
ඇමරිකා එක්සත් ජනපදයෙහි ඉතිහාසයේ පටන් අද දක්වා වූ ගමන්මඟ පිළිබඳවත්, ඒ තුළ ක්රමානුකූල ලෙස ගොඩනැඟුණු ආර්ථික සංවර්ධනය මෙන්ම ඔවුනගේ වර්තමාන බංකොලොත්භාවය පිළිබඳවත් ඉතාමත් විශ්ලේෂණාත්මක ලෙස කරුණු ගෙන ඒමට මින් පෙර අප කටයුතු කරනු ලැබුවේ, ඒ තුළ සාමාන්‍ය ජනයා හට එක්වරම අවබෝධ කරගැනීමට අපහසු සංකීර්ණ සිද්ධි දාමයක් පැවති හෙයිනි. කෙසේනමුත් එලෙස විවිධ අවස්ථාවන්හීදී එම කරුණු කාරණා ඔබ වෙත ගෙනඒමට අප කටයුතු කළද, ඒ පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබාදීම පිණිස එම ක්ෂේත්රයෙහි විශේෂඥවරයෙකු වන රිචඩ් වොල්ෆ් මහතාගේ සාකච්ඡාවක සිංහල පරිවර්තනයක් ඔබ වෙත ලබාදීමට මෙමඟින් කටයුතු කරනුයේ එය මෙම කරුණු උදෙසා ඉතා ශක්තිමත් විශ්වාසයක් සපයනු ඇතැයි අප විශ්වාස කළ හෙයිනි. තවද එම මහතාගේ සාකච්ඡාවෙහි සිංහල පරිවර්තනය සහිත දිගුව පහත පරිදි වේ.

මෙය ආරම්භ කිරීමට පෙර මම ඔබෙන් ඉල්ලා සිටිනවා මෙන්න මේ කාරණය අවබෝධ කරගන්න කියලා. මේක ඔබ දැනටමත් අවබෝධ කරගෙන ඉන්න දෙයක් වෙන්න පුලුවන්. ඒ තමයි මේ පණිවිඩය , ඔබ මේ පණිවඩයට කැමති නැත්නම් කරුණාකර ඔබේ කේන්තිය පණිවිඩකරු මතින් යවන්න එපා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික ක්‍රමය ආශ්රිත තත්ත්වය කුමක්ද කියන එක මම මට පුලුවන් උපරිම ආකාරයෙන්, ඔබට විස්තර කරන්නයි යන්නේ. මෙයට අපි ධනවාදය කියන නම යොදනවා. මේ තුලින් මම ඔබට යම් ඉඟියක් දෙනවා අපි කුමන දිශානතියටද යොමු වෙලා තියෙන්නෙ කියන එක ගැන. මේ ක්‍රමය ඉතාම පෞරාණික යල් පැන ගිය ක්‍රමයක්. මම මගේ ජීවිතයේ ඉතාම දැඩි අසීරුතාවයට මුහුණ දීලා තියෙනවා. ඔබට කියන්න පුලුවන් මගේ මේ සුදු පාට හිසකෙස් දැක්කහම මම දීර්ඝ කාලයක් අත්දැකීම් වලට මුහුණ දුන් කෙනෙක් කියන එක. ඇත්තටම දැනට මේ මුහුණ දෙන දේවල් අත්දකින්න මම කවදාවත් බලාපොරොත්තු වුනේ නැහැ. ඔබ ප්‍රතික්ෂේප කිරීම කියන දෙයට හුරු වෙලා නැත්නම්, මම දන්නවා ඔබ අතරින් බොහෝ දෙනෙකුට ඒ තත්ත්වය එහෙමයි කියලා. මනෝ චිකිත්සකවරියක් වන මගේ බිරිඳ මට පැහැදිලි කරල දෙන්නෙත් එහෙමයි. Denial, ඒ කියන්නේ ඊජිප්තුවේ තියෙන ගඟක නමක් නෙවෙයි. නමුත් පවත්නා යම් දෙයකට, සිදු වෙන දෙයකට ප්රතිවිරුද්ධව ක්‍රියා කිරීමේ හැකියාව නොමැතිවීම තමයි ඒ. (යථාර්තයට මුහුණ දීම ප්‍රතික්ෂේප කිරීමක්). අපි බොහෝ විට එලෙස කරන්නේ මොකද ඒක ටිකක් බිය උපදවන දෙයක් නිසයි. හැබැයි ඉතින් මේක බොහොම සාමාන්‍ය මානුෂීය කාරණයක්. ඒක හරියට පොඩි ළමයෙක් වගේ. පොඩි ළමයෙක් ඉන්න තැනකට එයාට බය හිතෙන බල්ලෙක් ආවොත් එයා අත්දෙකෙන් මූණ වසා ගන්නවා. මොකද, වයස අවුරුදු 3 දි ඇය හිතන ආකාරය අනුව ඇයට ඒක පෙනුනේ නැත්නම් ඒක එතන නැහැ කියල තමයි ඇය හිතන්නෙ. එතකොට අප වටා සිදුවන දේ අපි නිසි ආකාරයට දැක්කෙ නැති වුනොත් අපිට හිතෙන්නෙ එහෙම දෙයක් එතන නෑ කියන හැඟීම. අපේ දේශපාලන නායකයින් සහ සංස්කෘතික නායකයින්, අපේ ආර්ථික නායකයින් ඔවුන් සියලුම දෙනාට පොදුවේ තියෙන අදහසක් තමයි මේක. ඊට වඩා වෙනස් අය ඉන්නෙ බොහොම සුළු පිරිසක්. මේක අපි කිව්වොත් ප්‍රතික්ෂේප කිරීම සඳහා පවතින කැපවීම තමයි මේකෙ අදහස. අද මගේ ඉදිරිපත් කිිරීමේදී , ප්‍රතික්ෂේප කිරීම ආශ්‍රිතව අප වටා තිබෙන මේ සියලු යාන්ත්‍රණ අවබෝධ කරගැනීමට, අනාවරණය කර ගැනීමට සහ ඉදිරිපත් කිරීමටත් සහ ඒ ඔස්සේ මේ සිද්ධ වෙන්නෙ මොකක්ද කියන එක පිලිබඳව ඔබට කියන්නටත් මම බලාපොරොත්තු වෙනවා. මටත් වරදින්න බැරිකමක් නෑ. අනිත් හැමෝම වගේ මටත් වැරදිම් වෙන්න පුලුවන්. ඒක තමයි යතාර්ථය. මගේ ජීවිත කාලය පුරාවටම මම මේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ධනවාදය පිලිබඳව නිරීක්ෂණය කරමින් ඉඳලා තියෙනවා. මම ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉපදිච්ච කෙනෙක්. මම අයල් කියන නගරයේ තමයි ඉපදුනේ. මම මුළු ජීවිත කාලයම ජීවත් වුනේ සහ වැඩ කලේ මේ රටේ. ඒත් මගේ ජීවිත කාලය තුළ කවදාවත් අපි දැනට මේ මුහුණදෙන වගේ තත්ත්වයක් මම කිසිම දවසක දැකල නැහැ. මම ඔබට මේ පිළිබඳ රාමු ඉදිරිපත් කරමින් මේක ආරම්භ කරන්න කැමතියි. මම හිතන්නේ ලෝක ඉතිහාසය කියන්නේ යම් අනුපිලිවෙලක්. බාධාවීම් සහිත අනුපිලිවෙලක් හෝ අනුක්රමයක්. මේක අධිරාජ්‍ය පිලිබඳ අනුපිලිවෙලක්. ග්‍රීක, රෝමානු, පර්සියානු, ඊජිප්තියානු, චීන සහ මේ ආකාරයේ තවත් අධිරාජ්‍ය තියෙන්න පුලුවන්. මේ සියලුම අධිරාජ්‍ය තුල යම් පොදු ලක්ෂණයක් තියෙනවා. ඒවා ඇති වෙලා තියෙන්නෙ සාමාන්‍යෙයන් ඊට කලින් තිබුනු අධිරාජ්‍යයේ අවසාන වීමත් සමග. ඊට පස්සෙ ඒවා කාලයත් එක්ක ටිකින් ටික පරිණාමයට, වෙනස් වීමට ලක් වෙලා තියෙනවා. සමහර ඒවා දශක කිහිපයක්, සමහර ඒවා ශතක කීපයක් පැවතිලා තියෙනවා. ඊට පස්සෙ ඒවා අභාවයට යනවා. ඒවා අවසාන වෙනවා. වඩා මෑත කාලීනව තිබිච්ච සහ වඩාත් හොඳම අධ්‍යයනය තමයි බ්‍රිතාන්‍ය ආධිරාජ්‍යය. එතනදි ඔබ ගණන් හදලා බැලුවොත් මේ ආධිරාජ්‍යය 16 වන ශත වර්ෂයේ ඉඳන් 19 වන ශත වර්ෂයේ අවසානය දක්වා ක්‍රියාත්මක වෙලා තිබෙනවා. එතකොට ශත වර්ෂ තුනක් හෝ හතරක් විදිහට ඔබ ගණන් හදලා බලන ආකාරය අනුව පෙනේවි. එතකොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මේ විදියට කැඩී බිඳී යාම අවසාන වෙන්න හේතු වුණේ මේ නිදහස් සටන. මේ බොස්ටන් අවට ඇති වේචච සටනයි. ඊට අමතරව මේ අධිරාජ්‍යයේ කොටසක් මේ විදිහට කැඩිලා ගියා. එතකොට මෙතන තියෙන වැදගත්ම පාඩම තමයි, මේ තත්ත්වය ඇති වෙමින් පවතින බව පිළිගැනීම මේ අධිරාජ්‍යය ප්‍රතික්ෂේප කළා. මේ 18 වන ශත වර්ෂය පුරාම මේ තත්ත්වය ඇති වෙමින් තිබුණා. ඔවුන් විසින් මේක ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඊළඟට 1776 දී මේ ප්‍රතික්ෂේප වීම පුපුරා ගියා. මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ තිබිච්ච කොලනි, මේවා සාපේක්ෂව කුඩා සහ නොවැදගත් කොටස් විදිහට සැලකුණා. නමුත් ඔවුන්ට ඔවුන්ගේ නිදහස දිනාගන්න අවශ්‍ය වුනා. මේ තත්ත්වයත් එක්ක සටනක් ඇති වුනා. හැබැයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ එංගලන්තයේ සිංහාසනය දැරූ තුන්වන ජෝර්ජ් අධිරාජ්‍යයාගේ පුදුමයට හේතු වෙමින්, බ්‍රිතාන්‍ය මේකෙන් පරාජයට පත් වුනා. ඒ වගේම අපි මෙතනදි අමතක කරපු කාරණයක්, මම ඔබට මතක් කරනවා 1812 දී ඔවුන් නැවත දිනාගන්න උත්සාහ කලා. නමුත් ඔවුන් නැවත වතාවක් පරාජයට පත් වුනා. ඒ තත්ත්වයත් එක්ක , මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කොටස් වලට කැඩීම ආරම්භ වුනා. ඒකෙ අවසානය වුනේ පළමුවෙනි ලෝක යුද්ධය.. මේකෙන් පස්සෙ, මතු වුනේ ඇමෙරිකානු අධිරාජ්‍යය. ඇමෙරිකානු ධනවාදය 19 වන ශතවර්ෂය පුරාම පැතිරුණා. මේකෙ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රධාන අභ්‍යන්තර පරස්පරතාවයන් ඇතිවුනා. මේවා තුලින් පසුබෑමක් ඇති වුනා. ඒ එක්ක ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන අමුතු තත්ත්වයක් මේ රටේ ඇතිවුණා, ධනවාදයකට නතු වෙච්ච ඊසාන සහ වයඹ ප්රදේශයනුත් අනෙක් අතට වහල්භාවයට නතුවූ දකුණු ප්රදේශයකුත් නිර්මාණය වුණා. ඒකෙ ප්‍රතිඵලය වුණේ ධනවාදය විසින් හිතාමතා ම මේ වහල්භාවය විනාශ කිරීම. මතක තියාගන්න, සිවිල් යුද්ධයක් තුලින් ඇති වන්නේ වන්දි ලබා දීමකින් තොරව අයිතීන් පැහැර ගැනීමක්. විශේෂයෙන්ම මේ රටේ දකුණේ තිබිච්ච ධනය පැහැර ගැනීම තමයි සිදු වුනේ.මේ ධනය තමයි වහලුන්. වහලුන් නිදහස් කිරීමක් සිදු වුනා. ඒ හේතුව නිසා මේ සුදු ජාතික ප්‍රධානීන් , සුදු හාම්පුතුන් දිලිඳු තත්ත්වයට පත් වෙනවා. මේ තුළදී පෞද්ගලික දේපල හිමිකාරිත්වය ගැන නිසි අවධානයක් යොමු වන්නේ නැහැ. ධනවාදය මගින් ඉතා ප්‍රබල ප්රචණ්ඩත්වයක් ක්‍රියාත්මක කරමින් තම තරඟකරු විනාශ කලා. ඇමරිකාවේ ධනවාදය 1870 ගණන් වල ආරම්භ වනවා .

මෙය ශතවර්ෂයක් පමණ කාලයක් ක්‍රියාත්මක වෙනවා. ආර්ථික වර්ධනයේ ශත වර්ෂයක් විදිහට මේ කාලය සලකන්න පුලුවන්. ඔබ මේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවොත් ඉතාම පුදුම සහගත දෙයක් ඔබට මේ සංඛ්‍යා ලේඛන තුළ දකින්න තියෙනවා. ඔවුන් විශේෂයෙන්ම මුල් කාලයේ කිසිම අවබෝධයක් නැතිව තමයි කටයුතු කරල තියෙන්නෙ. ඇමෙරිකාව කිසිම බාධාවකින් තොරව දිගින් දිගටම ඒ ශතවර්ෂය තුළ වර්ධනය වෙනවා 1870 ගණන් වල ඉඳලා 1970 ගණන් දක්වා. මේ සෑම දශකයකම සේවකයන්ගේ මූර්ත වැටුප් ඊට කලින් ශතකෙට වඩා ඉහළ මට්ටමකට පත් කරනවා. විශාල අවපාතයක් මධ්‍යයේ වුවත් වැටුප් ඉහළ දැමිමක් සිදු කරනවා. . ඒ වගේම ඊට වඩා වේගයෙන් ලාභය වැඩි වුණා. එතකොට මෙතන හරි අමුතු තත්ත්වයක් තියෙන්නෙ. ලෝකයේ සාමාන්‍යෙයන් දකින්න නොලැබෙන තත්තවයක් මේක. ධනවාදයට පුලුවන්කම ලැබෙනවා වැඩි ලාභ ඇති කරන්න ධනවාදී පුද්ගලයන්ට සහ අනෙක් අතට බහුතරයක් සේවකයන්ට වැටුප් වැඩි කරන්න පුලුවන්කමක් ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම මෙතනදි සුදු ජාතිකයන් විදිහට ඉපදුණේ නැති සේවකයන්ට මෙම ආකර්ෂණීය වාසිය සැලසුනේ නෑ. මෙතන ඉතාම වැදගත් වෙන්නෙ මේ චින්තනය. මොකද ඔබ මේ වගේ දෙයක් කලොත්, ධනවාදය වගේ ආර්ථික ක්‍රමයක් තුළ මේ විදිහට ඔබට ශත වර්ෂයක් පුරා ආර්ථික වර්ධනයක් දකින්න පුලුවන්. ඒ වගේම මේක එච්චරම පුදුමයට කාරණයක් නොවෙයි. මොකද, ඔබ සිතන්න පුලුවන් ඇමෙරිකාව මෙතැන ව්‍යතිරේඛයක් කියලා. මොකද, ඒ පැත්තෙන් බැලුවොත් ඇත්තටම ඒක ව්‍යතිරේඛයක් වුණා. සමහර වෙලාවට ඔබ ආගමික නැඹුරුවක් ලොකුවට තියෙන කෙනෙක් නම්, ඔබ හිතාවි සමහර විට, අනෙකුත් අයට කැමති වන මට්ටමට වඩා දෙවියන් ඇමෙරිකාවේ අයට කැමතියි කියලා. ඒ වගේම ඔබ ආගමික විදිහට හිතන්නෙ නැත්නම් ඔබ හිතාවි මෙතන මෙයට ව්‍යවසායකත්වය හේතු වුනා කියලා. මගේ මහාචාර්යවරුන් කියපු දේ තමයි ලෝකයේ තියෙන ඕනැම දෙයකට මේ විදිහට කියන්න පුලුවන් කියලා. නමුත් මේක ව්‍යතිරේඛයක්. මොකද ඇමෙරිකාවේ අයට ඔවුන් යොමු වෙලා තිබුණු අනිකුත් දේවල් මොනවා වුනත් ඔවුන්ට තිබිච්ච අවබෝධය තමයි ඔවුන් ඉන්නෙ, විශේෂිත නැත්නම් ව්‍යතිරේක තත්ත්වයක කියලා. ඒකත් එක්ක දිගින් දිගටම කටයුතු කරමින් ඔවුන් හිතන්න පටන් ගත්තා මේ විශේෂිතභාවය ඔවුන්ට උරුමයක් කියලා. ඒ අනුව ඔවුන් දිගින් දිගටම එතන ඉඳන් ඇමෙරිකානු ආර්ථිකය, අපේ සංස්කෘතිය ලෝකය පුරා අරගෙන යන්න , ඒක ලෝකයේ සංස්කෘතිය බවට පත්කරන්න පුලුවන් කියලා හිතුව. අපේ දේශපාලන ක්‍රමය, අපේ දේශපාලන මාදිලිය හොදම ක්‍රමය කියල හිතුව, අපේ හමුදාව විසින් අර පසු බෑමට ලක් වෙච්ච , විරෝධතා දක්වන පුද්ගලයන්ට ප්‍රතිචාර දක්වාවි කියලා හිතුවා. ඒ වගේම මෙතනදි ඔවුන් ඇත්තටම උමතුවකට තමයි පත් වුනේ. මම ඒ ‘උමතු බව’ කියන වචනය බොහොම පරිස්සමින් මෙතන භාවිතා කරන්නෙ. ඇත්තටම මෙතනදි යම් සලකුණු මතු වෙන්න පටන් ගත්තා, මොන සලකුණු ද කිව්වොත් වසර සියයක් තිස්සේ වර්ධනය වුණු මේ ඇමෙරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යය පිරිහීමේ සලකුණු පෙන්නුම් කරන්නට වුණා. කඩා වැටීමක් ,පසුබෑමක් , කන්දෙන් පහලට වැටීමක් සිදු වුණා. හැබැයි මෙතනදි පුදුම වෙන්න කාරණයක් නැහැ. ඒ වගේ පද්ධතියක නායකයන්, ඒ වගේ ඉතිහාසයක් තිබිච්ච නායකයන් ඉතා ප්රබලවම මේ සිද්ධ වෙච්ච සහ සිද්ධ වෙන තත්ත්වය දැඩිව ප්‍රතික්ෂේප කළා. ඔවුන් දැක්කෙ නැහැ ඔවුන් වටේ සිද්ධ වෙමින් තිබිච්ච නව ප්‍රවණතාවය, නව තත්ත්වය. පහුගිය දින කිහිපය තුළ ඇමෙරිකානු අයට විරෝධතා දක්වලා තියෙනවා. නමුත් යම් ප්රචණ්ඩත්ව මට්ටමක් සෑම දිනකම මේ රටේ කොහේ හරි ක්‍රියාත්මක වෙනවා. මේ ප්රචණ්ඩත්වය පොලිසිය විසින් පුරවැසියන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ප්රචණ්ඩත්වයක්. ඒ වගේම සමහර පුද්ගලයන් විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ට, පොලිස් කාන්තා නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් චෝදනා කරනවා. නමුත්, මේක සමාජීය සංසිද්ධියක් කියන එක ඔවුන් දකින්නේ නැහැ. මේක දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙච්ච සංසිද්ධියක් කියන එක සහ දැන් මේ සිද්ධ වෙන්නේ ඒක තවත් නරක අතට හැරීම කියන එක ඔවුන්ට අවබෝධ වෙන්නෙ නැහැ. මේ ගැටලුව එකමයි. ප්‍රතික්ෂේප කිරීමේ ගැටලුව. යතාර්ථය ප්‍රතික්ෂේප වීම. හොඳයි. එතකොට, මොකක්ද මේ ප්‍රතික්ෂේප වීම නැත්නම් ප්‍රතික්ෂේප කිරීම කියන්නෙ? අපි පටන් ගමු. මට සමාවෙන්න. මම ආර්ථික විද්‍යාවෙන් පටන් ගන්නෙ මොකද ඒක තමයි මම වඩා හොඳින්ම දන්න දේ. මගෙ මුළු ජීවිත කාලය පුරාම මම ඉගෙන ගෙන තියෙන දේ. ඉතින් මම හිතනවා මේක ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා. ඒ නිසා පලමුවෙන්ම මම හොඳින්ම දන්න දේ තමයි ඔබත් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙන්නෙ. පහුගිය අවුරුදු 40ක කාලය තුළ 1980 ඉදන් අද දක්වා කාලය තුළ දළ වශයෙන් අපි දැකලා තියෙනවා සියලුම ආර්ථික විද්‍යාඥයන් ඒ වගේම සියලුම දේශපාලන තත්ත්වයන් තුලදී මේක අවබෝධ කරගෙන සහ මේක දැක බලාගෙන ඇති බව. ඔවුන් මූලික වශයෙන්ම එකම සංඛ්‍යා මේ සඳහා භාවිතා කරනවා. ව්‍යතිරේඛයන් කිහිපයක් තමයි තිියෙන්නෙ. මොකද ගොඩක් වෙලාවට අපි එන්නෙ එකම නිගමනයට. පහුගිය අවුරුදු 40 තුළ රැඩිකල් /විප්ලවකාරී ආකාරයෙන් ධනය නැවත බෙදා හැරිමක් සිද්ධ වෙලා තියෙනවා. පහළ මට්ටමේ, මධ්‍යම මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා. ඉහළ මට්ටමට යනකොට උඩින්ම ඉන්න 10% තමයි ධනවත්ම අය. ඊළග උඩින්ම ඉන්න 5% තමයි ඊටත් වඩා ධනවත්. උඩින්ම ඉන්න 1% තමයි ඊටත් වඩා ධනවත්. උඩින්ම ඉන්න සියයට දහයෙන් එක තමයි සියලුම දෙනා අතරින් උපරිම ධනවත්. ඔබ ඔවුන්ව දන්නවා. මොකද, අපේ සමාජය තුළ අපි ඔවුන්ව ප්‍රසිද්ධියේම වර්ණනා කරනවා. මම කතා කරන්නෙ බිල්ගේට්ස් වගේ අය, ඉලොන් මාස්ක් වගේ අය, වොරන් පෆේ වගේ අය ගැන… ඔබ දන්නවා ඔවුන්ව. ඔබ ඔවුන්ව ආඩම්බරයෙන් වර්ණනා කරනවා. අපේ සංස්කෘතියට අනුව ඔවුන්ව දැනගන්නා තත්ත්වයට ඔබ පත් වෙලා තියෙනවා. ඔවුන් ඉතාම ධනවතුන් බවට පත් වෙලා තියෙනවා. උඩින් ඉන්න 10% තමයි ධනවත්ම අය වුණේ ඒ අවුරුදු 40 පුරාවටම.
එක පැත්තකින් ගත්තොත් ඔබ අවබෝධ කරගන්න ඕනි ඉතාම වැදගත් කාරණය තමයි, මේකට හේතුව. අපි අපේ බදු නිති වෙනස් කලා. අපි සංස්ථා වලින් ඒ වගේම පොහොසත් අයගෙන් බදු නිදහස් කලා. ඊට පස්සෙ අපි ඒ බදු පහල පංතියට සහ මධ්‍යම පංතියට යොමු කලා. ඒක සිදුකලේ රිපබ්ලිකන්වාදීන් විසින්. ඒ වගේම ප්රජාතන්ත්රිකවාදීන් විසින්. ධවල මංදිරයෙ හිටියෙ කවුද, එහෙම නැත්නම් කොංග්‍රසයෙ මූලස්ථාන පාලනය කලේ කවුද කියන එක ගැන මෙතන ගැටලුවක් තිබුනෙ නැහැ. ප්රජාතාන්ත්රිකයින් මේක කලේ ටිකක් වේගය අඩුවනේ. අනිත් අතට රිපබ්ලිකන් අය මේක ඉතාම කඩිනමින්, වේගයෙන් සිදු කලා. මෙතන වේගය තමයි වෙනස වුනේ. නමුත් අන්තර්ගතයේ වෙනසක් සිදු වුනේ නැහැ. මෙතනදි තවත් වැදගත් කාරණයක් තමයි මේ බදු වල වෙනස්කම් එක්ක ඇතිවුණු ප්රාග්ධනය සහ ශ්‍රමය අතර සම්බන්ධතාවය. එක පැත්තකින් ව්‍යාපාර සහ සංස්ථා. අනිත් පැත්තෙන් ජනතාව ,ඒ කියන්නෙ සේවා නියුක්තිකයන්. මම ඔබට කිව්වා වගේ මූර්ත වැටුප් ශතවර්ෂයක් තිස්සේ ඉහළට ගියා . 1870 ගණන් වල ඉදලා 1970 ගණන් දක්වා. 1970 කියන වර්ෂය ගත්තොත් දැන් ඔබට කියන්න පුලුවන් ඒ වසරෙදි තමයි ඇමෙරිකාවේ මූර්ත වැටුප් ඒ විදිහට ඉහළ යාම නැවතීම සිදු වුනේ කියල. ප්‍රධාන වශයෙන් ඉතා පැහැදිලිවම වෙනසක් මේ තුලින් ඇති වුණා. මොකක්ද මේ මූර්ත වැටුප කියන්නෙ? ඒ කියන්නෙ ඔබට ලැබෙන මූර්ත වැටුප ඔබ ගෙවනු ලබන මිලත් එක්ක ගලපා තිබෙන වැටුප විදිහට මේක සියයට 10කින් ඉහල ගියොත් මම හිතන්නෙ ඔබට හොඳයි කියලා හිතේවි. හැබයි ඔබ ගෙවන මිල ප්‍රමාණයත් සියයට දහයකින් ඉහල ගියොත් එතනදි වඩා හොඳ තත්ත්වයක් ඇති වෙන්නෙ නැහැ. ඔබ ගෙවන්න ඕන මිල මුදලුත් සියයට දහයකින් ඉහළ යනව කියන්නෙ ඔබට මේ සියයට දහයක් වැටුප් වැඩි වුනා කියල හොඳ තත්ත්වයක් ඇති වෙන්නෙ නැහැ. මොකද, ඔබට ඒ වැටුප් වැඩි වීම නැති වුනත් මේ මිල ගණන් ඒ සමග ගැලපිලා තියෙනවා. අපි දන්නවා ආර්ථික විද්‍යාවෙදි අපි මුදලින් ලබන වැටුප කියන එක භාවිතා කරන්නෙ නැහැ. අපි මූර්ත වැටුප කියන එක තමයි භාවිතා කරන පදය. මූර්ත වැටුප කියන්නෙ ඒ වැටුප තුළින් ඔබට මිලදී ගැනීමට ඉඩ සලසන්නෙ මොනවාද කියන කාරණය. භාණ්ඩ හා සේවාවන් ආහාර, ඇදුම්, වාසස්ථාන, අධ්‍යාපනය, සෞඛ්‍යය රැකවරණය, සහ ඒවාගේ දේවල්. සේවකයන් 1870 ඉදන් 1970 දක්වා මුදලින් ලබන වැටුප ඉහළ ගියා. එතකොට ඒ අනුව ඔවුන්ට මිලදී ගන්න පුලුවන් මට්ටමට වඩා ඔවුන් ඇත්තටම වැඩිපුර දේවල් ගත්තා. 1970 ගණන් වලදි මේ තත්ත්වය නැවතුණා. ඒක නැවත කවදාවත් ඇති වෙලා නැහැ. අපි ඇමෙරිකානු වැඩ කරන පන්තිය විදිහට අද අපි අපට මිලදී ගන්න පුලුවන් දේවල් එක්ක අපි උපයන ප්‍රමාණය ගත්තොත් සාමාන්‍ය ඇමෙරිකානු සේවකයෙක් 1978 මිලදී ගත්ත ප්‍රමාණයම තමයි අදත් මිලදී ගන්නෙ. මූර්ත වැටුප් ඉහළ යාමක් තවදුරටත් සිද්ද වෙන්නෙ නැහැ කියන කාරණය ඔබ ඔලුවට ගන්න. ශතවර්ෂයක් පුරා ඉතා ඉහළ මූර්ත වැටුප් වැඩිවීමක් බුක්ති විඳපු රටක් දැන් තියෙන තත්ත්වයට මුහුණ දෙද්දී ඒ වගේ රටකට මේක ඉතාම කම්පන සහගත ඛේදනීය සිදුවීමක්. කොහොම වුණත්, ඇමෙරිකා එක්සත් ජනපදය මේ තත්ත්වය හසුරුවා ගත්තෙ කොහොමද? අන්න නැවත ඔවුන් මේක ප්‍රතික්ෂේප කරනවා. මම මේ දැන් කියපු දේ ඔබ කී දෙනෙක් දන්නවාද, ඔබ අවබෝධ කරගෙන තියෙනවද කියලා අහලා මම ඔබ ලැජ්ජාවට පත් කරන්නෙ නැහැ. ඔබ ඔබේ හිතින් ප්‍රශ්න කරල තියෙනවාද මෙන්න මේ වගේ වැටුප් වැඩි වීමකට දීර්ඝව හුරු වෙච්ච ජනතාවකට තව දුරටත් ඒ තත්ත්වය නැති වෙනකොට මොන වගේ ප්‍රතිඵලයක් ඇතිවෙයිද , මොන වගේ ප්‍රතිචාරයක් ඇති වෙයිද කියන ප්රශ්නය.ඒ කාලය තුළ හෝ ඒ ඉදන් මේ දක්වා මේ රට තුළ අපි මේ පිලිබඳව කරන්නෙ මොකක්ද කියන එක පිලිබඳව සාකච්ඡාවක් හෝ විවාදයක් ඇති වෙලා නැහැ. ගොඩක් වෙලාවට ඔබ මේ සියලුම දේට වඩා සමීප වෙන තරමට අපැහැදිලි විදිහට ප්‍රතිචාර දක්වනවා. බලන්න, මධ්‍යම පංතියේ අය, මධ්‍යම පැලැන්තිය බොඳ වෙවී යනවා, වියැකී යනවා කියලා සමහරු කිව්වා. සමහරු කිව්වා මේකට හේතුව , සකල ලෝක ධාතුවට අයිති යම් හේතුවක් කියලා , එහෙම නැත්නම් යම් ආගන්තුක දේවල් නිසා මේක මෙහෙම වෙන්න පුලුවන්, කවුද දන්නෙ මොකක් හින්දා වෙනවද කියලා. එහෙමයි කිවුවේ. ඒ වගේම මේක උනේ ඇයි සහ ඒකෙ ප්‍රතිඵල මොනවද කියන එක ගැන කිසිම ආකාරයක විශ්ලේෂණයක් වුණේ නැහැ. නැහැ, නැහැ, කිසිම බරපතල විශ්ලේෂණයක්, සිතා බැලීමක් වුණේ නැහැ. නමුත් මම දැන් ඔබට කියන්න යනවා මේකෙන් ඇති වෙච්ච ප්‍රතිඵල කීපයක් මොනවද කියලා. පලවෙනි එක, ගොඩක්ම වැදගත් එක තමයි සමාජීය ප්‍රතිඵල. කාන්තාවන්, විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් ඔවුන්ගේ ගෙවල් වල ඉන්න එක අවසන් කරලා එලියට ආවා. ඇමෙරිකානු ඉතිහාසයේ මුල් කාලයේ ඔවුන්ට දේපල තහනමක් පැවරිලා තිබුණා. නමුත් ඔවුන්ට එලියට බැහැලා ශ්‍රමය සපයලා වැටුප් උපයන්න සිද්ධ වුණා. මීට කලින් මේවාගේ වැඩ කලේ කළු සහ දුඹුරු (තලෙළු ) කාන්තාවන් විතරයි. එතකොට මේ සුදු ජාතික අය අතරින් දිළිඳුම අය විතරයි, මොකද ඔවුන්ට ඒ විදිහට කරන්න සිද්ධ වුණ නිසා. දැන් සියළුම බිරින්දැවරුන්ට, අම්මාවරුන්ට සුදු ජාතික අයට මේ විදිහට වැඩ කරන්න යන්න ඕනා. එහෙම නැති වුණානම් මේ වර්ධනය ඒ කියන්නෙ ඇමෙරිකාවෙ වර්ධනය පිලිබඳ මායාව, මේ දක්වා අත් විඳපු තත්ත්වය පිළිබඳ මේ උන්මාදය පවත්වා ගෙන යන්න ඔවුන්ට වෙනත් කිසිම විකල්පයක් තිබුණේ නැහැ. හිතේ තිබිච්ච මේ මායාව දිගින් දිගටම පවත්වා ගන්න වෙන විදිහක් ඔවුන්ට තිබුණෙ නැහැ. කළින් ශතවර්ෂයේ ඔවුන් මුහුණ දීපු දේ නැවත පවත්වා ගැනීමට මේක අවශ්‍ය වුනා. දෙවෙනි කාරණාව තමයි ඉතාම වැදගත්. දෙවෙනි කාරණාව තමයි ඇමෙරිකානු ජාතිකයින් යථාර්ථය අවබෝධ කර ගන්න පටන් ගැනීම. ඒ කියන්නෙ තවදුරටත් වර්ධනයක් ඇති කරගන්න සහ විශේෂයෙන්ම ඔවුන්ගේ පරිභෝජනය ඉහළ නංවා ගන්න ඔවුන් විශ්වාස කරපු විදිහට ඔවුන්ට ඇමෙරිකානු අයගේ අත්දැකීම් එක්ක උරුම වෙලා තිබිච්ච ඒ පරිභෝජනය ඒ ක්‍රමවේදය දිගින් දිගටම පවත්වාගන්න ඔවුනට තියෙන එකම විදිහ නම් තමන්ගේ බිරින්දෑවරුන් වැඩට යැවීමට අමතරව, එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක සේවකයෙන් විදිහට වැඩක් කිරීමට අමතරව, ඔබට නැවත වෝල්මාට් (ඇමෙරිකානු බහුජාතික සමාගම් ජාලයක්) එකක ගිහිල්ලා ඒකෙ පාරිභෝගිකයන් පිලිගන්න කෙනෙක් විදිහට කටයුතු කරන්න පුලුවන්. ඊට අමරතව එහෙම නැත්නම් ඔබට පුලුවන් මුදල් ණයට ගන්න. 1970 ගණන් වල ඇමෙරිකාවේ බැංකු තීරණය කළා කවදාවත් මුදල් මීට කලින් ණයට දීපු නැති පාරිභෝගිකයන්ට දැන් ඔවුන් ණය දිය යුතුයි කියලා. වෙනත් වචන වලින් කිව්වොත් ණය කාඩ්පත ඒ කාලෙ වෙනකම් ඇමෙරිකන් එක්ස්ප්‍රස් විදිහට ඇමෙරිකාවේ පොහොසත් අයගෙ, ව්‍යාපාරිකයන්ගෙ අතේ විතරයි තිබුණෙ. ඊට පස්සෙ දැන් මේක සමාජගත වුණා. හැමෝගෙම පර්ස් එක ඇතුලෙ මුදල් පසුම්බිය ඇතුලෙ මේ ප්ලාස්ටික් කාඩ්පත් පිරිලා තිබුණා. ඒවා හිර වෙලා තිබුණා. එතකොට, ඇමෙරිකානු වැඩ කරන පැලැන්තිය 1970 ඉඳන් මේ දක්වා ගත්තු ණය එකතු වුණා. ඊට පස්සෙ අපි ණයගැති සමාජයක් බවට පත් වුණා. මීට කලින් කවදාවත් අත් නොවිඳපු විදිහට අපි ප්‍රමුඛයින් බවට පත් වුණා; ඇමෙරිකාවෙ බටහිර පැත්තට යන සත්වයින් යෙදූ විශාල වෙළඳ වාහන සම්බන්ධයෙන් නෙවෙයි, නමුත් අපි අපේ මුදල් පසුම්බිය තුළ ප්ලාස්ටික් ගොඩ ගසා ගැනීමේ ප්‍රමුඛයින් බවට පත් වුණා. මේ පරිභෝජනයේ වර්ධනය වීම ,පරිභෝජනයට අදාල සියලු වැඩි දියුණු විම්, පහුගිය අවුරුදු 40 පුරා ඇති වෙච්ච වර්ධනය පදනම් වෙලා තියෙන්නේ කාන්තාවන්ගේ ශ්‍රමය මත. කාන්තාවන්ගේ ඉපයීම් මත සහ ණය මත. පවුල් සංකීර්ණ ආයතන බවට පත් වෙලා තියෙනවා. ඔවුන් අමාරුවෙන් තමයි නොනැසී පවතින්නෙ. මට තව වැඩි කාලය තිබුණා නම් වැඩිපුර ඒවා පැහැදිලි කරන්න තිබුණා. අපේ රටේ තමයි ලෝකයේ ඉහළම දික්කසාද අනුපාතය තියෙන්නෙ. අපි අපේ පවුල් වලට ලොකු පීඩනයක් ඇති කළා. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඒ පීඩනය දරාගෙන ඉන්න අමාරු වුණා. ඇමරිකාවේ කාන්තාවන් ගොඩක් මනෝ රෝග ආශ්රිත බෙහෙත් භාවිතා කරනවා මේ ලෝකෙ වෙනත් කිසිම ජාතියක් භාවිතා නොකරන ආකාරයට. (විශාදිය වැනි පීඩන තත්ත්වයන් පාලනය කර ගැනීමේ ඖෂධ )ඇයි ඒ? මොකක්ද හේතුව? මොකද ඒ ගොල්ලො මේ බෙහෙත් වලට ඇබ්බැහි වෙච්ච අය හින්දද? නැහැ, අපි ඔවුන්ට දරාගත නොහැකි පීඩනයක් එල්ල කරපු නිසා. ඔවුන්ට පීඩනය දරා ගත නොහැකි වුනා. ඊට පස්සෙ පවුල් පුපුරා ගියා. මොකද, මව තමයි ගොඩක් පවුල් එකට එකතු කරල තියාගත්තෙ. චිත්තවේගීය පැත්තෙන් පවුල් බැඳීම් සෞඛ්‍ය සම්පන්නව පවත්වාගත්තෙ. නමුත් මේ වන කොට පවුලෙ අම්මා නැත්නම් කාන්තාව ඇගේ ස්වාමි පුරුෂයා වගේම වැඩ කරලා අධික වෙහෙසට පත් වෙලා තමයි ඔවුන්ගේ වැඩ පැය ගණන ඉවර වෙලා නැවත ගෙදරට එන්නෙ. එතකොට මේ අධිරාජ්‍ය පදනම දෙදරා යාම ආරම්භ වෙලා තිබුණා. ඇමෙරිකාවේ වැඩ කරන පැලැන්තිය මෙතනදි වැඩිපුර ණය ගැනීම ගැන හිතුවා. ඇමෙරිකානු වැඩ කරන පන්තියත් එහෙමයි හිතුවෙ. අපි ණය ගන්නවා. ණය ගන්නවා නම් ඒ සඳහා රජයේ සහායත් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් උකස් කිරීමේ/ ඇප ක්‍රමයට ඔවුන් බිලිවෙනවා. ඔබ මේ උකස් ක්‍රමය / ඇප ගැන වැඩිපුර ඔබ දන්නෙ නැත්නම් ඔබට කියන්න තියෙන්නෙ මේ පීඩනකාරී තත්ත්වය ඇති වන තෙක්, මේ වැඩ කරන පැලැන්තියේ අයට කවදාවත් ගෙවල් මිලදී ගන්න උකස් ණය / ඇප ලබා දුන්නෙ නැති බවයි. මේ දැඩි පීඩනය එල්ලවන තෙක් එහෙම වුනේ නෑ. අපට මේ දැඩි පීඩනයෙන් එලියට යන්න අවශ්‍ය නිසා රජය මේ පියවර ගත්තා. මේ උකස් ක්‍රමයට ඉඩ දීලා. එතකොට, බැංකු වලට අවදානමකින් තොරව ණය ලබා දෙන්න පුළුවන්කම තිබුණා. එහෙම නැත්නම් ඔවුන් ඒ විදිහට ණය දෙන එකක් නැහැ. එතකොට ඇමෙරිකානු ගෙවල් හිමිකරුවන්ගේ සංගමය රජයේ නිමැවුමක් බවට පත් වුණා. ඒක තවදුරටත් පෞද්ගලික ව්‍යවසායක් නෙවෙයි. මොකද ඔවුන් මුලදී මේවා කරන්න බියෙන් පසුවුනා. දැන් ඔවුන් ඉතාම කෑදරකමින් යුතුව ඒ කටයුතු වල නිරත වුණා. ගෙවල්වලට ණය ගෙවන්න වුනා. වාහන වලට ණය ගෙවන්න වුනා, වැඩ කරන පන්තියට මේවා දරාගන්න බැරි වුනා. ඊට පස්සෙ ණය කාඩ්පත්, ක්‍රෙඩිට් කාඩ්පත් ආවා. ඒකෙන් හැම දේම මිලදී ගන්න පුලුවන්. ඊට පස්සෙ පහුගිය අවුරුදු 20 තුළ නව ණයක් එකතු වෙලා තියෙනවා. ඒක පහුගිය අවුරුදු 20 එකතු වුණ අලුත් ණයභාවයක්. ඒක තමයි මේ පාසල් ගාස්තු. එතකොට මේ තත්ත්වයත් එක්ක පවුල් ඔවුන්ට දරා ගත නොහැකි මට්ටමේ ණයගැතිභාවයක ගිලෙමින් ,මියැදෙමින් පැවතුණා. මොකද, මේ තියෙන වැටුප් පරිමාණයන් ඉහළ යාමක් සිද්ධ වුණේ නැහැ. ණය පමණයි ඉහල ගියේ. මට ආර්ථික විද්‍යා පීඑච්ඩී එකක් තිබුනට, මේ තත්ත්වය තේරුම් ගන්න ආර්ථික විද්‍යාවට පීඑච්ඩී එකක් ගැනීම අවශ්‍යම නෑ. ඇත්තටම ඔවුන් ණයෙන් මුදවන්න පුලුවන් තරමට මේ වැටුප් මට්ටම ඉහළ ගියේ නැහැ.. ඒකත් එක්ක ණය එකතු වීමට ඉඩ හරින්න බැහැ. මොකද, අධිරාජ්‍යයේ පදනම කැඩී බිඳී යාම ආරම්භ වෙලා තිබුණා. එහිදී ණයගැනිම් කෙරෙහි වැඩියෙන් යොමු වෙනවා. ඒ නිසා තමයි 2008 දී ණය ක්‍රමය/පද්ධතිය පුපුරා යන්නෙ. අර අධිරාජ්‍යය සුණු විසුණු වී යනවා . මේ ක්‍රමය වඩාත්ම අසමානතාවයන් කෙරෙහි තුඩු දෙන ක්‍රමයක්. ඒ ක්‍රමය මේ පහුගිය අවුරුදු 40 තුළ වැඩිවුණා පමණක් නොවෙයි, වැටුප් වැඩිවීම නැවතීමත් එක්ක ඇත්තටම සේවකයන්ගේ ආදායමට මොකද වෙන්නෙ? වැටුප් වැඩිවීමක් සිද්ධ වෙන්නෙ නැහැ. හැබැයි ඔවුන්ගේ ඵලදායිතාවය ඉතා වැඩි මට්ටමකට පත්වෙනවා. පහුගිය අවුරුදු 40 තුළ පරිගණක භාවිතයේ ඉහළ යාමක් ඇති වෙනවා. ඒකත් එක්ක ඔවුන් වඩා ඵලදායී ආකාරයකට කටයුතු කරනවා. පරිගණක, රොබෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය මේ සියල්ලත් එක්ක සේවකයන්ගේ ඵලදායිතාවය ඉතාම ඉහළ මට්ටමකට පත්වෙද්දි වැටුප් එක මට්ටමක පවතිනවා. සේවකයන්ගේ ඵලදායිතාවය ඉහළ යනවා. ඔවුන්ගේ වැටුප් එකම මට්ටමේ තියෙනවා. වැටුප් කියන්නෙ හාම්පුතා අපට ලබා දෙන දේ. ඔබේ ක්‍රියාකාරකම් කියන්නෙ ඔබ සේවා යෝජකයාට ලබා දෙන දායකත්වය. එතකොට, ඔබට හාම්පුතා ලබා දෙන දේ එකම මට්ටමේ පවතිනවා නම් සහ ඔබ හාම්පුතාට ලබා දෙන දේ ඉහළ යමින් තියෙනවා නම් ඔබට අනුමාන කරන්න පුලුවන්ද ඒ වගේ තත්වයක් තුළ කුමක් සිදුවනවාද කියලා. මෙතනදි ඇති වන්නේ අසමානතාවයක් .ඔබ ඔබේ සියලුම යෙදවුම්, සියලුම ශක්තින් එක කුඩා පුද්ගල පැලැන්තියක් වෙත යොමු කරනවා. එතනදි හාම්පුතුන් ප්‍රමාණය ඉතාම අඩුයි, ජනගහනයෙන් සියයට එකක් දෙකක් තුනක් වගේ කුඩා ප්‍රමාණයක් වෙත ඔබ ඔබේ සේවය දායක කරනවා. එතකොට ඔවුන්ට එහි ප්රතිලාභ සැලසෙනවා. කොවිඩි 19 වසංගත කාලය තුළ පවා මේ අසමානතාවය තවත් වැඩි වුනා. ඒ තත්ත්වය තවත් නරක අතට හැරුණා. ඉතින් අවුරුදු 40ක් තිස්සේ සියලුම දේ අහිමි වුන තත්ත්වයක් එක්ක අපි මේ වැඩ කරන ජනතාවට මොනවද ලබා දුන්නෙ? අවුරුදු 40 ක් තිස්සෙ ඔවුන්ට හැම දෙයක්ම නැති වුනා. ඔවුන්ගෙ පවුල් කැඩී බිඳී ගියා. ඇමෙරිකානු සමාජය තුළ ඔවුන්ට තිබූ ස්ථාවරය, ඔවුන්ගේ තත්ත්වයන් පිරිහී ගියා. ඔවුන්ගේ ධනය ඔය සියලුම දේ, ඔවුන් හොඳ තත්වයක ඉන්නවා කියන හැඟීම, සියල්ල ඔවුන්ට නැති වෙලා ගියා. ඊට පස්සෙ ඔවුන් කොවිඩ් 19 වසංගතයේ බලපැමට ලක් වුනා. ඊට පස්සෙ උද්ධමනය කියන ගැටලුවට ලක් වුනා. දැන් මේ පොලී අනුපාතයන් ඉහළ යාම කියන ගැටලුවෙන් ඔවුන් බැට කමින් සිටිනවා. දැන් මම , ඔබ බියට පත් වෙයි කියලා හිතෙන දෙයක් කියනවා. මොකද මම මේ දක්වා කියපු කාරණා එක්ක බලද්දි ඇත්තටම මේ වෙන කොටත් ඔබ බියට පත් වෙලා තමයි ඇත්තේ. ඉතිහාසය තුලින් අපට උදාහරණයක් ගන්න පුලුවන්. අපේ රටේ සිද්ධ වෙන ආකාරයට සමාන පරිමාණයකින් වසර කිහිපයක් ආර්ථික පසුබෑමකට ලක් වන තවත් මේ වගේ වැඩ කරන පැලැන්තියක් පිලිබඳව තමයි මේ උදාහරණය. ඒ තමයි ජර්මනිය. මේක මෙන්න මේ විදිහටයි සිද්ධ වෙන්නේ. 19 වන ශතවර්ෂයේ 2 වන භාගය තුළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පිරිහිමත් සමග. තරඟකාරීත්වයට පිවිසුණේ ඇමෙරිකා එක්සත් ජනපදය විතරක් නෙවෙයි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙනුවට නැගී සිටින්නට උත්සාහ කරපු තවත් රටක් තමයි ජර්මනිය. පළමුවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජයට පත් වුණා. බ්‍රිතාන්‍යය තමන්ගේ මිතුරු රාජ්‍යයන් එක්ක ජර්මනිය පරාජයට ලක් කළා. ඔවුන් මේ තරඟයෙන් ඉවතට තල්ලු කරනු ලැබුවා. ඔවුන් සියලුම දෙනා මේ තරඟයෙන් අතුගා දැමුණා. ඒක තුළ අවසානයේදී හානිපූරණ අවශ්‍යතා මතුවුනා. හැබැයි ඔවුන්ට හානිපුරණය සිදු කරන්නට බැරිඋනා.19 වන ශතවර්ෂය පුරාම ජර්මනියේ වැඩ කරන ජනතාව, වැඩ කරන පැලැන්තිය වැඩි දියුණු වෙමින් තිබුණා. ඇත්තටම ඔවුන් ඉතාම අලුත් ලෝකයක් නිර්මාණය කරන තරමට ප්රබලව ඉස්මතු වුණා. ජර්මානු භාෂාවෙන් මේක REICH නමින් හඳුන්වනවා. ඒක ජර්මානු අධිරාජ්‍යය වගෙයි. ඔවුන්ට ආසියාවේ, අප්‍රිකාවේ නොයෙක් භූමි යටත් විජිත වශයෙන් තිබුණා. ඒ සියලු දේ විනාශ කරනු ලැබුවා. නොසිතූ විරූ ආකාරයෙන් 1914 සහ 1918 දී ජර්මනිය පරාජයට ලක් කරලා, අධිරාජ්‍යයක් බවින් ඉවත් කෙරුවා. මේක හරියටම කිව්වොත් බ්‍රිතාන්‍යය විසින් ජර්මනියෙන් ඒ යටත් විජිත ඉවත් කරගෙන ඒවා බ්‍රිතාන්‍ය යටත්විජිත බවට පත් කරගත්තා. ජර්මනිය සඳහා තිබුණු සියලුම දේ විනාශ කරනු ලැබුවා. ඒක ජර්මනියේ වැඩ කරන පැලැන්තියට කම්පනයක් ඇති කරන තත්ත්වයක් බවට පත් වුනා. ඒක අවසන් වුනේ 1918 පරාජයක් එක්ක. අවුරුදු 4ක් තුළ 1923 , 22 වගේ කාලයේදී, ලෝකයේ බටහිර කලාපයේ අනෙකුත් රටවල් හා සාපේක්ෂව බැලීමේදී ,මෑත කාලීනව මුහුණ දෙනු ලැබූ ඉහළ උද්ධමනයක් පිලිබඳ අත්දැකීම් තිබුණු රටක් තමයි ජර්මනිය කියල කියන්නෙ. විශේෂයෙන්ම , නවීන වකවානුව තුළ මාස 9ක කාලසීමාවක් තුළ ජර්මනියේ මුදල් ඒකකය ඩොයිෂ් මාක් ඒකකය ඩොලරයට සාපේක්ෂව ඩොයිෂ් මාක් හයේ වටිනාකමේ සිට ඩොයිෂ් මාක් ට්‍රිලියන හතරක් දක්වා වෙනස් වුනා .මිල ගණන් දිනපතා, සතිපතා දෙගුණ තෙගුණ වුණා. දවසේ හැම පැයක් ගානෙම මේ මිල ගණන් වෙනස් වීම සිදු වුණා. ජර්මානු පවුල් ඉතා විචක්ෂණශීලී ආකාරයට කටයුතු කරන පිරිසක්. එම පවුල් විසින් එක්රැස් කරගෙන තිබුණු මුදල් ඉතුරුම් ඔක්කොම විනාශ වෙලා, අවසාන වෙලා, අතු ගෑවිලා ගියා. බටර් පවුම් කාලක් මිලදී ගන්න විතරයි පරම්පරා 6ක ඉතුරුම් ප්‍රමාණවත් වුණේ.
ඔවුන් විනාශයට පත් වෙලා හිටියෙ. අවුරුදු 5කට පස්සෙ 1929 මුල් කාලයේදී ප්‍රබල ආර්ථික අවපාතයකට මුහුණ දුන්නා. එය ඉතාමත් ප්‍රබල, දරාගන්නට බැරි මට්ටමකට පත් වුනා. විශේෂයෙන්ම වැඩ කරන තැනැත්තන්ට දරාගන්න නොහැකි මට්ටමේ එකක් වුනා. ජර්මනියේ වැඩ කරන පැලැන්තිය ඉතා ඉහළ අධ්‍යාපනයක් සහිත, ඉතා ඉහළ ඵලදායිතාවක් සහිත ඉතා ප්‍රගතිශීලීව වැඩ කරන පැලැන්තියක් යුරෝපයේ අනිත් රටවල් හා සාපේක්ෂව අවිවාදයෙන්ම.

ඔවුන්ට මේ තත්ත්වය දරා ගන්නට බැරි මට්ටමට පත් වුනා. 1932 දී මේ ජර්මානු ජාතිකයන් තමන් මුහුණ දෙන තත්ත්වයත් එක්ක දැඩි බලපෑමකට ලක් වුණා. ඒ නිසා ඔවුන් තීරණය කරනවා කළු උඩු රැවුලක් තියෙන පුංචි ඕස්ට්‍රියානු ජාතික පුද්ගලයෙකුට සහයෝගය දක්වන්න. ඔහු නමින් ඇඩල්ෆ් හිට්ලර්ය. සුදු ජාතිකයින්ගේ ශ්‍රේෂ්ඨත්වය නැවත මතු වීමක් සිද්ධ වීම පිලිබඳව පුදුමයට පත් වෙන්න එපා. ඒක පිලිබඳව අපිට ට්‍රම්ප් වගේ චරිත මෙතනදි උදාහරණයට ගන්න පුලුවන්. අපි ජීවත් වෙන්නේ ඇත්තටම තාමත් එකම කණගාටුදායක වටපිටාවක් තුළමයි. ඒ කියන්නෙ ප්‍රතික්ෂේප කිරීම. තමන් උපකල්පනය කරන දෙයෙහි පදනම ජනතාවට පැහැදිලි නොකිරීම. අවංකව යම් තත්ත්වයක් නැති වී යාම, පලුදු වීම, එයින් අදහස් වන්නේ කුමක්ද කියන කාරණා අවබෝධ කරගැනීමට මැලි වීම. අපි අධිරාජ්‍යයක් විදිහට ඉහළ මට්ටමේ ඉදලා ඊට පස්සෙ පහළට ඇද වැටීම් සිදුවෙද්දී ඒ කාරණාවන් පිලිබඳව පැහැදිලි අවබෝධ වීමක් නැහැ. අපි ඉතාම ගැටළුකාරී තත්ත්වයටක මුහුණ දෙනවා. මම උදාහරණ දෙක තුනක් කියලා ඉතිරි ටිකට යන්නම්.
පහුගිය අර්ධ ශතකයක කාලය තුළ අපට ඉතාම හොඳ ප්රතිලාභ සැලසිලා තියෙනවා. එක කාරණයක් තමයි ජාත්‍යන්තර මුදල් ඒකකය. එක මුදල් ඒකකයක් තමයි තිබුණෙ. ඇමෙරිකානු ඩොලරය. අන්න ඒ නිසයි ඒක රත්තරන් වගේ වටින්නේ. මොකද, ක්‍රියාත්මක වෙන්නෙ රත්තරන් වගේ ක්‍රමයකට. හැබැයි දැන් ඒ තත්ත්වය ඉවරයි. යුක්රේනය මේ ක්‍රියාවලිය වේගවත් කරල තියෙනවා. චීනය, රුසියාව, දැන් සවුදි අරාබිය, ඉරානය, වෙනිසියුලාව සහ තවත් බොහොමයක් රටවල් විසින් වෙනත් ජාත්‍යන්තර මුදල් ඒකක වෙත යොමු වෙනවා. ඇත්තටම ඔබ පුදුමයට පත් වෙන එකක් නෑ ඒ මොන මුදල් ඒකකයද කියලා. ඒ තමයි මහජන චීන සමූහාණ්ඩුවේ මුදල් ඒකකය. එක්සත් ජනපද අධිරාජයේ බිඳ වැටීමේ සලකුණ පෙන්නුම් කිරීම හා සමගාමිව ගැලපෙමින් චීනය තුළ අධිරාජ්‍යයක නැගී සිටීම පෙන්නුම් කරනු ලබනවා. ඔබ කැමති නැති වේවි ඒ තොරතුරට. ඔබ ටිකක් ඒකෙන් හිත අවුල් කරගන්න පුලුවන්. දුකට පත් වෙන්න පුලුවන්. ඒක ඔබේ ගැටලුවක්. නමුත් දැන් තියෙන ඉඩකඩ මොන වගේද කියල බැලුවොත් මම ඔබට සංඛ්‍යා ලේඛන ටිකක් ඉදිරිපත් කරන්නම්. මම ආර්ථික විද්‍යාඥයෙක්. ආර්ථික විද්‍යාඥයන් විදිහට අපි කරන එක දෙයක් තමයි, අපි ආර්ථිකයක ප්‍රමාණය දිහා බලනවා. ඒ තුලින් අපි සාපේක්ෂ ආර්ථික බලය මනිනවා. අපි මෙතනදි මූලික සංඛ්‍යා දිහා බලනවා , අනෙක් සංඛ්‍යා වගේම නමුත් ඒ තුලින් ඔබට යම් අදහසක් ලබා ගන්න පුලුවන්. මේකට අපි කියන්නෙ GDP කියල. ඒ කියන්නෙ දළ දේශීය නිෂ්පාදනය කියන එක. ඒක තුලින් කිසියම් කැලැන්ඩර් වර්ෂයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පිලිබඳ මැන බලනවා. ඒ තුලින් අපට සහායක් සැලසෙනවා. අපි මේක මනිනවා. මේ ලෝකයේ තියෙන හැම රටක්ම මේ විදිහට මනිනවා. ඒකට සාපේක්ෂව ආර්ථිකයේ ප්‍රමාණය අපට මැනගන්න පුලුවන්. දැන් අපි සංසන්දනය කරමු රටවල් තුනක්. රුසියාව, චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය. ඒ තුලින් ලෝකයේ තත්ත්වය හා සාපේක්ෂව ඔවුන්ගේ ආර්ථික බලය, ආර්ථික ධනය සහ ආර්ථික පාසටහන් වල තත්ත්වය අපි සංසන්දනය කරලා බලමු. ඔබට මේකෙදි යම් අදහසක් දෙන්න කැමතියි, ඔබ මේක දැනගෙන හිටියෙ නැත්නම් පොඩ්ඩක් හිතන්න මොකක්ද මේකෙන් අදහස් වෙන්නෙ කියලා. මම රුසියාවෙ තත්ත්වයත් එක්ක පටන්ගන්නම්. රුසියාවේ පහුගිය වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතය ගත්තොත්, ඒක ඩොලර් ට්‍රිලියන එකහමාරක වගේ ප්‍රමාණයක්. ඇමෙරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය ගිය වසරේ ඩොලර් ට්‍රිලියන 21ක්. එතකොට ඔබට අවබෝධ වෙනවාද රුසියාව කවදාවත් සහ දැන්වත් ඇමෙරිකා එක්සත් ජනපදයේ බරපතල ආර්ථික තරඟකරුවෙක් වෙලා ඉඳල නැහැ. කවදාවත් එහෙම වෙලා නැහැ. දැනුත් එහෙම වෙලා නැහැ. අඩුගානෙ ආසන්නයටවත් ඇවිල්ලා නැහැ. ඔවුන්ට අපිට බය වෙන විදිහේ න්‍යෂ්ඨික අවි ආයුධ තිබුනා වෙන්න පුලුවන්. ඒ වාගේම ඔවුන්ට දේශපාලනික බලපෑම් හැකියාව තිබුණා වෙන්න පුලුවන්. ආර්ථික ඒකකයක් වශයෙන් මම මේ ඔබට ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛන ප්‍රතික්ෂේප කරපු එකම පිරිසට ඒක විශ්වාස කරන්න පුළුවන් වුණා. රුසියාවට ඩොලර් ට්‍රිලියන එකහමාරක දල දේශීය නිෂ්පාදිතයක් තියෙනවා. ඇමෙරිකාවට විසි එකක්. ඔබට පේනවා කාටද වඩා විශාල පසුතලයක් තියෙන්නෙ කියලා. රුසියාවට වඩා බ්‍රිතාන්‍යයට තමයි එවැනි තත්ත්වයක් තියෙන්නේ. ඇමෙරිකාව බ්‍රිතාන්‍ය, ප්‍රංශය,ජර්මනිය සහ ඉතාලිය සහ බොහෝ රටවල් එක්ක මිත්‍ර පාර්ශ්ව ගොඩනගා ගෙන තියෙනවා රුසියාවට එරෙහිව. අපි ඒවා ඔක්කොම ගත්තොත් ඩොලර් 30ක් 35ක් වගේ. රුසියාවට එරෙහිව ඩොලර් ට්‍රිලියන 30ක් හෝ 35ක් වගේ ප්‍රමාණයක් විදිහට ගන්න පුලුවන්. රුසියාවට තිබුණෙ ඩොලර් ට්‍රිලියන එකහමාරයි. ඉතින් ඔබ මොකක් ගැනද මේ කතා කරන්නෙ. යුද්ධය ගැනද? ඩේවිඩ් සහ එලයිව් අතර යුද්ධයද? කවුරු මොන භූමිකාව දරනු ඇති කියල ඔබට සතුටු වෙන්න පුලුවන්ද? මේක පිලිබඳව පොඩ්ඩක් හිතන්න. දැන් චීනය ගමු. චීනයේ දළ දේශීය නිෂ්පාදිතය මොකක්ද? ඔබ සූදානම්ද ඒක අහන්න. ඒක ඩොලර් ට්‍රිලියන දහහත හමාරක්. චීනය තරඟකාරිත්වයෙන් ඉන්නවා. තරඟයක් දෙනවා. රුසියාව නෙවෙයි. චීනය තමයි තරඟය දෙන්නෙ. නැගී එන අධිරාජ්‍යය තමයි චීනය. රුසියාව නෙවෙයි. චීනය තමයි නැගී එන අධිරාජ්‍යය. ඇයි ඒ? ඉතාමත් සරල දෙයක්. පැහැදිලි කරන්න හරිම සරලයි. මේ සංඛ්‍යා මතක තියාගන්න, පහුගිය අවුරුදු 25, 30 වගේ කාලය තුළ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ ආර්ථික වර්ධන වේගය ගත්තහම ඇමෙරිකාවේ සියයට 2 ක් වගේ. නැත්නම් 2.3 ක් වගේ. අන්න ඒ වගේ ප්‍රමාණයක්. සියයට 2 සිට 3 දක්වා ප්‍රමාණයක් සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය. චීනයේ ඒක සියයට 69ක්. කතාව ඉවරයි. ඒ නිසා තමයි චීනය ලෝකයේ ඉතාම දිලිඳු රටක් විදිහට ඉඳලා ඇමෙරිකාව කියන ඉතා පොහොසත් රටට තරඟයක් දෙන මට්ටමට දියුණු වුනේ. මේක කතාන්දරයක්. උතුරු ඇමෙරිකාවේ කොලනියක්, වනාන්තර ප්‍රදේශයක් හිටි හැටියේම නව අධිරාජ්‍යයක් බවට පත් වෙනවා වගේ කතන්දරයක්. මහා බ්‍රිතාන්‍යය සහ මහා බ්‍රිතාන්‍යයේ කොලනි අතර තියෙන තත්ත්වය අනිත් පැත්තට හැරෙනවා. දැන් බ්‍රිතාන්‍යය අපේ කොලනියක් බවට පත් වෙලා තියෙනවා. මේ රටවල් දෙක අතර තියෙන සම්බන්ධතාවය පිලිබඳ ඕනෑම තක්සේරුවක් තුලින් අපිට ඉතාම පැහැදිලිව අවබෝධ කරගන්න පුලුවන් ඒ කාරණය. බ්‍රිතාන්‍යයේ තියෙන ඉතාම සුලභව අහන්න තියෙන විහිලුවක් තමයි -ඇමෙරිකාව බ්‍රිතාන්‍යයට පනින්න කියන කොට බ්‍රිතාන්‍යය ඒකට ප්‍රතිචාර දක්වන්නෙ -කොච්චර උසට පනින්න ඕනද කියන ප්‍රශ්නයක් එක්ක. ඔවුන් අහන්නෙ ප්‍රශ්නයක්. චීනය ඇමෙරිකා එක්සත් ජනපදයේ තත්ත්වය පැහැර අරගෙන තියෙනවා , විශේෂයෙන්ම ක්ෂේත්‍ර ගණනාවකින් පැහැර ගෙන තියෙනවා. ඉතා ඉහළ තාක්ෂනික ක්ෂේත්රයන් අතින් චීනය ඇමෙරිකාව අභිබවා ගිහින් තියෙනවා. ඔබත් එක්ක ඉන්න තරුණ අය ටික්ටොක් භාවිතා කරනවා ඇති. ඒක චීනයට අයත් සමාජ මාධ්‍යයක්. එතකොට මොකක්ද මේ සිද්ධ වෙන්නෙ? ඇමෙරිකාව දන්නෙ නැහැ මොකක්ද කරන්නෙ කියලා. අපි පාඩම් ඉගෙන ගැන නැති නිසා, ප්‍රතික්ෂේප වීම කියන්නෙ මොකක්ද කියන එක දීර්ඝ කාලයක් තිස්සේ අවබෝධ කර නොගැනීම සහ අවබෝධ කරගැනීමට උත්සාහ නොකිරීම නිසා ඔවුන් ප්‍රතික්ෂේප වුණා. චීනයේ නැග්ම දකින්න නම් අපි තව පියවරක් ඉහළට යන්න අවශ්‍යයි. එහෙම නම් එතනදි ඔබ වටා සිදුවන්නේ කුමක්ද කියන එක දිහා බලලා ඔබ ඒකට ප්රතිවිරුද්ධව ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා. නැත්නම් ඒ අභියෝගයට මුහුණ දෙන්නට ඔබ සූදානම් වීම අවශ්‍ය වෙනවා. ඒක තහංචියක් වැටිච්ච දෙයක්. අන්තිමට ඇමෙරිකාව ඒක හොයාගන්නවා. ඒක අවබෝධ කරගන්නවා. ඊට පස්සෙ මොකක්ද ඇමෙරිකාව කරන්නෙ? හරියට එයාලා ඉතිහාසයෙන් කිසිම දෙයක් ඉගෙන ගත්තෙ නැහැ වගේ ඔවුන් උත්සාහ කරනවා යුද්ධමය කටයුතු වලට, ඇමෙරිකාව උත්සාහ කරනවා වේගය අඩු කරන්න, ඉතිහාසය නවත්තන්න, නැත්නම් ආපස්සට හරවන්න, ඒක හරියට මහ බ්‍රිතාන්‍යය කරපු දෙය හා සමානයි. ට්‍රම්ප් මහතා චීනයට එරෙහිව වෙළඳ යුද්ධයක් ප්‍රකාශයට පත් කරනවා. ඔබට මතකද ඒක? , ඒක සිද්ධ වෙලා එච්චර කාලයක් ගත වුණේ නැහැ තවම. ඔබට මතක ඇති. ඊට පස්සෙ ඔහු සම්බාධක පැනවුවා, චීනයට එරෙහිව නොයෙක් බදු ගාස්තු පැනවුවා. ඔහුට චීනයේ මේ තත්ත්වය නවත්වන්න, ආපස්සට හරවන්න කරන්න පුලුවන් හැම දෙයක්ම ඔහු විසින් කලා. හැබැයි එකම දෙයක්වත් සාර්ථක වුනේ නැහැ. ඒක ඉතා විශාල සහ පැහැදිලි අසමත් වීමක්. අසාර්ථක වීමක්. දැන් අපි යුද්ධයකට එළඹිලා ඉන්නවා ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශ්ව විසින් විශේෂයෙන්ම චීනයේ ප්‍රධාන මිත්‍ර පාර්ශ්වය වන රුසියාවත් එක්ක. ඒක තමයි මේ යුක්රේනය තුළ සිද්ධ වෙන්නෙ. ඒක ඇත්තටම මේකෙන් විඳවන ඒ අහිංසක යුක්රේනය කියන රටට කිසිම අදාලත්වයක් නැති කාරණයක්. මේ යුද්ධයෙන් ඔවුන් තමයි දුක් විඳින්නෙ. ඔවුන් ඇත්තටම වැරදි වෙලාවේ වැරදි තැන ඉඳීම නිසා රටක් විදිහට විඳවනවා. ඒක තමයි ඇත්තටම යුක්රේනයේ යතාර්ථය. අනිත් හැම කාරණයක්ම බැලුවොත් මේ දෙපාර්ශ්වය විසින් ලබා දෙන වැරදි සහ විවිධාකාරයේ ප්‍රචාරණ. චීනයේ මිත්‍ර පාර්ශ්වය කියන රුසියාව දුර්වල කිරීම තමයි මේ පිටුපස තියෙන කාරණය. යුද්ධය ආරම්භ වුනාට පස්සෙ බයිඩ්න් මහතා පුරෝකථනය කලා රුසියානු අය මේක සති කිහිපයකට වඩා දරාගන්න එකක් නැහැ කියලා. මේක රටවල් අතර එහෙම නැත්නම් අවි ආයුධ , ධනය සහ නොයෙක් දේවල් අතර කාරණයක්. ඔවුන් මේකට කිව්වෙ සියලු සම්බාධකවල මව කියලා. මම හිතන්නෙ ඔබට පැහැදිලි ඇති. ඔවුන් මෙතෙක් කල් භාවිතා වෙච්ච විශාලම සම්බාධක ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලැබුවා.
මේ හැම දෙයක් එක්කම රුසියාව එච්චරකල් මේකට ඔරොත්තු දෙන එකක් නැහැ කියල තමයි ඔවුන් විශ්වාස කලේ. සති කිහිපයක් ඇතුලත රූබලය අර්ථ විරහිත එකක් බවට පත් වනු ඇති බවයි ඔවුන් ප්‍රකාශ කලේ. ඔවුන්ගේ රූබලයට වටිනාකමක් නැති වේවි සති කිහිපයක් තුළ කියලා ඔවුන් විශ්වාස කලා. මේ හැම දෙයක් එක්කම සියයට සියයක වර්ධනයක් ඇති වුණා. ඒ එක්ක රූබලය ඊට කලින් තිබුනාට වඩා වැඩි වටිනාකමක් සහිත තත්ත්වයකට පත් වුණා. රුසියානු ආර්ථිකය ඉතාම හොඳින් ක්‍රියාත්මක වුනා, පසුබෑමක් ඇති වුනා. නමුත් නැවත ඉහළට ආවා. ඔබ දන්නවා ඇයි කියලා. මොකද මේ ප්‍රධාන සම්බාධක නිසා. සම්බාධකත් එක්ක ප්‍රධාන වශයෙන්ම තෙල් සහ ගෑස් මිලදී ගැනීම නතර කෙරුණා. මේ දෙක තමයි රුසියාවේ ඉතාම වැදගත් අපනයනයන් වෙන්නෙ. රුසියාව කියන්නෙ තෙල් සහ ගෑස් අපනයනය කරන ප්‍රධාන රටක්. මම ඇත්තටම මේ තත්ත්වය ටිකක් අතිශයෝක්තියෙන් කිව්වොත් ඒක තමයි මූලික කතන්දරය. යුරෝපයේ හැම රටක්ම රුසියාවේ කිසිම දෙයක් මිලදී ගන්නෙ නැති තත්ත්වයකට පත් වුනොත් රුසියාව අඩපණ වේවියි කියන විශ්වාසය තිබුණා. හැබැයි රුසියාව ඒ වෙනුවට වෙනත් මිලදී ගැනිම් පාර්ශ්ව හොයාගත්තා. දැන් මේක ටිකක් සංකීර්ණ කතන්දරයක්. චීනය වැඩිපුරම මිලදීගත්තා. ඉන්දියාව වැඩිපුර ටොන් ගණන් මිලදී ගත්තා. සවුදි අරාබියාව තමන්ගේ ආර්ථිකය සංවිධානය කරගත්තා. පකිස්තානය චීනයත් එක්ක එකතු වුනා. ඒ වගේම රුසියානු ජාතිකයින් ලෝකයට හිතාගන්න බැරි විදිහට ඇමෙරිකා එක්සත් ජනපදයට පාලනය කරගන්න බැරි වුණා. මෙයින් පැහැදිලි වුණ කාරණය තමයි ලෝකය තවදුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පාලනයට නතු නැහැ කියන කාරණය. එම තත්ත්වය දැන් අවසන් වෙලා තියෙන්නෙ. එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්රේනය පිලිබඳව මත විමසුමක් ගත්තා. බහුතරයක් රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයට එකඟ වුනේ නැහැ. ඔවුන් එක්කො රුසියාව පැත්තෙන් හිටියා. එහෙම නැත්නම් ඔවුන් ඡන්දය ලබා දීමෙන් වැලකී සිටියා. ඒ තිබිච්ච තත්ත්වය ඉවරයි. නමුත් දැන් ඔබ ඉන්න පරිසරය, වටපිටාව මොන වගේ එකක්ද කිව්වොත් ඔබ මේ ප්‍රතික්ෂේප කිරීම කළ යුතුයි. අප සමාජයේ තියෙන බෙදිම්, නරක අතට හැරෙනවා. සෑම දිනක් පාසාම. මොකද, මේ බෙදීම් වෙනස් නොවන යථාර්ථයක් මත පදනම් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මං දැන් ඔබට මේ කතා කරන මොහොතේ පවා අසමානතාවයන් දිගින් දිගටම වැඩි වෙමින් තියෙන්නෙ. සමාගම් සෑම දිනකම ඉතා මහන්සි වෙලා වැඩ කරනවා. නමුත්, බදු ගෙවිමක් සිද්ධ වෙන්නෙ නැහැ. ජනතාවගෙන් බහුතරයක් වචනෙන් ප්‍රකාශ කරන්න බැරි මට්ටමකින් දුක් විඳිනවා. තාමත් එහෙමයි. වැටුප් වලට සාපේක්ෂව දෙගුණයකට වඩා මිල ඉහළ යනවා. ඒක තමයි වැඩ කරන ජනතාවගේ විනාශය. වැටුප් මට්ටමට වඩා දෙගුණයකින් මිල ඉහළ යනවා..මේක සිද්ධ වෙන්න බැරි දෙයක්. ඔබට මේක කරන්න බැහැ පිපිරීමකින් තොරව. දැන් පුපුරා යාම් සිද්ධ වෙනවා. හැබැයි ඒවා සිද්ධ වෙන්නෙ මම ඔබට මේ දැන් කියපු කාරණා පිලිබඳව නිසි අවබෝධයකින් යුතුව නෙවෙයි. දැන් හිතන්න පොඩ්ඩක් මම දැන් ඔබට මේ කියපු කාරණා වලින් කොපමණ ප්‍රමාණයක් ඔබට අලුත් දේවල්ද කියන එක. ඇත්තටම ඔබ ඒකට විවෘතයි. ඔබට මේ පිලිබඳව හිතන්න පුලුවන්. ඒ නිසා ඔබ මේ දේවල් ගැන හිතන්න ඕනි. ඒ නිසා තමයි ඔබට බොස්ටන් වල ප්‍රජා දේවස්ථානය වගේ යමක් කරන්නට තියෙන්නෙ. සත්‍ය වශයෙන්ම, ඒ නිසා තමයි මම වගේ අයට ඔබ ආරාධනා කරන්නෙ. මට ඒක පැහැදිලිියි. මම ඒක අගය කරනවා. හැබැයි බොහොමයක් ඇමරිකානු අයට මේ වගේ පසුබිමක් දීලා නැහැ. පාසල් වලදි, මාධ්‍ය තුලදී, දේශපාලන නායකත්වය විසින් කිසියම් තැනකදී මේ වගේ පදනමක් දිලා නැහැ. ඒ වගේම, දේවස්ථාන වලිනුත් පොදුවේ ඒ වගේ භූමිකාවක් වෙලා නැහැ. ඒ නිසා ඔවුන් පුපුරා යනවා. කොහොමද ඔවුන් පුපුරා යන්නෙ? ඔවුන් ඔවුන්ගේ කේන්තිය එකිනෙකා පිටින් පිට කරනවා. අපරාධ, දොම්නස් සහගත බව, පසුතැවීමේ හැඟීම්, අන් අය බිල්ලට දීමේ දේශපාලනය, වෙන කොහොමද මේක පැහැදිලි කරන්න පුලුවන් වෙන්නෙ, මේ සාහසික කටයුතු කොහොමද, වෙනත් මොන විදිහකටද පැහැදිලි කරන්නෙ? මේවා එන්න එන්න බරපතල වෙනවා. මේ ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නෙ මිලියන තුන්සිය විසිපහක්- තුන්සිය තිහක් වගේ ජන ප්‍රමාණයක් ඉන්න රටක්. මගේ රට තුළ ලේඛනගත නොවිච්ච සංක්‍රමණිකයන් ඉතා විශාල ප්‍රමාණයක් සිටිනවා. මම දැකපු ලොකුම තක්සේරුව තමයි ඒ. සංක්‍රමණිකයන් විශාල ප්‍රමාණයක් ඒ කියන්නෙ මිලියන 10ක් විතර. එතකොට මිලියන 330 ක ජනතාවක් ඉන්න ධනවාදී ආර්ථිකයක් තුළ මුහුණ දෙන්නට තියෙන විවිධාකාරයේ අසීරුතාවයන්ගේ හේතුව, මිලියන 10 ක් විතර වෙන මධ්‍යම ඇමෙරිකාවෙන් ආපු මේ රටේ ඉන්න දුප්පත්ම පිරිසයි කියන එක පිළිගන්න බෑ. ඇත්තටම මේක හරිම මෝඩ අදහසක්. ඇත්තටම ප්‍රාථමික පාසලක නැත්නම් මොන්ටිසෝරියක දරුවෙක් වුනත් ඒ වගේ අසාමාන්‍ය, අද්භූත අදහසක් ප්‍රකාශ කරන එකක් නැහැ. ඇතම් දේශපාලනඥයින් අපේ දේශ සීමා තුළ ඉතාම බරපතල ගැටලුවක් තියෙනවා කියන අදහසට නතු වෙනවා. ඇත්තටම අපිට එහෙම එකක් තියෙනවා.ඔබ සංස්ථා අංශයේ විධායකයින්ට කතා කලොත්, මම ඒක බොහෝ විට කරනවා. ඔබත් ඒ වගේ කලොත් පහුගිය මාස හයේ තිබුණු ලොකුම ගැටලුව මොකක් කියලද? ඔබට අනුමාන කරන්න පුලුවන් වෙන ලොකුම ගැටලුව තමයි ශ්‍රම හිඟය, ශ්‍රමිකයන්ගේ හිඟය. ඔව් ඔබ දන්නවාද කොහොමද ඒක සිද්ධ වෙන්නෙ කියන එක? සංක්‍රමණිකයන් ගෙන ඒම තුලින් තමයි ඒක විසඳා ගන්න හදන්නෙ. ඒක තමයි ඔවුන් කරන්නෙ. හැබැයි ඔවුන් ඒක දේශපාලනික වශයෙන් හරියට කරන්න දන්නෙ නැහැ. ඔවුන් ඒ සඳහා උත්සාහ කරමින් ඉන්නවා. ඒත් දේශපාලනඥයින්ට තමයි මෙතනත් තාම වැඩි බලතල තියෙන්නෙ. දේශපාලනික වශයෙන් අපේක්ෂා භංගත්වයට පත් වෙලා ඉන්න මහජනතාව නතු කරගැනීම සඳහා මේක ඉතා හොඳ විධික්රමයක් විධියට මෙතනදි භාවිතා වෙනවා. මාව ඡන්දයෙන්තෝරා පත් කර ගන්න, මම අපේ දේශ සීමාවලට පවුරක් ගොඩනගනවා. එතකොට ඔවුන්ට එන්න බැරි වේවි. – ඒ වගේ අදහසක්. මොකද ඒක හරි විකාර අදහසක් වගේම කවදාවත් සාර්ථක වෙච්ච අදහසක් නෙවෙයි. නමුත් ඇත්තටම මේ තුලින් අපට පෙනෙන කාරණය තමයි කළු ජාතික හෝ දුඹුරු (තලෙළු ) ජාතික ජනතාවක් එක්ක ඔබ තරහින් ඉන්නවා. ඔවුන් තමයි ඔබේ ගැටලුව කියනවා වගේ. ඇත්තටම මොකක්ද මේ ඔබ කරන්නෙ. මොකක්ද මේ පිස්සුව. මේ විකාරයක්. ඔබ අපෙක්ෂා භංගත්වයට පත් වෙලා ඉන්නෙ. මට ඒක පැහැදිලියි. ඔබ සෑහෙන කාලයක් තිස්සේ මේකෙන් විඳවනවා. ඔබට මේ සඳහා අයිතියක් තියෙනවා. ඔබට කේන්ති ගන්න, කණස්සලු වෙන්න සාධාරණ හේතු තියෙනවා. ඒ පිලිබඳව කිසිම ගැටලුවක් නැහැ. ඔබ මේ පද්ධතියට තියලා ඇණ ගහලා තියෙන්නෙ. එතකොට පහුගිය අවුරුදු සියයක විතර කාලය තුළ ඔබව හිතන්න පුරුදු කරලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ විදියට. ඒක එහෙම නොවී ඔබව ඉවත් කරන්න ඔබට පහර දෙනවා. ඒක තමයි වෙලා තියෙන්නෙ. ඔබේ දේවල් අහිමි කරලත් තියෙනවා. ඒ වගේම මේකට අවසානයක් නැහැ. මම විශ්ව විද්‍යාලයේ උගන්වන්නෙ. හැම තිස්සෙම මගේ වටේ ඉන්නෙ වයස අවුරුදු 19-20 වයස් වල අය. ඔවුන් සතුටට පත් වෙලා ඉන්න අය නෙවෙයි. මේ පරම්පරාව සතුටට පත් වෙන්නෙ නැහැ. ඔවුන්ට හොඳ රැකියා අවස්ථා පේන්න නැහැ. හොඳ අනාගතයක් පේන්න නැහැ. ඔවුන්ට ඒ කිසිම දෙයක් නැහැ. ඔවුන්ගේ දෙමාපියන් සහ ඒ සංස්කෘතීන් අනුව ඔවුන් හුරු වෙලා තියෙනවා යම් යම් දේවල් අපේක්ෂා කරන්න. හැබැයි ඔවුන් දැන් දන්නවා ඒ දේවල් ඔවුන්ට ලැබෙන්නෙ නැති බව. ඉතින් ඔවුන් බලාපොරොත්තු වනවා පිලිතුරු. ඇමෙරිකාවේ බහුතරයක් ඡන්දදායකයින් අහඹු ලෙස ගත් කල විශේෂයෙන් අවුරුදු 35 සහ ඊට වඩා අඩු අයගෙන් ඔබ ධනවාදී ආර්ථිකයක ඉන්නද කැමති, සමාජවාදී ආර්ථිකයක ජීවත් වෙන්නද කැමති කියල ඇහුවම බහුතරයක් අය කිව්ව දේ තමයි සමාජවාදී ආර්ථිකයකට කැමතියි කියන කාරණය. ඔබ දන්නවා ශතවර්ෂයකින් භාගයක කාලයක් මේ වගේ සංකල්පවේදීය නැත්නම් මතවාදීය පීඩනයන්ට මුහුණ දීලා තියෙනවා. සමාජයේ සියලුම සමාජීය කාරණාවන්ට එරෙහිව. මම හැදුනෙ වැඩුණේ ඒක තුළ. මම ඒකෙ නිෂ්පාදනයක් . ඇත්තටම මේක පුදුමයට කාරණාවක්. මොකද ඔබේ අදහස් වැරදියට කරකැවිලා වෙනස් වෙලා කියලා හිතුවහම ඇත්තටම ඒක හරි පුදුමයට කාරණාවක්. මම මේ සම්බන්ධයෙන් හැම තිස්සෙම ශිෂ්‍යන්ට කතා කරනවා. ඉතින් ඔබත් ඒ විදිහට ශිෂ්‍යයන්ට කතා කලොත් දැන ගන්න පුළුවන්. මම ඉක්මනින්ම ඉගෙන ගන්න දේ තමයි මේ ජනමත විමසුම නිවැරදියි කියන එක. ඔවුන් සමාජවාදයට කැමැත්තක් නැහැ. හැබැයි ඔවුන් සමාජවාදයට කැමැති වීම නෙවෙයි මෙතන තියෙන්නෙ. ඔවුන්ට සමාජවාදය පිලිබඳ කිසිම නිශ්චිත අදහසක් නැහැ. නමුත්, ඒ ජනමත විමසුමට ඔවුන් ඒ විදිහට අදහස් ප්‍රකාශ කරන්නෙ ඔවුන් ධනවාදයත් එක්ක කේන්තියෙන් ඉන්න නිසා. ඔවුන් දන්නවා ඒ ක්‍රමය ඔවුන්ට ඇති කියලා. හොඳටම ඇති කියලා. සමාජවාදය ගත්තහම මම කියන්නෙ අපි ඒකට උත්සාහ කරමු. නමුත් ඔවුන් සමාජවාදයට කැමති නිසා නෙවෙයි. ඔවුන්ගෙ අදහස් ප්‍රකාශ කරන්නෙ. ඔවුන් ධනවාදයට අකමැති නිසා. නමුත් ඒක තමයි අපි මුහුණ දෙන තත්ත්වය. මම මේ සංඛ්‍යා හදලා කියනවා නෙවෙයි. මේ අධිරාජ්‍යය තුල සියලුම දෙනා ඉතාම සමෘද්ධිමත්ව ඉන්නවා කියන පරිකල්පනයත් එක්ක, ඔබට මම දැන් මේ කියපු තත්ත්වයන්ගෙන් මිදෙන්න බැහැ.
මම කියල ඉවර නැහැ. මම කියල ඉවර නැහැ. මේ රටේ තියෙන දේශපාලන අරගලයේ මට්ටම ඉතාම භයානකයි. රිපබ්ලිකන්වාදීන් සහ ප්රජාතන්ත්රවාදින් එකිනෙකාට පහර ගසනවා. සත්‍ය වශයෙන්ම ගිය අවුරුද්දේ ජනවාරි 6 වෙනිදා ඔවුන් ශාරීරිකව පහර දෙන්නට පටන්ගත්තා. ඔවුන්ට මරා දමන්න අවශ්‍ය වුනා. නැන්සි පොලෝසියල්, මයික් ප්රැන්සොයිල්, එලවැගනල් වගේ අය.මොකද ඔවුන්ට තිබුනෙ ව්‍යාකූල මනසක් .ඔවුන් දැක්කෙ සතුරන් විදිහට. ඒ වගේම බිල්ලක් විදිහට. දැන් රුසියාවට දොස් කියනවා,රුසියාව තමයි මේක ඇති කලේ කියලා. මම යුද්ධයේ වින්දිතයෙක්. මගේ පවුල, මගෙ ජීවිතය, මම යුද්ධයට ලක් වෙච්ච, මුහුණ දීපු කෙනෙක් විදිහට මම යුද්ධය ප්‍රතික්ෂේප කරනවා. මම යුද්ධයට විරුද්ධයි. යුද්ධය කියන්නෙ ගැටලු විසඳාගන්න තියෙන ක්‍රමයක් නෙවෙයි. ඇත්තටම රුසියාවට වෙන මොනව හරි දෙයක් තමයි කරන්න තිබුනෙ. මම ඒක පිලිගන්නවා. නමුත් හැම යුද්ධයක් වගේම අපි මේ යුද්ධය සම්බන්ධයෙනුත් හිතන්න ඕනි ඇයි මේ යුද්ධය ඇති වුනේ කියලා. රුසියානු ජාතිකයිනුත්, අනිත් හැම ජාතියකටම වඩා යුද්ධය නිසා පසුගිය ශත වර්ෂය තුළ අතිශය ඛෙදනීය තත්ත්වයන්ට මුහුණදීලා තියෙනවා. ඔවුන් ලේසියෙන් සහ පහසුවෙන් යුද්ධයකට ප්‍රවේශ වෙන්නෙ නැහැ. ඔවුන් කැමති නැහැ ඇමරිකාවට. ඇමරිකාවට එරෙහිව පහුගිය ශත වර්ෂය තුලම යුද්ධයක් වෙලා නැහැ. පහුගිය ලෝක යුද්ධ දෙකෙන්ම අනිකුත් හැම ජාතියකටම වඩා මරණයට පත් වුණේ රුසියානු ජාතිකයින්. ඔවුන් ඒක දන්නවා. එහෙනම් ඇයි? ඇයි මේ? අපි අහන්න ඕනි මේ ප්රශ්නය. අපි දන්නෙ නැහැ. අපි පුටින්ව දකිනවා රාක්ෂයෙක් විදිහට. අපි කරන්නෙ ඒක. මම පුටින් කියන නායකයාට කැමති නැහැ. සදාම් හුසේන් අපි යක්ෂයෙක් විදිහට දකිනවා. අපි හැමෝම යක්ෂයින්, රාක්ෂයින් විදිහට දකිනවා. ඒක ඇමෙරිකාවේ ලක්ෂණයක්.
අපි එතරම් ළදරු මානසිකත්වයකින්ද ඉන්නෙ? මිනිස්සු විදිහට අපිට මෙතන මොකක්ද වුනේ කියන ප්රශ්නය අපෙන් අහගන්න බැරිද? ඇයි මේක මේ තත්ත්වයට පත්වුනේ කියල අපට ප්‍රශ්න කරන්න බැරිද? අපිට අපි දැනගන්න ලැබිලා තියෙනවා සෝවියට් සමුහාන්ඩුවේ සමස්ත කාලය පුරාවටම ඔවුන් මේ සමාජවාදය හා ධනවාදය අතර ලොකු සටනකට මැදි වෙලා හිටියා කියලා. ඒ රටවල් දෙක අතර යුද්ධයක් තිබිලා නැහැ. දැන් යුද්ධයක් තියෙනවා. ඒක කවද්ද ඇති වුනේ? රුසියාව සමාජවාදයෙන් ඉවත්වෙලා ධනවාදය වැලදගත්තට පස්සෙ තමයි මේ තත්ත්වය ඇති වුනේ. දැන් අපිට යුද්ධයක් ඇතිවෙලා තියෙනවා. ඔබ දන්නවද ලෝක මහා සංග්‍රාමය 1 සහ 2 ආශ්‍රිතව ඇති වෙච්ච තත්ත්වයන්? ඒවා ධනවාදී ආර්ථිකයන් තිබිච්ච රටවල් අතර ඇති වෙච්ච යුද්ධයන්. එතකොට මේ ධනවාදය පිලිබඳව සම්පූර්ණ කතන්දරය ගත්තහම මේ ධනවාදය සහ සමාජවාදය කියන දෙක හා බැඳිච්ච සම්පූර්ණ කතාන්දරය මේකද? මෙච්චරද? මේක කතාන්දරයක්ද? එතකොට ඇත්තටම රුසියාවෙන් සමාජවාදය තුරන් කිරිම තුලින් අපට මොන වගේ ප්‍රතිලාභද ලැබිලා තියෙන්නේ? ඒක ඇත්තටම හොඳ ප්රශ්නය. ඒත් අපිට ඒ ප්‍රශ්නයට පිලිතුරු දෙන්න බැහැ. මොකද අපි සටන් කරන්නෙ ඉතාම පාපිෂ්ඨ ආකාරයකට. රුසියානු ජාතිකයන් යුධ අපරාධ කරනවා. ඔවුන් ඒවා කරන බවට කිසිම සැකයක් මට නැහැ. එතකොට යුක්රේන ජාතිකයන් ඔවුන් නවත්වන්නේ නැහැ. කවුරුවත් ඒ තරම් මෝඩ නැහැ. නමුත් ඇමරිකානු ජනතාවට මේ ඔක්කොම කතාන්දර ලැබෙනවා. එතකොට ඔවුන් උදව් කරනවා. ඔවුන් හමුදා සහාය සලසනවා. දෙවන ලෝක යුද්ධය අවසානයේ ඉඳන් ඇමරිකා එක්සත් ජනපදය නැවත නැවත කුඩා රටවල් ආක්‍රමණය කරල තියෙනවා. විශේෂයෙන්ම සම්මතයන් සහ ජාත්‍යන්තර සාමය පිළිබඳ නීති සහ රීති උල්ලංඝනය කරමින්. ඔවුන් කොරියාව ආක්‍රමණය කලා. වියට්නාමය ආක්‍රමණය කලා. ඉරාකය ආක්‍රමණය කලා. පකිස්තානය ආක්‍රමණය කලා. ඒ ඔක්කොම අහිමි වුනා. යුද්ධයන්ගෙන් පරාජය වුනා. කොරියාව, වියට්නාමය, ඒ ඔක්කොම අහිමි වුනා. පැරදුනා. වියට්නාමයේ, කොමියුනිස්ට් පක්ෂය ඔවුන්ගෙ රට නැවත ලබා ගත්තා. තලෙයිබාන් ජාතිකයින් ඇෆ්ගනිස්තානය නැවත අල්ලාගත්තා. ඔය විදිහට මට කියන්න පුලුවන්. ඔවුන් මේ විදිහට පරාජයට ලක් වුනා. මේ අනුපිලිවෙල බැලුවොත් රුසියානු ජාතිකයින් සහ යුක්රේන ජාතිකයන් ඔවුන් ඉතාම නපුරු විදිහට මේ සීමාව බටහිර පැත්තට ගෙනිහින් තියෙනවා.
යුක්රේනය සහ රුසියාව අතර තියෙන මායිම බැලුවොත් මේ යුද්ධය සිදුවෙච්ච වර්ෂය පුරාම ඒක වම් පැත්තට ගමන් කරල තියෙනවා. මෙතනදි කවුද දිනන්නෙ කවුද පරදින්නෙ කියල ගැටලුවක් නැහැ. මේ ප්‍රතික්ෂේප වීම කියන එක කෙරෙහි කැප වූ පුද්ගලයන්ගේ සිත තුළ පමණයි මේ කාරණාවන් දකින්නට තිබෙන්නෙ. මම ඔබෙන් අහන්නෙ නැහැ, මම ඔබට කියන්නෙ නැහැ මේ යුද්ධයෙදි එක පැත්තකටවත් තහවුරු කරන්න හෝ සහාය දෙන්න කියලා. ඒ වගේම මම ඔබෙන් ඉල්ලා සිටින්නේ නැහැ චීනය පැත්තට ආවඩන්න කියලා. මම ඔබට කියන්නෙ මෙහෙම දෙයක්. ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමකදී මම එහෙම කරනවා. මම ඔබෙන් ඉල්ලා සිටින්නෙ ඔබ ඉදිරියේ තියෙන මේ යථාර්ථය දිහා බලන්න. බය වෙන්න එපා. ප්‍රතික්ෂේප වීම තුල තියෙන භයානකකම ගැන බය වෙන්න එපා. ප්‍රතික්ෂේප වීම තුළ යම් අවධානමක් තියෙනවා කියලා හිතන්න එපා. බය වෙන්න එපා. ඇත්තටම භයානකකම තියෙන්නෙ සත්‍යය ප්‍රතික්ෂේප කිරීම තුලයි. තියෙන යථාර්ථයට මුහුණ දීම තුළ අවදානමක් භයානකකමක් ඇත්තටම නැහැ. අපි එයට මුහුණ දුන්නොත් අපි එතනදි පාඩමක් ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඇසුරෙන්. හමුදාමය වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයට බලපෑම් කරන්න ප්රයත්නයන් දෙකක් තිබුණා. ඒවා අසාර්ථක වුණාට පස්සෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඒ උත්සාහය නැවැත්තුවා. ඒ වෙනුවට ඔවුන් තීරණය කළා ඇමරිකාවත් එක්ක සම්බන්ධතාවයක් ගොඩ නගාගන්න උත්සාහ කරන්න ඕනි කියලා. ඒක ඉතින් ගොඩක්ම සාර්ථක වුනේ නැහැ. නමුත් ඒක යම් මට්ටමකින් සිද්ධ වුනා. මෙතන එක්සත් ජනපද සිවිල් යුද්ධයේ බරපතලම අසාර්ථක තත්ත්වය මතු වුණේ බ්‍රිතාන්‍ය ජාතිකයින් දකුණේ අයත් එක්ක පැත්තක් ගැනීමට බරපතල තීරණයක් ගැනීමත් එක්ක. ඇත්තටම එහෙම වුනේ නැහැ. ඒ ආසන්නයටම ආවා. ඊට පස්සෙ කවුද එතන දින්නෙ කියන එක බලලා ඔවුන් දිනපු අයත් එක්ක ඉදිරියට ගියා. ඒක ඇත්තටම ධෛර්ය සම්පන්න ක්‍රියාවලියක්. යුද්ධය අවසාන වුනාට පස්සෙ. නමුත් මම හිතන්නෙ අපි මෙතනදි ඉගෙන ගන්න අවශ්‍යයි අපි මහජන චීනය සමූහාණ්ඩුවත් එක්ක එකතුව මේ ගමන යා යුතු බව. ඔවුන් සතුව යම් හරයන් තියෙනවා. අපිට ඔවුන්ගෙන් ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේම ඔවුන්ටත් ඇමෙරිකාවෙන් ඉගෙන ගන්න පුලුවන්. ඒක දැන් කරන දේට වඩා සාර්ථක සැලැස්මක් වේවි. ඇමෙරිකාවේ ආයුධ යාත්‍රා හතක් චීන මුහුද තුළ තියෙනවා. ඒ වගේම චීන අයගේ යාත්‍රා ඒ විදිහට අපේ දේශ සීමාවෙ නැහැ. හැබැයි අපි එතනට ගිහිල්ලා තියෙනවා. අපි ඔවුන්ට තර්ජනයක් මේ කරන්නෙ. අපි හැම විටම ඒ ආකාරයෙන් තමයි කරල තියෙන්නෙ. මේක අපේ ආර්ථික තරඟකරු බවට පත් වෙච්ච රටක්. ගෝලීය දේශපාලනික ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමේ තියෙන රටක්. ඒවගේම ජනතාව පැත්තෙන් ගත්තහම අපේ රටේ ජනගහනයට වඩා හතර ගුණයක ජනගහනයක් ඉන්න රටක් තමයි චිනය කියල තියෙන්නෙ. ඔවුන් දැන් ඉන්දියාවත් එක්ක සමගි සන්ධානයක් ගොඩනගා ගෙන තියෙනවා. ඒ කියන්නෙ ජනගහනය පැත්තෙන් ගත්තහම ලෝකෙ විශාලතම රටවල් දෙකක් ගැන තමයි මේ අපි කතා කරන්නෙ. එතකොට ඔවුන් මේ ලෝකයේ තියෙන වැඩිම ජනගහනයක් ඉන්න රටවල් දෙක. එනිසා වඩාත්ම හොඳ දේ තමයි අපි ඔවුන් එක්ක සමගියෙන් කටයුතු කිරීම. එහෙම මොකද, යුද්ධයකදි ඔවුන් පරාජයට පත් කිරීම කියන එක හිතන්නවත් බැරි දෙයක්. එහෙම වුනොත් ඒක හැමෝම පරාජය වෙන යුද්ධයක් බවට පත් වේවි. ඒ නිසා ඔබට ඒ විකල්පයට යන්න බැහැ. ඔබට පිස්සුවක්, උමතුවක් නැත්නම්. ප්‍රතික්ෂේප කිරීම කියන එක හොද අදහසක් නෙවෙයි. මනෝ විද්‍යාඥයින් අතර සත්‍යය මේකයි. අපි හැමෝම කම්පන තත්ත්වයන්ට මුහුණ දෙනවා. විශේෂයෙන්ම අපි පොඩි ළමයි කාලෙදි කම්පනයන්ට මුහුණ දෙනවා. එතකොට මේ කම්පනයක් කියන්නෙ හිස් දෙයක්. නමුත් කම්පනයක් ගැන අපි අවධානයට ලක් කලේ නැත්නම් ඒ ගැන අපිට කතා කරන්න ඉඩක් නැත්නම් සාකච්ඡා කරන්න ඉඩක් නැත්නම් ඒ වගේ කම්පනයක් වඩා භයානකයි සෑම විටම. ඔබට ඒක හොයාගන්න , අවබෝධ කරගන්න පුලුවන් වෙන්නෙ ඔබ වයසින් වැඩිහිටි වෙන කොට. සමහර විට ඔබ ගිහිල්ලා යම් චිකිත්සකයෙක් හමු වෙලා ඔබ නැවත ඒ කම්පන තත්ත්වයට ගෙනියන්න කියලා ඔබට කියන්න පුලුවන්. එහෙම වුනොත් ඔබට නැවත ඒ කාලෙදි කරගන්න බැරි වෙච්ච ආකාරයට ඔබට නැවත ඒ කම්පනය හරහා ගිහිල්ලා ඒකෙන් ගොඩ එන්න පුලුවන්. කම්පන සම්බන්ධයෙන් චිකිත්සාවන්හි නිරත වන වඩාත් නවීන අය ගොඩක් වෙලාවට කියන්නෙ එහෙමයි. මේක අපිට මෙතනදිත් යොදා ගන්න පුලුවන් ප්‍රායෝගිකව. ප්‍රතික්ෂේප කිරීමේ බිය අපි අයින් කරගන්න ඕනා. සිද්ධ වෙන දේට අපි මුහුණ දෙන්න ඕන. එහෙම නැති වුනොත් අපි එක අවුලකින් තවත් අවුලකට වැටෙන එක තමයි සිද්ධ වෙන්නෙ. කවුද මේක කරන්නෙ? මේ ක්‍රමය, ලාබ ලබන සංස්ථා ආයතන විසින් මේ වැඩේ කරාවිද? නැහැ එහෙම වෙයි කියල හිතන්න අමාරුයි. මේවා තුලින් අවුරුදු 40ක් විතර තිස්සේ පොහොසත් භාවයට පත් වෙච්ච පොහොසතුන් මේක කරාවිද? ඔවුන් මේ ක්‍රමවේදය , මේ පද්ධතිය ඔස්සේ ඔවුන් ප්රතිලාභ ලබාගෙන තියෙද්දි ඔවුන් ඒකෙ තියෙන අඩුපාඩු ,ගැටලු ප්‍රශ්න කරන්න ඉඩ කඩක් තියෙනවද? බොහෝ දුරට එහෙම ඉඩකඩක් නැහැ. එහෙනම් ඒක කරන්න වෙන්නේ මහජනතාවට. මේ සංස්කෘතියට අයත් සේවා නියුක්තිකයන්ට. නැත්නම් වෙනත් වචන වලින් කිව්වොත් වැඩ කරන පැලැන්තියට තමයි මේක කරන්න වෙන්නෙ. මොකද, ඔවුනට තමයි මේ තත්ත්වය තුළ ලොකුම අවදානම ගන්නට සිදු වෙලා තියෙන්නෙ. ඔවුන් සොල්දාදුවන් වෙන්න පුලුවන්. ඔවුන් බදු ගෙවන අය වෙන්න පුලුවන්. ඔවුන් තමයි මේ පද්ධතිය මේ ක්‍රමය මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නෙ.
ඔවුන් නිසා තමයි මේ පද්ධතිය මේ විදිහට පවතින්නෙ. ප්‍රතික්ෂේප කරන එක නවත්තලා අපි සිද්ධ වෙන යතාර්ථයට මුහුණ දෙන්න ඕනි.කවුද මේක කරන්නෙ? එනිසා තමයි අභියෝග කිරීම අභිබවා ප්‍රතික්ෂේප කිරීම ජය අරගෙන තියෙන්නෙ.
මාක්ස් වරක් කියලා තියෙනවා ” ධනවාදී පැලැන්තිය අවසානයේදී තමන්ගෙ විනාශය කරා යනවා කියලා”. අපි සියලුම දෙනාට,ඔබ සියලුම දෙනාට මෙතනදි අහන්න තියෙන ප්රශ්නය තමයි ඒ පද්ධතිය විසින්, ඒ පද්ධතියත් සමග අපිවත් ඒ විදිහටම විනාශය කරා රැගෙන යන්න අපි ඉඩ දෙනවාද කියන එක.
කෙසේනමුත් මෙම ක්ෂේත්රය පිළිබඳව විශේෂඥයෙකු වන රිචඩ් වොල්ෆ් මහතාගේ මෙම ආන්දෝලනාත්මක සාකච්ඡාව ඔස්සේ අදවන විට බටහිර ලෝකය තුළ සිදුවන්නා වූ හා මින් පෙර සිදුවූ බහුතරයක් කූට වැඩපිළිවෙත්හි යථාර්තය, ඔබට මනාව අවබෝධ වනු ඇත. එසේ හෙයින් අවසාන වශයෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිනුයේ මෙම සමස්ථ කතා මාලාව තුළින් ලද අවබෝධයද අතැතිව වර්තමාන ලෝකය තුළ සිදුවන්නා වූ හා අනාගතය තුළ සිදුවීමට ඉඩකඩ ඇති මෙවැනි උපක්‍රමශීලී වැඩපිළිවෙත් පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුව ජීවත් වන ලෙසය.