
ඉතිහාසයේ සිට අද දක්වා වූ කාලසීමාව තුළ ඇමරිකා එක්සත් ජනපදය ප්රමුඛ ලෝකයෙහි, සිදුවූ හා සිදුවෙමින් පවතින්නා වූ බොහෝමයක් අශිෂ්ට හා සමාජ විරෝධී ක්‍රියා පිළිවෙත් පිළිබඳව විවිධ අවස්ථාවන්හීදී ලිපි ගෙනඒමට අප කටයුතු කරනු ලැබුවේ ඒ තුළින් වත්මන් ලෝකයෙහි අභ්‍යන්තරය තුළ සිදුවෙමින් පවතින්නා වූ විවිධාකාර කුමන්ත්රණකාරී කූට සැලසුම් පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් ඔබ වෙත ලබාදීමේ අරමුණෙනි. එම අරමුණද පෙරදැඩිව මීට පෙර අප විසින් ඉදිරිපත් කළ සමස්ථ ලිපි පෙළෙහි, යාවත්කාලීන දිගුවක් ලෙස මෙය සම්පාදනය කරලනුයේ සමස්ථ ලෝකයෙහිම ඒකාධිපතියා ලෙස වැජඹුම් ලත්, ඇමරිකා එක්සත් ජනපදයෙහි වර්තමාන සමාජීය හා ආර්ථික පසුබිම ඉතාමත් ශීඝ්‍ර ලෙස උඩු යටිකුරු වෙමින් පවතින හෙයිනි. කෙසේනමුත් මේ සඳහා ආර්ථික හා සමාජ විශ්ලේෂකයෙකු මෙන්ම ලේඛකයෙකුද වන ඇමරිකානු ජාතික ඩග්ලස් මැක්ග්‍රෙගර් මහතාගේ බොහෝමයක් පැහැදිලි කිරීම්ද පාදක කරගැනීමට අප තීරණය කරනු ලැබුවේ එම කරුණු අපගේ වර්තමාන ලිපි පෙළෙහි නිරවද්‍යතාවයද නැවත නැවතත් ප්රත්යක්ෂ කරන්නා වූ හෙයිනි.
සෘජු ලෙසම වත්මන් ලෝකයෙහි ප්‍රධාන බල ඝට්ටනය පිළිබඳව පැවසුවහොත් එය අන් කිසිවක් නොව යුක්රේන-රුසියා යුද්ධයයි. එනමුත් සත්‍ය වශයෙන්ම, දැනට පවතින කරුණු කාරණා හා සිදුවීම් ගලපා බැලීමේදී පැවසිය හැක්කේ මෙය යුක්රේන-රුසියා යුද්ධයක්ම නොව එය නොඅනුමානව ඇමරිකා-රුසියා යුද්ධයක් බවයි. එනම් දෙවන ලෝක මහා සංග්‍රාමය පැවති කාලසීමාවේ පටන් ඇරඹුම ලද සීතල යුද්ධයෙහි වර්තමාන මුහුණුවර ලෙසද පැවසුවහොත් නිසැකවම එය නිවැරදිය. කෙසේ නමුත් 2014 වර්ෂයේ සිට අද දක්වා වූ කාලසීමාව තුළ මිනිස් ජීවිත බොහෝමයකගේ ඉරණම තීරණය කළ මෙම යුද්ධයට මේ එළඹ ඇත්තේ සමථයකට පත්වීමට අවැසි කාලසීමාවකි. මන්ද යත්, එය එසේ සමථයකට පත් නොවී තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අවසාන ප්‍රතිඵලය, ඔබ අප කිසිවෙකුට අදහා ගත නොහැකි අන්දමෙහි භයානක තත්වයක් විය හැකිය. එනමුත් මෙම සිදුවීම් මාලාව තුළ පවතින්නා වූ අවාසනාවන්තම සිදුවීම නම්, මෙම යුධ තත්වය සමථයකට පත්වීමට ඇමරිකා එක්සත් ජනපදය කිසිඳු විටෙක ඉඩ නොදීමයි. ඒ සඳහා මින්ස්ක් පළමු හා දෙවන සාම ගිවිසුම් හා සටන් විරාමයන් කදිම නිදසුන් සපයයි. සත්‍ය වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය, මෙවන් වූ අත්තනෝමතික තීරණ මතින් අන්‍ය රාජ්‍ය වෙත බලපෑම් කරලනුයේ ඇයිද යන්න පිළිබඳව ඉතිහාසය තුළ ප්‍රශ්නාර්ථයන් පැවතියද අද වනවිට එහි සැබෑ හේතු සාධකයන් මතු වෙමින් පවතී. ඒ අන් කිසිඳු හේතුවක් නොව යුක්රේන, රුසියා කලාපයන් තුළ පවතින්නා වූ ස්වභාවික සම්පත් හෙයිනි. මේ සඳහා කදිම නිදසුනක් නම්, ඕක්ලන්ඩ් සමාගමයි. මෙම යුධ තත්වය මධ්‍යයේ යුක්රේනය වෙත දැඩිව ආයෝජනය කරන්නා වූ ඔවුන් නිරන්තරයෙන්ම පවසා සිටිනුයේ ලොව තුළ පවතින්නා වූ සාරවත්ම හා ධනවත්ම පාංශු සම්පත පිහිටා ඇත්තේ යුක්රේන භූමිය තුළ බවයි. එම කාරණයද සමඟින් ඔවුනගේ මෙම ආයෝජනයන්හි සැබෑ පරමාර්ථයන් කුමක්ද යන්න පිළිබඳව ඉතාමත් පැහැදිලි අන්දමෙන් ඔබට වැටහෙනු ඇතැයි මා දැඩිව විශ්වාස කරලනුයේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන වූ මෙවැනි බහුජාතික සමාගම්, ඉතිහාසය පුරා ලෝකයේ සාරවත් රාජ්‍යයන් බොහෝමයකගේ සම්පත් සූරාකෑ බව ලොවට නොරහසක් බැවිනි. එසේ හෙයින් අරාජික කාලසීමාවක් පසුකරන්නා වූ යුක්රේනයේ භූමිය සඳහා මෙම පවතින යුධ වාතාවරණයෙන් අනතුරුම මෙම ආයොජකයින් නොඅනුමානව අයිතිවාසිකම් කියනු ඇත.
කෙසේනමුත් එම කරුණු කාරණා එසේ තිබියදී, වර්තමානය තුළ යුධ කෝලාහලයන් දැඩිව ප්‍රතික්ෂේප කරන්නා වූ බහුතරයක් ඇමරිකානුවන් පවසා සිටිනුයේ මෙම ඇමරිකානු රජය විසින් ක්‍රියාවට නංවාලනුයේ සැබවින්ම ඇමරිකානු රාජ්‍ය වැසියන් හට අවැසි පාලනයක්ද යන්නයි. එනම් මිලියන 130කට අධික කම්කරු ජනකායක් වෙසෙන්නා වූ ඇමරිකා එක්සත් ජනපදයෙහි එම වැසියන් දිගින් දිගටම ප්‍රකාශ කර සිටිනුයේ ඔවුන් මෙලෙස දුක් මහන්සි වී මුදල් උපයනුයේ සාමාන්‍ය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන්නා වූ යුද්ධයන් උදෙසා වියදම් කිරීමට නොවන බවයි. එමෙන්ම මෙම කතාබහ මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය තුළ ක්‍රමානුකූලව වර්ධනය වන අතරම බොහෝ විචාරකයින් ප්‍රකාශකර සිටිනුයේ මෙය අනාගතය තුළ ඇමරිකා එක්සත් ජනපදයෙහි අභ්‍යන්තරික විරෝධතා උදෙසාද බෙහෙවින් තුඩුදිය හැකි බවයි. කෙසේනමුත් ඇතැම් විශ්ලේෂකයින් පෙන්වාදෙන පරිදි 2001 වර්ෂයේ සිට ගත්විට යුක්රේනය වෙත ලබාදුන් යුධ වියදම්ද සහිතව ඇමරිකා එක්සත් ජනපදයෙහි ඇස්තමේන්තුගත ස්වෛරී ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4 සිට 14 දක්වා වර්ධනය වී ඇති අතරම එම විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වාදෙනු ලබන්නේ මෙය ඇමරිකා එක්සත් ජනපදයෙහි අනාගත ආර්ථික අස්ථාවරභාවයට සෘජු ලෙසම හේතුවන බවය. එනයින් මෙම ඇස්තමේන්තුගත දත්ත වාර්තා පිළිබඳවද සළකා බැලීමේදී නැවත නැවතත් පැහැදිලි වනුයේ මේ වනවිට ඇමරිකානු වැසියන් තුළ හටගෙන පවතින්නා වූ භීතිය නිසැකවම සත්‍යයක් බවයි.
මෙම කරුණු කාරණා කෙසේවුවද, අප මින් පෙර ලිපි තුළ සඳහන් කළ අයුරෙන් වර්තමාන ඇමරිකානු රජය, හුදෙක් ලෝකය තුළ තම බල අධිකාරිය පතුරුවාගනිමින් කටයුතු කරන්නා වූ කාටෙල් හිමිකරුවන්ගේ හා සුවිශාල ආයෝජන සමාගම් හිමිකරුවන්ගේ අවශ්‍යතාවය පරිදි කටයුතු කරමින් සිටිනු ඇත. එනම් ලෝකය තුළ සිදුවන්නා වූ සෑම රාජතාන්ත්‍රික ගැටීමක් උදෙසාම අතපොවන්නා වූ ඇමරිකා එක්සත් ජනපදයට, වර්තමානය වනවිට ඒවාහි අතුරු ප්‍රතිඵල උදෙසා මුහුණුදීමට සිදුවනු ඇත. ඒ මන්ද යත්, ලෝකය පුරා සිටින්නා වූ බොහෝමයක් සමාජ විශ්ලේෂකයින් පෙන්වාදෙනු ලබන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමය පැවති කාලසීමාව හා සසඳා බැලීමේදී ප්‍රතිවාදීන්ට සාපේක්ෂකව ඇමරිකා එක්සත් ජනපදයෙහි වර්තමාන ගෝලීය බලය හීනවී ඇති බවයි. 1942 වර්ෂය වනවිට එනම් දෙවන ලෝක මහා සංග්‍රාමයේ උච්ඡතම අවස්ථාව වනවිට ඇමරිකා එක්සත් ජනපදය සතුව මිලියන 12.2 ක හමුදා බලඇණියක් පැවති අතර එයින් ඔබ්බට වූ ගෝලීය බල කඳවුරු 07ක නිරන්තර උපකාරය හා ශක්තිය එවකට ඇමරිකා එක්සත් ජනපදය සතුව පැවතුණි. ඔවුනගේ හමුදාවේම මාණ්ඩලික ප්‍රධානී ජෝර්ජ් මාෂල්, පැසිෆික් කලාපයේ අණදෙන නිළධාරී ඩග්ලස් ගාර්ෂියා, ධවල මන්දිරයෙහි හා FDR හි ඒකාබද්ධ ප්‍රධානීන් අතරින් නිල නොවන සභාපතිනිය වූ ලියා ලීසන් මෙන්ම මහා බ්‍රිතාන්‍යය ඇතුළු අඩක් වූ යුරෝපීය සන්නද්ධ ගුවන් හමුදාවට අණදුන් නිල නොවන උප ප්‍රධානියා වූ ඉසන්හවර් එම කඳවුරු 07න් කීපයකි. කෙසේනමුත් මෙවැනි උපකාරද අතැතිව ඇමරිකා එක්සත් ජනපදය එවකට ලෝකයේ ඇති වූ දැවැන්තම විනාශකාරී යුද්ධයෙන් ගැළවුණද, වර්තමාන ලෝකයෙහි තත්වය යනු ඉන් හාත්පසින්ම වෙනස් තත්වයකි. එනම් මේ වනවිට මිලියන 1.2ක පමණ හමුදාවක් පමණක් ඇමරිකාව සතුව පවතින අතරම 1970 කාලසීමාවේ පටන් රොකට්, මිසයිල හා මාර්ගෝපදේශක කාලතුවක්කු සඳහා දක්ෂයින් ලෙස වැජඹුන ඇමරිකාවෙහි සතුරා වූ රුසියාවෙහි සබ්මැරීන පවා අද වනවිට අත්ලාන්තික්, පැසිෆික් වැනි සාගර තුළ ස්ථානගත කර තිබීම පහසුවෙන් තැකිය යුතු කරුණක්ව නොපවතියි. ඒ මන්ද යත්, ඇමරිකා එක්සත් ජනපදය දැනට සිදුකරමින් සිටින්නා වූ කටයුතු එලෙසින්ම තවදුරටත් සිදුකළහොත් ඉහත මා සඳහන් කළ සියල්ල ඔවුනට අභියෝගයක් ලෙස පැමිණිය හැකි අතරම එය කිසිදා නොවුණාක් හා සමාන ඇමරිකානු විනාශයක් වීමට බොහෝ ඉඩකඩ ඇත.
එමෙන්ම ඉතිහාසය පුරාවට ගත්කළ අවස්ථා ගණනාවක් ඔස්සේ ඇමරිකා එක්සත් ජනපදය විසින් රුසියාව බිඳවැට්ටවීමට වෙර දැරුවද එම සෑම ප්රයත්නයකම අවසාන ප්‍රතිඵලය වූයේ ඇමරිකා එක්සත් ජනපදයෙහි ආර්ථිකය ක්‍රමානුකූලව බිඳවැටීමය. එනම් මේ වනවිට ඇමරිකානු බැඳුම්කර දිනෙන් දින ඉහළ යන්නා වූ අතර එහි වටිනාකම් ශීඝ්‍රයෙන් පහළ යනු ඇත. මෙවැනි වටපිටාවක් තුළ චීනය, ජපානය හා සෞදි අරාබිය වැනි රාජ්‍යයන් මෙම වටිනාකම හීනවන්නා වූ ඇමරිකානු බැඳුම්කර ප්‍රතික්ෂේප කරන්නා වූ අවධියක බොහෝ ආර්ථික විශ්ලේෂකයින් පවසා සිටිනුයේ ඇමරිකා එක්සත් ජනපදය බිඳවැටෙනු ඇති බවයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශකර සිටිනුයේ ඇමරිකා එක්සත් ජනපදයෙහි වර්තමාන තත්වය මින් පෙර සිදුවූ වියට්නාම් යුධ පරාජය තුළින් වූ ආර්ථික කඩාවැටීම හා සමාන වනු ඇති බවයි. මෙම කරුණු කාරණාද හේතුසාධක වෙමින් නයිජර් හා මාලි කලාප තුළ මතුව පවතින්නා වූ ජනතා අවධිවීම හා සමාන ජනතා අවධිවීමක් ඇමරිකා එක්සත් ජනපදය තුළද සිදුවනු ඇතැයි වර්තමානය තුළ බොහෝදෙනා මත ඵල සිටින අතරම මෙම සමස්ථය තුළින් අවසාන වශයෙන් අප ඔබ වෙත ප්‍රකාශකර සිටිනුයේ මෙවැනි අතීත හා වර්තමාන සිදුවීම් ඉතාමත් තර්කානුකූල ලෙස ගළපා බලමින් ඒ තුළ ඇති වටිනා පාඩම් පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් ලබාගන්නා ලෙසය.
ආචාර්ය තිස්ස ජිනසේන
2023.10.22