
සමස්ථ ලෝකයෙහි සෑම අස්සක් මුල්ලක් නෑරම නිරන්තර කතා බහකට ලක්වන මාතෘකාවක් බවට ලෝක ආර්ථිකය නම් වූ මැය, අද වනවිට පත්ව ඇත. එනම් කාලාන්තරයක සිට මෙම ලෝකය තුළ සිදුවන්නා වූ විවිධාකාර ආර්ථිකමය වෙනස්වීම් හා සබැඳිව මිනිසුන් විවිධ වෙනස්වීම් උදෙසා හුරුපුරුදු උවද, සමස්ථ ලෝකයෙහි වර්තමාන ආර්ථික තත්වය යනු, සැබවින්ම ගත්කළ එලෙස වෙනස්කමකින් නිමාවක් දැක සිත් සනසවාගත හැකි වාතාවරණයක් නොවනු ඇත. එනම් අද වනවිට මෙම ලෝක ආර්ථිකය එම වෙනස්කම්හි අවසානය දක්වා පැමිණ ඇති අතර තවදුරටත් පෙර පරිදි යම් වෙනස්කම් කිරීමක් තුළින් නැවත හිස එසවීමට කිසිඳු අවස්ථාවක් නොපවතියි.කෙසේ නමුත් ඉහත මා විසින් සඳහන් කරන ලද සියළු කරුණු කාරණා පසෙකලූ පසු සත්‍ය වශයෙන්ම අනාගත ලෝක ආර්ථිකයට කුමක් සිදුවේද…? එසේත් නොමැති නම් ඔබ විසින් කාලාන්තරයක් පුරා දුක් මහන්සි වී ඉතුරු කළ මුදල්හි ආරක්ෂාව පිළිබඳව ඔබහට පැහැදිලි විශ්වාසයක් තිබේද…? යන්නා වූ පැනයන් යමෙකු එක්වරම ඔබගෙන් විමසුවහොත්, ඒ සඳහා ඔබගේ පිළිතුර කෙබඳු වනු ඇත්ද…? සත්‍ය වශයෙන්ම පැවසුවහොත් ඔබට ඒ පිළිබඳව සැබවින්ම නිසියාකාර පිළිතුරක් ලබාදිය නොහැකිය. එනම් එය නිසැකවම ඔබට පමණක් කේන්ද්‍ර වූ ගැටළුවක් නොව මුළු මහත් සිවිල් වැසියන් සියල්ලන් හටම පැන නැඟී ඇති ගැටළුවකි. මේ තුළ ඇති කණගාටුදායකම කරුණ නම්, සමස්ථ ලෝකය තුළ සිටින්නා වූ බහුතරයක් වැසියන්ගේ මෙම නොදැනුවත්භාවයම ඉතාමත් කූට අයුරින් භාවිතයට ගනිමින් ලෝක බලවතුන් මෙම විනාශකාරී ක්‍රියාවන්හි නිරතුරුවම නිරතවීමය. කෙසේනමුත් අප විසින් මින් පෙර ඔබ වෙත ගෙන ආ වටිනා වූ ලිපි සේම, මෙම ලිපිය ඔස්සේද අප උත්සාහ දරනු ලබනුයේ බහුතරයක් වූ ලෝ වැසියා විසින් නොදැනුවත්ව සිටින්නා වූ මෙම ගෝලීය ආර්ථික ව්‍යසනයන් පසුපස පවතින්නා වූ සැබෑ සිදුවීම් මාලාවන් පිළිබඳව ඔබව දැනුවත් කිරීමය. ඒ සඳහා ව්‍යාපාර හා ආර්ථිකය පිළිබඳව හසල දැනුමක් පවතින සුප්‍රසිද්ධ පුද්ගලයෙකු වන ඇමරිකානු ජාතික පෝටර් ස්ටැන්ස්බරි මහතා විසින් ඉදිරිපත් කරන්නා වූ වැඩසටහන්ද භාවිතයට ගැනීමට අප තීරණය කරනු ලැබුවේ ඒ තුළින් මෙම දත්ත සඳහා වන නිරවද්‍යතාවය තවදුරටත් ප්රත්යක්ශ වන හෙයිනි.
ලෝක ආර්ථිකය අද වනවිට පවතිනුයේ කිනම් වාතාවර්නයකද යන පැනය පිළිබඳව නිවැරදි විශ්ලේෂණයක නියැලීමේදී අවබෝධ වන්නා වූ ඉතාමත් පැහැදිලි කරුණක් නම්, එය අද වනවිට පවතිනුයේ ඉතාමත් අවදානම් සහගත තත්වයක බවයි. එනම් කාලාන්තරයක් පුරා ලෝක බලවතා ලෙසින් නම් දරා ගනිමින් සංචිත මුදල් ඒකකයෙහි බලය තමන් සතුව පවත්වා ගැනීමට කටයුතු කළ ඇමරිකා එක්සත් ජනපදය අද වනවිට එහි බංකොලොත්භාවයේ පාමුලට පැමිණ ඇත. එනම් බොහෝමයක් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදෙන පරිදි ඇමරිකානු බැංකු පද්ධතිය ඉතාමත් ශීඝ්‍රයෙන් කඩාවැටෙමින් පවතින අතර මෙය සත්‍ය වශයෙන්ම මෙම ව්‍යසනයෙහි අවසානය නොව ආරම්භය පමණක් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු ගෙනහැර දැක්වුවහොත්, ඇමරිකානු බලාධිකාරය හොඹවන්නා වූ සීමිත පිරිසකගේ අත්තනෝමතික ක්‍රියා කලාපයෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන්නා වූ අධික මූල්‍ය වියදම් පිරිමසා ගැනීම උදෙසා, ඔවුනගේම අනුදැනුම මත ෆෙඩරල් සංචිතය විසින් එයට අවැසි අවස්ථාවන්හීදී මුදල් මුද්‍රණය කරනු ලබයි. එනමුත් එම මුදල් සාමාන්‍ය වෙළඳපොළට නිකුත්වීමෙන් අනතුරුව සිදුවනු ලබන්නේ ඉතාමත් දරුණු තත්වයකි. එනම් මේහා සමඟාමීව වෙළඳපොළ තුළ පවතින මුදල්හි වටිනාකම ක්‍රමානුකූලව හීනවන අතරම ශීඝ්‍රයෙන් රටෙහි ආර්ථික උද්ධමනය ඉහළ යනු ඇත. තවද මෙම ක්‍රියාවලියේ ඊළඟ පියවර වනුයේ උද්ධමනය පාලනය කිරීම උදෙසා රට තුළ පවතින සමස්ථ පොලී අනුපාතයන් ඉහළ දැමීමය. කෙසේනමුත් මෙම සමස්ථ ක්‍රියාවලිය තුළ සිදුවන්නා වූ අතිශය කණගාටුදායක සිදුවීම නම්, බොහෝ කාලයක් පුරා දුක් මහන්සි වී විශ්‍රාම ජීවිතය උදෙසා මුදල් ඉතිරි කළ මනුෂ්‍යයින්ගේ මූල්‍ය සුරැකුම් විනාශ වී යාමය. මා විසින් සඳහන් කරන ලද මෙම සිදුවීම් මාලාව ඉතාමත් පැහැදිලි ලෙසම වර්තමානය වනවිට ඇමරිකා එක්සත් ජනපදය තුළ සිදුවෙමින් පවතී.
කෙසේනමුත් මෙලෙස අහිංසක මිනිසුන්ගේ ජීවිත ඇපයට තබමින් සිදුවන කටයුතු පසුපස සිටිනුයේ කවුරුන්ද යන පැනයට පිළිතුරු සොයමින් යන්නා වූ ගමන තුළ අපහට අවබෝධ වූ කරුණ නම්, මෙම සමස්ථ ක්‍රියාවලිය පසුපස සිටිනුයේ ප්‍රධාන වශයෙන් පුද්ගලයින් කීපදෙනෙකු බවයි. එනම් සමස්ථ ලෝකය පුරා විසිර පවතින විශාලතම මාෆියාවන් වන බොරතෙල්, ඖෂධ හා මත්ද්‍රව්‍ය යන්නා වූ කාටෙල්හි හිමිකරුවන් විසින් නිරතුරුවම මෙම කටයුතු තුළ නිරතවන අතරම ඉන් ඔබ්බට වූ ආයෝජන සමාගම් හිමිකරුවන්ද මේ අතර සිටීම සත්‍ය වශයෙන්ම නොරහසකි. මොවුන් මීට වසර ගණනාවකට පෙර සිටම ඇමරිකානු ආර්ථිකය ප්‍රධාන ලෝක ආර්ථිකයට විවිධ අන්දමින් සෘජු ලෙසම බලපෑම් කරන අතර ඊට ප්‍රධාන හේතුව වී පවතිනුයේ මොවුහු යටතෙහි ඇති ලොව විශාලතම ආයෝජන ආයතන හා කාටෙල් මත ලෝක ආර්ථිකය පැවතීමය. එනම් ඇමරිකානු රාජ්‍ය වත්කම ගත්කළ, එයද සත්‍ය වශයෙන්ම මොවුන්ගේ ව්‍යාපාරික වත්කමට පහළින් පිහිටීම හේතුකරගනිමින් ඇමරිකානු පාලකයින්ද මේ වනවිට ඔවුනගේ අතකොළු බවට පත්ව හමාරය. එනම් ඩිමොක්රටික් හා රිපබ්ලිකන් යන්නා වූ පක්ෂ ද්විත්වය උදෙසාම මොවුන් මුදල් ලබාදෙන බැවින් කුමන පක්ෂයක් පාලනය උදෙසා පැමිණියද, ඔවුන් සෑමවිටම කටයුතු කරනුයේ මෙම පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් උදෙසාය. එනමුත් කාලාන්තරයක් පුරා ක්‍රමානුකූලව සිදුවන්නා වූ මෙම ආර්ථික බිඳවැටීම, අතිශය අහඹු සිදුවීමක් ලෙසින් ලෝකයා වෙත ඒත්තු ගැන්වීමට ඔවුන් උපායමාර්ගික ලෙස කටයුතු කළද, ඔබ අප සියළුදෙනා මනාව අවබෝධ කරගතයුතු වැදගත්ම කරුණ නම්, මෙම එකඳු සිදුවීමක් හෝ අහඹුවක් නොවන බවයි. එනම් විකෘති මත දරන්නා වූ මොවුන් නිරතුරුවම විශ්වාස කරනුයේ මෙම සමස්ථ පද්ධතියම පූර්ණ ලෙසම බිඳදමා මුලසිට නැවත පිහිටුවිය යුතු බවයි. එය කෙතරම් භයානක තත්වයක්ද යත්, මේ වනවිට බහුතරයක් වූ ඇමරිකානුවන්ගේ සමස්ථ ඉතුරුම් පවා ඉතාමත් අනාරක්ෂිත තත්වයක පසුවනු ඇත.
තවද සමස්ථ ලෝකයෙහිම බලාධිකාරය සුරතට ගනිමින් මොවුනගේ අනසක තුළින් ලෝකය පුරා විසිර පවතින ලෝකයෙහි සුවිශාලම ආයෝජන ආයතන වන බ්ලැක් රොක්, වැන්ගාඩ් හා ස්ටේට් ස්ට්‍රීට් යන්නා වූ ආයතනද මීට සමඟාමීව ලෝකයට විශාල හානියක් සිදුකරමින් සිටිනු ඇත. එය නමින් යුක්රේන- රුසියා යුද්ධයයි. එනම් රුසියානු කලාප තුළ පවතින්නා වූ අධික ස්වභාවික සම්පත් අත්කර ගැනීමේ දැඩි අවශ්‍යතාවය පවතින මෙම ඇමරිකානු ආයෝජන සමාගම්, ඒ සඳහා පවතින එකම ක්‍රමවේදය මෙම යුධ තත්වය බව පැහැදිලි ලෙසම අවබෝධ කරගෙන සිටිනු ඇත. එසේ හෙයින් කිසිඳු අයුරකින් මෙම දෙරටට සමතයකට පත්වීමට අවස්ථාවක් ලබා නොදෙන මොවුන් මෙය දැඩිව ආරම්භ වූ 2014 වර්ෂයේ සිට අද දක්වාම විවිධ අන්දමින් අවි ආයුධ සපයමින් දෙරට ගිණිබත් කිරීමට කටයුතුකර ඇත. එපමණක් නොව ලොව වටා සිටින්නා වූ බොහෝ මතධාරීන්ගේ මතය නම්, මෙම බලලෝභී උම්මත්තකයින්ගේ කෲර ක්‍රියා කලාපයන්හි අවසානය බොහෝසෙයින් න්‍යෂ්ටික යුද්ධයක් බවයි. එසේ හෙයින් මෙම සුළුතරයක් වූ කෑදර මිනිසුන් විසින් වසර ගණනාවක සිට සිදුකරමින් සිටින්නා වූ මෙම සමස්ථ විනාශකාරී ඒකාබද්ධ ප්රයත්නයන්, මේ වනවිට ලෝකයෙහි දැඩි විවේචනයට භාජනය වෙමින් පවතින නමුත් අදටත් බහුතරයක් වූ සාමාන්‍ය වැසියා මේ පිළිබඳව ඇති යථාර්තය පිළිබඳව නොදැනුවත්ව සිටිනුයේ මොවුන් විසින් බොහෝමයක් සමාජ මාධ්‍යද ඔවුනගේ පාලනයට ගෙන ඇති හෙයිනි. එනම් ලෝකය තුළ සිදුවන්නා වූ සත්‍ය නිරතුරුවම මාධ්‍ය ඔස්සේ වසන් කිරීමට උත්සාහ දරන මොවුන් ඒ සඳහා ව්‍යාජ පණිවිඩ හා තොරතුරු රාශියක් සමාජගත කරමින් මිනිසුන් නොමග යවනු ඇත. තවද ලෝක ආර්ථික දර්ශක දෙස බැලීමේදී 2002 වර්ෂය වනවිට 36% හි පැවති මධ්‍යම පාන්තික කොටස් ප්‍රමාණය, වසර 10ක් තුළ 28% දක්වා පහත වැට්ටවීමට මොවුන් කටයුතු කර ඇත. එය අද වනවිට ඉතාමත් වේගවත් අයුරින් පහත යෑම ඉතාමත් කණගාටුවට කරුණක් මෙන්ම අතිශය විශාල අන්දමින් හෙළා දැකිය යුතු සිදුවීමකි.
කෙසේනමුත් බොහෝමයක් ආර්ථික හා සමාජ විශ්ලේෂකයින් පෙන්වාදෙනු ලබන්නේ මෙම ආර්ථික බිඳවැටීම, ඇමරිකා එක්සත් ජනපදය තුළ සුවිශාල අභ්‍යන්තරික කැරලි, උද්ඝෝෂණ හා ප්රචන්ඩ ක්‍රියා රැසකට හේතුවක් විය හැකි බවයි. මෙවැනි දරුණු ප්‍රතිවිපාක පිළිබඳවද පැහැදිලි අවබෝධයකින් යුතුව, මොවුන් මෙවැනි අත්තනෝමතික උමතු ක්‍රියාවන්හි නියැලෙනුයේ, ඔවුන් උත්සාහ දරන්නා වූ පුනරාම්භනය තුළින් ඔවුන්ගේ සෘජු පාලනයට නතුවූ ලෝකයක් නිර්මාණය කිරීමට බව අවිවාදාත්මකය. එසේ හෙයින් ලෝකය තුළ මින් පෙර සිදුවූ, එනම් 1997 වර්ෂයෙහි සිදුවූ වෙළඳපොළ බිඳවැටීම, 1998 වර්ෂයෙහි සිදුවූ ජපාන බැංකු අර්බුදය, 2000 වර්ෂයෙහි සිදුවූ ඩොට්කොම්හි වැනසී යාම, ජෙනරල් මෝටර්ස් හා ඉලෙක්ට්‍රික් හි බංකොලොත්භාවය මෙන්ම 2008 වර්ෂයෙහි සිදුවූ ලෝක ආර්ථික අර්බුදය පිළිබඳවද පෙරනිමිති ඵලකළ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු හා ආර්ථික විශ්ලේෂකයෙකු වන පෝටර් ස්ටැන්ස්බරි මහතා මේ වනවිට දැඩි ලෙසම මත ඵලකර සිටිනුයේ වර්තමානයෙහි ඇමරිකා එක්සත් ජනපදය තුළ සිදුවෙමින් පවතින්නා වූ ආර්ථික බිඳවැටීම, මින් පෙර ලෝකයේ සිදුවූ ආර්ථික බිඳවැටීම් මෙන් කිසිලෙසකත් හිස එසවිය හැකි අන්දමෙහි බිඳවැටීමක් නොවන බවයි. එනම් වර්තමානය වනවිට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන බටහිර යුරෝපීය රාජ්‍යයන්හි වාර්ෂික දළ නිෂ්පාදන වේගය ඉතාමත් ශීඝ්‍ර ලෙස පහත වැටෙමින් පවතින අතරම එම රාජ්‍යයන්හි ජීවත්වන වර්තමාන තරුණ පිරිස් තුළ පවතින්නා වූ අධික අලස බවත්, වගකීම් රහිත බවත් හේතු කරගනිමින් මෙම ගෝලීය ආර්ථික විශ්ලේෂකයින් පවසා සිටිනුයේ මෙම ආර්ථිකය නැවත ප්‍රතිනිර්මාණය කිරීම සිදුකළ නොහැක්කක් බවයි. තවද එලෙස සිය මතය ප්‍රකාශ කරන්නා වූ ස්ටැන්ස්බරි මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටිනුයේ මෙය සමස්ථ ලෝකයෙහිම වෙළඳපොළ ආර්ථිකයට දැඩි මරු පහරක් ඉල්ල කරන බවය. ඒ මන්ද යත්, මේ තුළින් ඇමරිකා එක්සත් ජනපදය මූලිකව පැවති ආනයන හා අපනයන බිඳවැටෙන අතරම එය මෙතෙක් පැවති වෙළඳපොළ ජාලයම බිඳවැටීමටද හේතුසාධක වනු ඇත. එමෙන්ම මේ පිළිබඳව ඉතාමත් දීර්ඝ සටහනක් වෙත යාමට මා අදිටන් කර නොගනුයේ මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපි පෙළක් මින්පෙර ඔබ වෙත ගෙනඒමට අප කටයුතු කළ නිසාවෙන් හා මේ පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝ පටයක් මෙම ලිපිය සමඟින් ඔබවෙත ලබාදීමට අප කටයුතු කරන හෙයිනි.
කෙසේනමුත් මා විසින් ඉහත සඳහන් කරන ලද සමස්ථ කරුණු කාරණාද අතැතිව, අවසාන වශයෙන් මා ඔබට ප්‍රකාශකර සිටිනුයේ නුදුරු අනාගතය තුළ ඔබ අප සියළුදෙනා හටම මුහුණදීමට සිදුවන මෙම ගෝලීය ආර්ථික ව්‍යසනයන් පිළිබඳව පැහැදිලි හා නිවැරදි අවබෝධයක් ලබාගනිමින් ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමවේදයක් තුළින් මෙරට නඟා සිටුවීමට හැකි ශක්තිමත් නායකයෙකු වන ලෙසය.
ඔබගේ වැඩිදුර දැනුම සදහා යොමු වන්න.
https://www.portersnextwarning.com/reset-a
ආචාර්ය තිස්ස ජිනසේන.
2023.09.29