November 24, 2026

අප ජීවත් වූ මෙතෙක් සංසාරික ගමන තුළ විවිධ සිදුවීම් හා අත්දැකීම් අපගේ යටි සිත තුළ මිහිරි හා අමිහිරි අත්දැකීම් ලෙස නිධන් ගත වී ඇත. ඔර්මප් යනුවෙන් හඳුන්වන භීතිකා නම් තත්ත්වය ඇති වන්නේ මෙම අමිහිරි අත්දැකීම් තුළිනි. මෙහිදී තම ළමා කාලයේ දී මවගේ ගර්භාෂය තුළ දී එසේත් නොමැතිනම් පෙර ආත්ම වලදී සිදුවන ලද අමිහිරි අත්දැකීම් යටිසිත තුළ තැන්පත් වීම හේතුකොට ගෙන වර්තමානයේ දී අපගේ හැසිරීම් වලට බලපෑම් එල්ල වීම හා විවිධ කායික මානසික අපහසුතාවයන් පැනනැගීම භීතිකා තත්ත්වයක් ලෙස හැඳින්විය හැක.
උදාහරණ ලෙස කෙනෙකු ජලයට බිය වෙති. තවකෙකු උස ස්ථාන වලට බිය වෙති. තවත් අයෙකු අන්ධකාරයට බිය කරයි. මෙවැනි මානසික අපහසුතාවයන් වලට හේතුව නම් ඉහතින් සඳහන් කළ භීතිකා යටිසිත තුළ නිධන්ගත වී තිබීමයි. එනම් කෙනෙකු ජලයට බිය කරන්නේ නම් ඔහුගේ ජීවිතය තම කුඩා කාලයේ දී හෝ තම මවු කුස තුළ දී එසේත් නොමැතිනම් පෙර ආත්මයක දී ජලය හා සම්බන්ධව ඇතිවන ලද අමිහිරි සිදුවීමක මතකයක් යටිසිත තුළ තැන්පත් වීම හේතුවෙන් ඔහු ජලයට බියක් දක්වයි. එමෙන්ම උස ස්ථාන වලට මෙන් ම අන්ධකාරයට බිය වන පුද්ගලයන් එ් හා බැඳුන අමිහිරි අත්දැකීම් වලින් මෙවැනි අපහසුතා වලට ගොදුරු වී ඇති බව දැක්විය හැක. මෙවැනි අකාරයේ දීර්ඝකාලීනය පවතින අපහසුතා මත පදනම් වූ භීතිකා අපගේ යටි සිත තුළ පවතී.නොහැකිව තවමත් අපහසුතාවයෙන් පෙළෙන බොහෝ පිරිසක් දක්නට ඇත. රෝගයට හේතුව භීතිකාවක් නම් එය ඉවත් කිරීමෙන් එම රෝගයන් නිට්ටාවටම සුව කරගත හැක.


භීතිකා තත්ත්වයන් අපට බලපාන්නේ කෙසේ ද?

භීතිකා අත්දැකීම් ජීවිතයේ ආරක්‍ෂාවට තර්ජනයක් සේ හැගෙයි. එසේ ම ඔබය යටපත් කර දමන ආකාරයේ හෝ ඔබය හුදෙකලා කරන ආකාරයේ අවස්ථාවන්ට පත් කරනු ලබන අතරම භීතිකා අත්දැකීම් බවට පත් වේ.

මානසික වශයෙන් මෙම භීතිකා තත්ත්වයන් බලපාන ආකාරය අනුව,

  • ඔබ අවුල් සහගත හැඟීම් මත අරගල කර ඇති අවස්ථා
  • බියජනක මතකයන් තුල ජීවත් වීම.
  • අඛණ්ඩව පවතින අන්තරායන් පිළිබඳ හැඟීම්
  • වෙන්වීමේ හැඟීම් ගොඩනගා ගැනීම
  • අන් පුද්ගලයින්ව විශ්වාස කිරීමට අපහසුතා ඇති වීම

භීතිකා ඇතිවිය හැකි හේතු සාධක,

  • ස්වභාවික විපත්
  • සාහසික ප‍්‍රහාරයන් වලට ගොදුරු වීම්
  • දරුණු අපරාධ පවතින වටපිටාවක ජීවත් වීම
  • දරුණු රෝග සමග අරගල කරමින් ජිවත් වීම

ළමා විය තුළ අනාගතයේ දී භීතිකා තත්ත්වයක් ඇතිවීමට බලපෑම් ඇති කරන හේතු සාධක,

  • දෙමාපියන්ගෙන් වෙන්වීම්
  • බරපතල රෝගාබාධ
  • ආගන්තුක ප‍්‍රතිකාර ක‍්‍රියාවලීන්
  • ලිංගික, ශාරීරික ¥ෂනයන් හෝ වාචිකමය බැන වැදීම්
  • ගෘහස්ථ හිංසනය
  • දෙමාපියන් දරුවා කෙරෙහි ඇති නොසැලකිල්ල
  • දාමරිකකම් ඇති පරිසරයන් තුළ ජීවත් වීම.

මෙවැනි භීතිකා තත්ත්වයන් සාර්ථකව ඉවත් කර ගරනීඹට ක‍්‍රම රාශියක් පවතී. එසේ බවත් කරගැනීමට නම් යටි සිත සමග කතා කිරීමට අවශ්‍ය වෙනවා. යටිසිත සිත සමග කතා කිරීමට ද ක‍්‍රම රාශියක් පවතී. එ් අතර ඵමිජකැ එැිඑසබට හා ඩදසජැ ාස්කදට වැනි ක‍්‍රමෝපායන් රාශියක් පවතී. මෙම ක‍්‍රමෝපායන් පිළිබඳ වැඩි දුර කාරණා අවශ්‍ය පුද්ගලයන් හැර අප හා විමසීමෙන් තෙරතුරු ලබාගත හැක. මෙම භීතිකා ඉවත් කරන ආකාරය පිළිබඳව විශේෂ හේතූන් මත කරුණු කාරණා ඔබ හට ලබාදිය නොහැකි වුව ද එසේ භීතිකා ඇති පුද්ගලයන්ට එය සාර්ථක ලෙස ඉවත් කර ගැනීමට අපගෙන් විමසන්න.

ආචාර්ය තිස්ස ජිනසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *