදාළ දුක්ඛේ -දුක්ඛ නම් වූ ඔබ පීඩා විඳිනු ලබන දුකට මුලික වූ සැබෑ දුක අවබෝධ කරගනිමින් තවදුරටත් ඒ සඳහා මුල් වූ චන්ද රාගයද ක්‍රමානුකූලව ඔබ තුළින් නැසීමට වෙර වීරිය වඩනා ලෙසය.
(මෙම ලිපිය නිර්මාණය කිරිම සදහා ත්‍රිපිටක පොත් වහන්සේ, ත්‍රිපිටක පොත් වහන්සේගේ සිංහල පරිවර්තනය හා වෙනත් දහම් ග්රන්ථ සහ අන්තර්ජාලයේ පල කරන ලද විද්වතුන්ගේ ලිපි ලේඛණ උපයෝගී කර ගනිමින් මෙය නිර්මාණය කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
ආචාර්ය තිස්ස ජිනසේන
2023.04.07