November 24, 2026

හතර වන පාරාජිකාව ඇසුරෙණි ………

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවරග ඒ දිනවල බොහෝ ස්වාමීන්වහන්සේලා ‘වග්ගු මුදා’ නම් ගංතෙර වස් සමාදන්ව සිටි සේක. මේ අතර හටගත් දුර්භීක්ෂයක් නිසා භික්ෂූන් වහන්සේලා හට ආහාර පාන හිඟයක් ඇතිවිය. මෙහිදී කලයුත්තේ කුමක්දැයි භික්ෂූන් වහන්සේලා එක්ව සාකච්ඡා කල අතර. බොහෝ යෝජනා ඊට ඉදිරිපත්විය. නමුත් ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප වී එක යෝජනාවක් පමණක් ඉදිරිපත් විය. එනම් ගිහියන්ට ඔවුනොවුන් පිළිබඳව ,උතුරුමිනිස්දම්, කීම හා ඒ ඔස්සේ ලාභ සත්කාර උපදවා ගැනීමය.

ඒ අනුව එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට එකිනෙකා පිළිබඳව උතුරුමිනිස්දම් ගුණ කියන්නට පටන් ගත්තේය. එනම් අසවල් භික්ෂූන් වහන්සේ ප්‍රථම ධ්‍යාන ලාභියෙක්. එසේ නැතිනම් දෙවැනි ධ්‍යාන ලාභියෙක්. තුන්වන ධ්‍යාන ලාභියෙක්. හතරවන ධ්‍යාන ලාභියෙක්. සෝවාන් වූ කෙනෙක්ග සකදාගාමී වූ කෙනෙක්. අනාගාමී වූ කෙනෙක්ග රහතන් වහන්සේ නමක් ආදී වශයෙන් ගිහියන්ට කියන්නට පටන් ගත්තේය.

මේ කරුණු ඇසු උපාසක ගිහියෝ එම භික්ෂූන් වහන්සේලා කෙරෙහි අතිශයෙන්ම පැහැදීමක් ඇති කරගන්න ලදී. මෙවැනි ධ්‍යාන ලැබූල මාර්ග එල ලැබූ උත්තමයන් .වග්ගු මුදා. නම් ගංතෙර වස් සමාදන්ව සිටීම තමන්ට මහත් ලාභයක් බව ඔවුන් සිතුවෝය. එසේ සිතා ඔවුන් ප්‍රණීත ආහාර පාන වර්ග දෙමව්පියන්ටත් නොදීල අඹු දරුවන්ටත් නොදීල මිතුරන්ටත් නොදීල නෑයන්ටත් නොදීල දාස කම්කරුවන්ටත් නොදී ‘වග්ගු මුදා’ නම් ගංතෙර වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේලාට දෙන ලදී. එලෙසෙ සැලකිලි ලැබූ ‘වග්ගු මුදා’ නම් ගංතෙර වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේලා අතිශයින්ම වර්ණවත් වියල සමේ පැහැය ලස්සන වියල පිනාගිය ඉඳුරන් ඇතිවියල පැහැපත් විය.

වස් තුන්මස අවසන් වූ පසු ‘වග්ගු මුදා’ නම් ගංතෙර සිටි එම භික්ෂූන් වහන්සේලා නැවත භාග්‍යවතුන් වහන්සේ දැකීමට විශාලා මහනුවරට පැමිණියේය. මේ අතර විවිධ ප්‍රදේශවල වස් සමාදන් වූ ස්වාමින් වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේ දැකීමට පැමිණ සිටි අතරල එම ස්වාමින් වහන්සේලා දුර්වර්ණල නහර ඉලිප්පි ගිය, රළු වූ සිරුරු ඇතිව සිටියේය.

‘වග්ගු මුදා’ නම් ගංතෙර වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේලාගේ සහ අනෙකුත් ස්වාමින් වහන්සේලාගේ මේ වෙනස භාග්‍යවතුන් වහන්සේ විමසා සිටි සේක. එවිට, වග්ගු මුදා නම් ගංතෙර වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේලා පැවසුවේ, දුර්භීක්ෂය තමන්ට බලපෑ බවත් එමනිසා ,උතුරුමිනිස්දම්, ඇති බව අඟවමින් මිනිසුන්ගෙන් ලාබ සත්කාර ලබාගත් බවත් පවසන ලදී.

එවිට භාග්‍යවතුන් වහන්සේ ‘වග්ගු මුදා’ නම් ගංතෙර වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේලාට මෙසේ ගැරහු සේක.

“හිස් පුරුෂයෙනි නුසුදුසු දෙයකි. අනුලොම් නොවූවකි, නොගැලපෙන දෙයකි, නොමහණකමකි, අකැප දෙයකි, නොකටයුත්තෙකි “හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් බඩගින්න නිසා ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස් දම් ගුණ ප්‍රකාශ කළේ ද…? හිස් පුරුෂයෙනි තොප විසින් හරක් කපන තියුණු කැත්තෙන් කුස කපා ගැනීම මීට වඩා හොඳය… බඩගින්න හේතු කොට ගිහියන ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස් දම් පැවසීම නොමනා දෙයකි…… ආදී වශයෙන් නොයෙක් අයුරින් භාග්‍යවතුන් වහන්සේ ගරහන ලදී, එසේ ගරහ කොට ,උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීම, පාරාජිකාවක් බව මෙසේ පෙන්වා දී ශික්ෂාපදය පනවන ලදී.

යම් මහණෙක් නොදන්නේ ආර්‍ය්‍යඥානදර්‍ශනයට යෝග්‍ය වූ උතුරුමිනිස්දම් තමා කෙරෙහි එළවාලි මෙසේ (තමා කෙරෙහි ඇතැයි ) දනිමි. මෙසේ ( තමා කෙරෙහි ඇතැයි ) දකිමියි කියන්නේ .. ඉන් පසු කලෙක විචාරණු ලබන්නේ හෝ නොවිචාරණු ලබන්නේ හෝ පරිජි අවන්නේ පිරිසිදු බැව් කැමැත්තේ මෙසේ කියන්නේ “ඇවැත්නිල මම නොදන්නෙම් මෙසේ දනිමි, කීමි නොදක්නෙම් දකිමි, හිස් බොරු කීම, මේ මහණ ද පරිජි අවන්නේ සංවාස රහිත වේ.”

,උත්තරීමනුස්සධම්ම, නැතිනම් ,උතුරුමිනිස්දම්, ප්‍රකාශය යනු තමා තුල නොපවතින උසස් මිනිස් දහමක් ඇතැයි දැක්වීම. ,උතුරුමිනිස්දම්, එකොළහකි එනම් ; ධ්‍යාන විමොක්ෂ, සමාධි, සමාපත්ති, ඥාන දර්ශන, මාර්ග භාවනා, එලපසක් කිරීම, ක්ලෙෂ ප්‍රහාණය, සිත නීවරණ රහිත බවල ශුන්‍යගාරයේහි ඇලීම.

තමා තුල නැති ඉහත සඳහන් ,උත්තරී මනුස්සධම්ම, ගුණ අඟවමින් සමාජය නොමග යැවීම බලවත් අකුසලයකි.. මුළු සංඝ සමාජයටම හිරිහැරයකි. පාරාජිකාවකි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *