
සමස්ථ ලෝකය දෙස බලනවිට, ඒ තුළ පවත්නා වූ ජීවන රටාවන්, වෘත්තීය සංස්කෘතීන් සත්‍ය වශයෙන්ම එක්තරා අන්දමකින් කිසියම් නිෂ්චිත වූ රාමුවක් තුළ, එසේත් නොමැතිනම් කිසියම් ක්‍රමවේදයක් මතින් සිදුවන බව නොරහසකි. එනමුත් ඒ තුළ පවතින ගැටළුකාරී තත්වය නම්, එම ක්‍රමවේද ඔස්සේ කටයුතු කරන්නා වූ ගෝලීය මනුෂ්‍ය ප්‍රජාව ඔවුනගේ අභ්‍යන්තර ජීවිත ඉතා අසතුටුදායක ලෙස ගතකිරීමය. එනම් සාමාන්‍ය මනුෂ්‍යයෙකු වශයෙන් ඔබ අප සියළුදෙනා හටම මෙම සමාජය තුළ ජීවත්වීම සඳහා මූල්‍යමය අවශ්‍යතාවයන් පැන නගින අතරම එම මූල්‍යමය අවශ්‍යතාවයන් සාක්ෂාත් කරගැනීම උදෙසා අපහට නිසැකවම වෘත්තියක හෝ ව්‍යාපාරයක නියැලීමට සිදුවනු ඇත. එහිදී ඔබ සිදුකරන්නා වූ වෘත්තීය ජීවිතය, ඔබ හට සැබෑ ආත්ම තෘප්තියක් ගෙනඑන්නේද යන උභතෝකෝටික ගැටළුව තුළ අදවන විට සෑම මනුෂ්‍යයෙකුම පාහේ සිරවී හමාරය. එනමුත් ඒ තුළ පවතින්නා වූ අවාසනාවන්තම ඉරණම නම්, කෙතරම් අතෘප්තිමත් වෘත්තීය ජීවිතයක් ඔවුන් සතුව පැවතියද තම ජීවිතය මෙන්ම පවුලෙහි අනාගත සුරක්ෂිතභාවය උදෙසා ඔවුන් එම සියළුම බාහිර පීඩාවන් හා දුක් ගැහැට ඉවසා දරාගනිමින් ඒ මතින් ජීවිතය ඉදිරියට ගෙනයාමය.
කෙසේනමුත් තෘප්තිමත් වෘත්තීය ජීවිතයක්, එසේත් නොමැතිනම් තම වෘත්තීය ජීවිතය සතුටුදායක ලෙස ගතකිරීම සිදුකළ හැක්කක්ද යනුවෙන් මා ඔබගෙන් ප්‍රශ්න කළහොත් ඒ සඳහා ඔබගේ පිළිතුර කෙසේ විය හැකිද ? මිනිසුන්ගේ වෘත්තීය සතුට කෙතරම් පිරිහී ඇත්ද යත් අද වනවිට ඉහතින් මා ගෙන ආ පැනයට බහුතරයකගේ පිළිතුර සෘණාත්මක ස්වරූපයක් ගෙන ඇත. එනමුත් පෙරදිග සංස්කෘතීන් හා ක්‍රමවේදයන් තුළින් ආභාෂය ලත් පුද්ගලයෙකු වෙත ඉහත පැනය භාර කළහොත් එ් සඳහා ලැබෙන්නා වූ පිළිතුර නොඅනුමානව ධනාත්මක වනු ඇත. එසේහෙයින් මෙලෙස දෙආකාරයක වූ වෘත්තීය සංස්කෘතීන් හා ක්‍රමවේද සමාජගත වූයේ කෙසේද මෙන්ම එ් තුළින් සමස්ථ මනුෂ්‍ය ප්‍රජාවට මෙන්ම සමාජයට යෝග්‍ය හා ප්‍රතිඵලදායක ක්‍රමවේදයන් මොනවාද යන්න පිළිබඳව කරුණු කාරණා සොයා බැලීම ඉතා ප්‍රයෝජනවත් ලෙස මා දකිනු ලබන්නේ ඒ තුළින් එළෙඹෙන අනාගත ලෝකය උදෙසා ඉතා ප්‍රීතිමත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීමේ පවිත්‍ර චේතනාව මා සතුව පවතින හෙයිනි.
පෙරදිග සංස්කෘතීන් තුළ පැවති මානුෂීය ගති පැවතුම් හා ක්‍රමවේද මූලික කරගනිමින් සතුටින් පිරි වෘත්තීය ජීවිතයක් බොහෝ රාජ්‍යයන්හි සාමාන්‍ය ජනයාගේ ජීවිත තුළට බද්ධව පැවතියද කාර්මික විප්ලවය හා සමගාමීව පැවති කාලසීමාවෙන් අනතුරුව එම ප්‍රීතිමත් ජීවිත ක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කරන්නට විය. එනම් දළ වශයෙන් 1760 වර්ෂයේ සිට 1840 වර්ෂය දක්වා වූ කාලපරිච්චේදයක් පුරා ඉතා ශීඝ්‍ර ලෙස පැතිරී ගිය කාර්මික විප්ලවයෙහි අනිසි ප්‍රතිඵල ලෙස වහල්භාවය මුදුන්පත් වූ ව්‍යාපාර මෙන්ම කාර්මික වැඩබිම් පරිසරයක්ද බටහිර ලෝකය තුළ නිර්මාණය වන්නට විය. මන්ද යත් කාර්මික විප්ලවයත් සමඟ පැමිණි යන්ත්‍රෝපකරණ හේතුවෙන් එය මිනිස් ශ්‍රමය උදෙසා වැදගත් ආදේශකයක් ලෙස පැවතියද දිනෙන් දින වර්ධනය වූ වෙළඳපොළ තරඟකාරීත්වයත්, බටහිර සංස්කෘතිය තුළ පැවති රදල පාලනයත් හේතුකරගනිමින් හුදෙක් සුළුතර රදල පාලකයින්ගේ දියුණුව උදෙසා අවශ්‍ය වූ වැඩබිම් සංස්කෘතියක් බටහිර සමාජය තුළ නිර්මාණය වන්නට විය. 18 වන සියවස ආරම්භයේ සිටම බටහිර ලෝකයෙහි පැවති තරඟකාරී කාර්මික පරිසරය හේතුවෙන් නිසි පරිදි තම ශ්‍රමිකයින් පාලනය කරලීමට අවශ්‍ය පිරිස් කළමණාකරණ ක්‍රියාවලියක් ඔවුනට අවශ්‍ය විය. හුදෙක් වචනයකට පමණක් සීමා වූ එම පිරිස් කළමණාකරණ ක්‍රමවේදයන් සත්‍ය වශයෙන්ම ගත්කළ එක්තරා අන්දමකින් නිර්ධන පන්තියෙහි ශ්‍රමය සූරාකෑම උදෙසා සකස් වූ රදල පාන්තික ගුන්ඩු ලෙස ක්‍රියා කරන්නට විය. කෙසේනමුත් මෙම කාලපරිච්ෙඡ්දයට සමකාලීනව ජර්මානු ජාතික සමාජ විද්‍යාඥයෙකු වූ මැක්ස් වෙබර් මහතා විසින් නිළධාරීවාදී සංකල්පයද කළමණාකරණ ක්ෂේත්රය වෙත ඉදිරිපත් කර ක්‍රියාවට නංවන්නට විය. පැවති පරිපාලන ක්‍රමවේදයන් හට බොහෝ සෙයින් සමීප වූ අංග ලක්ෂණ පැවති නිළධාරීවාදී සංකල්පය බටහිර කාර්මික පරිසරයට කෙතරම් බද්ධ වූවාද යත් අදවන විටද එම ඇතැම් ක්‍රමවේද බොහෝ ආයතනික පරිපාලනයන් තුළ දක්නය ලැබීම අදහා ගැනීමට පවා නොහැකි කරුණකි. මේ අයුරින් වූ සංකල්ප හා පරිපාලන ක්‍රමවේද ඔස්සේ එදා සිට අද දක්වා වූ කාලසීමාව පුරා වැඩ බිම් පරිසරය තුළ සේව්‍ය-සේවක අන්දමින් තරාතිරම් මෙන්ම පරතරයන්ද ඉතාමත් විශාල අන්දමින් වර්ධනය විය.

කෙසේනමුත් ඉහත මා සඳහන් කළ සමස්ථ කරුණු කාරණා පිළිබඳව ඉතා විමර්ශනශීලී ලෙස අධ්‍යයනය කිරීමේදී පැහැදිලි ලෙසම ප්රත්යක්ශ වන්නා වූ කරුණක් නම්, මෙම ක්‍රමවේද සැබවින්ම යටත්විජිතකරණ සමයෙහි පැවති වහල් පාලනයන් හට ඇතැම් සමානකම් පැවතීමයි. එනම් එහි සමස්ථ ක්රියාවලියෙහි අවසාන ප්‍රතිඵලය වූයේ ආයතනික හිමිකරුගේ සාර්ථකත්වයේ ශක්තිය ලෙස කටයුතු කළ ශ්‍රමිකයාගේ ජීවිතය අතෘප්තිමත්භාවයට පත්වීමය.
කෙසේනමුත් අද වනවිට මෙම යල්පැනගිය ක්‍රමවේද සමාජය තුළින් ප්‍රතික්ෂේප වීමේ වැඩි නැඹුරුතාවයක් දක්නට ලැබෙනු ඇත. එයට ප්‍රධානම හේතුව නම්, අතීතය පුරා ක්‍රියාත්මකව පැවති යුධමය පාලනයන් හා සමාන වූ පරිපාලන දෘෂ්ඨි කෝණයන්ගෙන් බැහැරව මානුෂීය ප්‍රතිපත්ති හා බැඳුණු පරිපාලන ක්‍රමවේද ඔස්සේ ලෝකය ජයගත් සාර්ථක චරිතයන් ලෝකයේ නන් දෙසින් බිහිවීමය. එනම් ටොයෝටා, පැනසොනික් මෙන්ම ටෙස්ලා වැනි ශීඝ්‍ර ලෙස දියුණු වූ ආයතනයන්හි නිර්මාතෘවරුන් විසින් තමන්ගේ සාර්ථකත්වය පසුපස පැවති මානුෂීය මෙන්ම පරාර්ථකාමී ප්‍රතිපත්ති හා ක්‍රමවේද ලෝකයට එළි දැක්වීමත් සමඟ බටහිර ලෝකය තුළ රජකළ සේවකයන් සූරාකෑ ක්‍රමවේදයන්හි පැවති ඒක පාර්ශවික සාර්ථකත්වය මෙන්ම අවිධිමත් ක්‍රියාපටිපාටි පිළිබඳවද මිනිසුන් හට අවබෝධ වන්නට විය. වරක් පැනසොනික් ආයතනයෙහි නිර්මාතෘවරයා වූ ජපන් ජාතික කොනොසුකේ මට්සුෂිටා මහතා සිය ආයතනික කළමණාකරණය පිළිබඳව රචිත “Heart of Management” නම් ග්‍රන්ථය තුළ සඳහන් කරන ලද්දේ සේවකයාගෙහි නිරන්තර වෘත්තීය සතුට සෑමවිටම ආයතනයෙහි සාර්ථකත්වය කරාද සෘජු ලෙසම බලපාන බවය. තමද වැඩිදුරටත් ඔහු එම ග්‍රන්ථය තුළින් ප්‍රකාශකර සිටින්නට වූයේ ආයතනය විසින් සේවකයා හට ලබාදෙන්නා වූ නොවෙනස් වන සේවක ගරුත්වයත්, පිළිගැනීමත් තුළින් සේවකයාද ඉතා සතුටින් සිය වෘත්තිය තුළ නියැළෙන බවත්, ඊට සමගාමීව ඔවුන් තම ශ්‍රමයද හෘදයාංගම ලෙස ආයතනයට ලබාදෙන බැවින් සේවක කාර්යඵලයද ඉහළ අගයක් දක්වා වර්ධනය වන බවත් ය.
ඉහතින් මා සඳහන් කරන ලද සියළුම කරුණු කාරණා හා සමඟින් මා ඔබට හුවා දැක්වීමට උත්සාහ කරනු ලබන්නේ යල්පැන ගිය බටහිර කළමණාකරණ ක්‍රමවේද මතින් තවදුරටත් ඔබගේ වෘත්තීය ජීවිතය අතෘප්තිමත් ලෙස නොගෙවිය යුතු බවය. එනම් තරුණ ඔබ නිරන්තරයෙන්ම ඔබගේ අභ්‍යන්තර සතුට පිළිබඳව වගබලා ගතයුතු අතරම ඊට සමගාමීව ඔබගේ වෘත්තියද සතුටින් ගතකිරීමට සෑම අවස්ථාවකම උත්සාහ කළ යුතුය. මන්ද යත් එ් තුළින් සෑමවිටම ඔබගේ පවුල් පරිසරය මෙන්ම සමාජීය වටපිටාවද ප්‍රීතිමත් වනු නොඅනුමානය.
කෙසේනමුත් වර්තමාන ශ්‍රී ලාංකීය වැඩබිම් පරිසරය පිළිබඳව සොයා බැලීමේදී දක්නට ලැබෙන කනගාටුදායක තත්වය නම්, රාජ්‍ය අංශය ඇතුළු බහුතරයක් වූ පෞද්ගලික ආයතන තුළ රැකියාවන්හි නිරත වන්නා වූ බොහෝමයක් තරුණ ශ්‍රමිකයින් අසතුටින් යුතුව ජීවත්වීමය. මෙලෙස මෙම කරුණු කාරණා තුළින් මා ඔබට පසක් කිරීමට උත්සාහ කරනු ලබන්නේ මෙවන් අතෘප්තිමත් වෘත්තීය ජීවිත තුළින් රටට මෙන්ම සමාජයටද සිදුවන ශ්‍රම අපතේ යාම පිළිබඳවය. එනම් ආයතනයන් කෙරෙහි මෙන්ම වෘත්තීය කෙරෙහිද සේවකයින් තුළ පවතින්නා වූ අසතුට හේතුවෙන් ඔවුන් සෑමවිටම තමන්ගේ උපරිම ශ්‍රම දායකත්වය ආයතනයට ලබා නොදෙන අතර කිසියම් කාලසීමාවකට පමණක් නතුව තම ශ්‍රමය ලබාදීමට කටයුතු කරනු ලබයි. මේ තුළින් රාජ්‍යයක් වශයෙන් අප කෙතරම් පසුගාමී තත්වයකට පත්වනු ඇත්ද යත් ඔබ ඔබගේ බුද්ධිය තුළින් විමසිය යුත්තක් ලෙස මා දකිමි. මේ පිළිබඳව ගෝලීය වශයෙන් අධ්‍යයනය කිරීමේදී දිස්වන්නා වූ සිත් ඇදගන්නා සුළු කරුණක් නම්, ලෝකය තුළ ශීඝ්‍ර ලෙස සංවර්ධනයන් කරා ගමන් ගන්නා චීනය, සිංගප්පූරුව, රුවන්ඩාව හා අසර්බයිජානය වැනි රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වන්නා වූ පරිපාලන ක්‍රමවේදයන් ය. එනම් සෑමවිටම ඔවුන් තනි අරමුණකින් බැහැරව පොදු අරමුණක් කරා සේවක පිරිස අරමුණු ගත කරයි. එසේ හෙයින් සේවක පිරිසද තමන් සතු අරමුණක් කරා ගමන් ගන්නා අන්දමින් ඉතා සතුටින් ඔවුන්ගේ ශ්‍රමය ආයතනයට ලබාදීමට කටයුතු කරනු ලබයි. එම සිද්ධි දාමයෙහි අවසාන ප්‍රතිඵලය ලෙස අදවන විට එම රාජ්‍යයන් ශීඝ්‍ර සංවර්ධනයන් කරා ළඟා වී හමාරය.
ඉහත කරුණු කාරණා හරවත් අන්දමින් ගෙනහැර දක්වමින් මා ඔබට අවබෝධ කරලීමට උත්සාහ කරනු ලබන්නේ වර්තමාන ශ්‍රී ලංකාවෙහි සංවර්ධනය උදෙසා අවශ්‍ය වනු ලබන්නේ මෙවන් මානුෂීය ප්‍රතිපත්ති මත පදනම් වූ ප්‍රීතිමත් වැඩබිම් සංස්කෘතියක් බවය. තවද මේ අයුරින් ඉතා විශ්වාසවන්ත ලෙස කරුණු හුවා දක්වමින් ඔබේ ජීවිතය වෙනස් කිරීමට මා උත්සාහ කරනු ලබන්නේ කිනම් ප්‍රායෝගික අත්දැකීමක් මත පදනම්වද යනුවෙන් වූ සාධාරණ සැකයක් ඔබ තුළ හටගනු ඇතැයි මා ප්රත්යක්ෂ ලෙසම දැන සිටිමි. ඔබගේ සැකය දුරුකිරීම උදෙසාත්, මා සතු පරිපාලනමය අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගැනීම උදෙසාත්, මා මෙම ලිපිය තුළ ලෝඞ්ස්ටාර් ආයතනයෙහි ගමන් මඟ පිළිබඳව සාරාංශගත කරුණු කාරණා කීපයක් ඔබගේ අවබෝධයට එක් කිරීමට බලාපොරොත්තු වෙමි.
එනම් පරම්පරා ද්විත්වයකින් පන්නරය ලබමින් ජිනසේන සමූහ ව්‍යාපාරයෙහි තුන්වන පරම්පරාවට උරුමකම් කී මා 1984 වර්ෂයේදී අභිනව ලෝඞ්ස්ටාර් ආයතනයට ආරම්භය ලබාදෙනු ලැබුවේ මා සතුව පැවති න්‍යායාත්මක දැනුමෙහි සහ සමාජීය දැනුමෙහි සම්මිශ්‍රණයක් තුළිනි. එනම් සුළු පිරිසකගේ සහභාගීත්වය තුළින් ආරම්භ කළ ලෝඞ්ස්ටාර් ආයතනයට ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකේය වෙළඳපොළෙන් ඔබ්බට වූ ලෝක වෙළඳපොළ දක්වාද ගමන් කිරීමට හැකිවනු ලැබුවේ අපගේ ආයතනික පරිසරය තුළ පැවති වේගවත් කාර්යසාධනය හේතුවෙනි. එනම් අප ආයතනය තුළ කිසිඳු අයුරකින් සේවක මානසිකත්වයක් කිසිවෙකු හට ඇතිවීමට අප ඉඩ නොදුන් අතර සියළුදෙනා එකම පවුලක සාමාජිකයින් ලෙස සළකමින් ඔවුන් මෙන්ම ඔවුන්ගේ පවුල් පරිසරයද සඵලවත් ලෙස පවත්වා ගැනීමට අතහිත දුණි. තවද සෑමවිටම ඔවුන්ගේ ගැටළු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදෙමින් ප්‍රීතිමත් ජීවිතයක් ඔවුන් සතුකිරීමට අප සමත් වූයේ කිසිඳු දිනයක නොවෙනස්වන සාමාජික විශ්වාසයද අප සතු කරගනිමිනි. එපමණක් නොව ආයතනික ධූරාවලිය උඩු යටිකුරු කළ අප හුදෙක් නිළධාරීවාදී සංකල්ප තුළින් බැහැර වූ අතර ග්‍රාමීය තරුණයින් සතුවූ විවිධාකාර විභවයන් අවබෝධ කරගනිමින් ඊට අදාළ වූ පුහුණුව හා සංවර්ධනය ලබාදීමට කටයුතු කරනු ලැබුවේ ඔවුන් ක්ෂේත්රයේ ප්‍රවීණයන් ලෙස ඔසවා තබමිනි. මේ අයුරින් මුදලට පමණක් සීමා නොවූ විවිධාකාර මානුෂීය ක්‍රමවේද තුළින් අප අපගේ සාමාජිකයින්ගේ සතුට නොවෙනස්ව පවත්වා ගැනීමට වගබලාගනු ලැබුවේ සාමාජික සාර්ථකත්වය ආයතනික සාර්ථකත්වයේද පාදම ලෙස ක්‍රියාකරනු ඇති බව ප්රත්යක්ෂ ලෙසම දැනසිටි බැවිනි. මෙම සමස්ථ ක්‍රියාවලිය තුළින් ආයතනය හා සාමාජික මහතුන් අතර පැවති බැඳීම කෙතරම් ශක්තිමත් වූවාද යත්, විවිධ අවස්ථාවන්හීදී මා හට ආයතනය පිළිබඳව ඇතැම් තීරණ පවා ගැනීමට නොහැකි වූයේ සමස්ථ සාමාජිකයින් මෙය තමන්ගේ ආයතනය ලෙසත්, එහි සාර්ථකත්වය උදෙසා සාමාජික මහතුන්ගේද තීරණ වැදගත් බව පැවසීම හේතුවෙනි. එ් අයුරින් ඉතා සතුටින් තම යුතුකම් හා වගකීම් ආයතනය වෙත ලබාදුන් ලෝඞ්ස්ටාර් සාමාජිකයින් කිසිඳු අයුරකින් කාලසීමාවන්ට නතුව කටයුතු නොකළ අතර දිවා රාත්‍රී නොබලා ආයතනය උදෙසා ඇපකැප වූයේ තමන් ලෝකය දිනුවාක් හා සමාන සතුටක් සිත් තුළ දරාගනිමින් ය. මෙලෙස නිරතුරුවම ජය-ජය සංකල්පය මුදුන්පත් කරගනිමින් කටයුතු කළ අප ඒ ඔස්සේ ඉතා ශීඝ්‍ර සංවර්ධනයක් කරා ළඟා වූයේ සමස්ථ ලෝක වෙළඳපොළ තුළද ලෝඞ්ස්ටාර් නාමය දිදුළවමිනි.
කෙසේනමුත් මෙලෙස ඉතා සාරාංශගත ලෙස හෝ අපගේ සාර්ථකත්වයේ ගමන් මඟ පිළිබඳව ඔබ වෙත කරුණු ඉදිරිපත් කිරීමට මා අදිටන් කරගනු ලැබුවේ ප්‍රීතිමත් වෘත්තීය ජීවිතයක් තුළින් සිදුකළ හැකි සමාජීය හා ආර්ථික සංවර්ධනය පිළිබඳව ඔබගේ අවබෝධයට යමක් එකතු කිරීම අරමුණු කරගනිමින් ය. මානුෂීය ක්රමෝපායන් තුළින් සාර්ථකත්වයේ හිනිපෙත්ත දක්වා ගමන් කළ ලෝඞ්ස්ටාර් ගමන් මෙඟහි අංග සම්පූර්ණ දිගුවක් නොබෝ කලක් තුළ ඔබ වෙත ගෙන ඒමේ බලාපොරොත්තුවද අතැතිව මා අවසාන වශයෙන් ඔබ හට අවදාරණය කරනු ලබන්නේ වර්තමාන සමාජය තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නා වූ පීඩාකාරී වෘත්තීය ජීවිතයට සමුදෙමින් සතුටෙන් පිරි වෘත්තීය ජීවිතයක් කරා ඔබගේ ජීවිත හැඩගස්වා ගන්නා ලෙසය.
ආචාර්ය තිස්ස ජිනසේන
2023.04.14