
සමස්ථ ලෝක ඉතිහාසය තුළ පවතින්නා වූ බොහෝමයක් බල පරාක්‍රමයන්ගේ විජයග්රහණයන් තුළ පැවති ක්රමෝපායන් සත්‍ය වශයෙන්ම සාධාරණද, එසේත් නොමැතිනම් මානුෂීයද යන්න පිළිබඳව මා හට පවතිනු ලබන්නේ මහත් ගැටළුකාරී අදහසකි. මන්ද යත් ශිෂ්ටාචාරගත වූ විවිධාකාර කාල පරිච්චේදයන් පැවති දීර්ඝ ඉතිහාසයක් උදෙසා උරුමකම් කියන්නා වූ මෙම වර්තමාන පෘථිවි තලය, මෙතෙක් පසුකර ආ ගමන් මඟ තුළ පැවති බොහෝමයක් අසාධාරණ බල විකාශනයන් සඳහා සාක්ෂි දරනුයේ සෑමවිටම ඒ තුල පැවති කෲර ප්රතිපත්තීන් ලෝකයා හට කියා පෑමටය. කෙසේනමුත් මෙවන් අතීත ශිෂ්ටාචාරයන් රාශියක් පිළිබඳව ගෙනහැර දැක්වීමට වුවද අප්‍රමාණ වූ කරුණු කාරණා රාශියක් අප සතුව පැවතියද, හුදෙක් වර්තමාන ශිෂ්ටාචාරයෙහි විකාශනය තුළ සිදුවූ අශිෂ්ට පාලන ක්‍රමවේද පිළිබඳව අප ඔබගේ අවබෝධයට යමක් එක් කිරීමට උත්සාහ දරනු ලබන්නේ ඔබ අප සියළුදෙනා තවදුරටත් මෙම ශිෂ්ටාචාරයෙහිම කොටස් කරුවන් ලෙස ජීවත්වන හෙයිනි.
වර්තමාන ලෝකය තුළ පවත්නා වූ පාලන ව්‍යුහයන්, ක්රමෝපායන් පිළිබඳව සොයා බැලීමේදී සත්‍ය වශයෙන්ම අපහට එහි ආරම්භය දෙස හැරී බැලීමට සිදුවනු නිසැකය. එයට හේතුව නම්, එම ක්රමෝපායන් සෑමවිටම දිනක්, සතියක් හෝ වසරක් වැනි කෙටි කාලයක් තුළ නොව ශතවර්ෂ ගණනාවක් වැනි විශාල කාලසීමාවක් පුරාවට ක්‍රමානුකූලව ගොඩනැඟුණු ක්‍රියාවලීන් වීමය. කෙසේනමුත් බලය, එසේත් නොමැතිනම් පාලනය යන්නා වූ වචනයන් ඇසූ පමණින් අදවන විට ඔබගේ සිහියට නැගෙනුයේ ඇමරිකා එක්සත් ජනපදයයි. අදවන විට යම් ව්‍යාකූලත්වයක් කරා ගමන් ගනිමින් සිටියද, 19වන සියවසේ අගභාගයේ සිට අදවන තෙක් මෙම ඇමරිකා එක්සත් ජනපදය මෙසේ සමස්ථ ලෝකය පුරා තම බලය පතුරුවාලූයේ කෙසේද යන්න බොහෝදෙනෙකු හට ගැටළුවක්ව පවතී. එසේහෙයින් එහි මූලාරම්භය පිළිබඳව මෙම ලිපිය තුළින් ඔබගේ දැනුම ශක්තිමත් කිරීමට මා තීරණය කරනු ලැබුවේ එය ඔබගේ දැනුමට යම් වටිනාකමක් එක් කරනු ඇතැයි විශ්වාස කරන හෙයිනි.
16වන සියවසේ සිට වර්ධනය වෙමින් 18වන සියවස වනවිට තම විකාශනය පවා පුළුල් අන්දමින් සිදුකළ බි්රතාන්යය අධිරාජ්‍යය, එවකට තම බලය යටත්විජිතකරණය ඔස්සේ ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට තරම් දක්ෂ විය. එමෙන්ම ඊට සමගාමීව ස්පාඤ්ඤය, ප්‍රංශය මෙන්ම පෝලන්තය වැනි රාජ්‍යයන්ද ඉතා වේගවත් ලෙස මෙම යටත්විජිතකරණය සඳහා පෙළඹී තිබුණි. කෙසේනමුත් 1492 වර්ෂයේ ස්පාඤ්ඤ ජාතික ක්රිස්ටෝපල් කොලොම්බස්ගේ ආගමනයත් සමඟ එවකට ඇමරිකාව ස්පාඤ්ඤ කොලනියක් බවට පත්විය. ඉන් අනතුරුව වරින් වර ඇමරිකාව වෙත සංක්‍රමණය වූ බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා පෝලන්ත ජාතිකයින් හේතුවෙන් ඇමරිකාවෙහි ඇතැම් කොටස් ඒ ඒ ජාතීන්ට අයත් කොලනි බවට පරිවර්තනය වන්නට විය. මෙහිදී මෙලෙස ඇමරිකානු භූමිය වෙත සංක්‍රමණිකයන් පැමිණීමට පෙරාතුව මෙම භූමි සත්‍ය වශයෙන්ම හිස් භූමි ලෙස තිබී ඇත්ද යනුවෙන් යම්කිසි අභ්‍යන්තරික පැනයක් ඔබ තුළ ගොඩනැෙඟනු ඇතැයි මා විශ්වාස කරමි.
කෙසේ නමුත් ඔබ තුළ හටගත් එම සාධාරණ පැනයට ඉතාමත්ම ඕනෑකමකින් යුතුව පිළිතුරු ලබාදීමට මා උත්සුක වනුයේ එම ඉතිහාසගත සාපරාධී සිදුවීම් පිළිබඳව වර්තමාන ලෝකයාද දැනසිටීම වැදගත් හෙයිනි. ස්පාඤ්ඤය හා බ්‍රිතාන්‍ය ඇතුළු අනෙකුත් බටහිර ජාතීය බලවතුන් මුල්වරට ඇමරිකානු කලාප වෙත සංක්‍රමණය වීමේදී එම භූමිය නිජබිම් කරගත් අතිමහත් ගෝත්‍රික ජනකායක් එවකට විසීය. ඔවුන් නමින් රතු ඉන්දියානුවන් ලෙස සැළකූ අතර ඇස්තමේන්තුගත වාර්තාවන්ට අනුව මිලියන 10-15 අතර වූ අති විශාල රතු ඉන්දියානු ගෝත්‍රිකයින් පිරිසක් එවකට, එනම් ඇමරිකානු කලාපය යටත් විජිතයක් බවට පත්වීමට පෙරාතුව එම භූමි තුළ ජීවත් විය. යකාමා, හෝ චන්ක්, ක්‍රෝ, ෂෝෂෝන්, ස්පිරිට් ලේක් මෙන්ම ඔඩාවා වැනි ගෝත්‍රද ඇතුළත්ව සමස්ථ ගෝත්‍ර 574කට ආසන්න ප්‍රමාණයක් එම කාල වකවානුව වනවිට ඇමරිකානු කලාපය තුළ ජීවත්විය. ඉතාමත් සරල හා සංස්කෘතිකමය ජීවිතයකට උරුමකම් කී මෙම රතු ඉන්දියානු වැසියන්ගේ ජීවිතයන්හි අන්ධකාරය ආරම්භ වන්නට වූයේ බටහිර ජාතීන්ගේ පැමිණීමත් සමඟය. මන්ද යත් වහල්භාවය මුදුන්පත්ව පැවති යටත්විජිතකරණය හේතුවෙන් මෙම ස්වදේශික ගෝතික ජනයා හට බොහෝ පීඩාවලට මුහුණ දෙන්නට වූ අතර සත්‍ය වශයෙන්ම එය බොහෝ රතු ඉන්දියානුවන්ගේ මරණයෙන් කෙළවර විය. කෙසේනමුත් කාලයාගේ ඇවෑමෙන් ක්රමානුකූල ලෙස ඇමරිකාව වෙත සංක්‍රමණය වූ විවිධ ජාතීන්, මිශ්‍රිත සම්භවයන් ඔස්සේ පවා ඔවුනගේ ජනපද ගොඩනඟා ගත් අතර පසුකාලීනව ඔවුන් ස්වදේශික ඇමරිකානුවන් ලෙස හැඩ ගැසිනි. මෙලෙස විවිධ ජාතීන් මතින් ගොඩනැඟුණු ඇමරිකානු ජන කොට්ඨාසය විවිධ නායකත්වයන් මතින් දිනෙන් දින ශක්තිමත් විය.
මෙලෙස ශක්තිමත් වූ ඇමරිකානුවන් විවිධ කැරලි ඔස්සේ බටහිර යටත්විජිතකරණයෙන් මිදී හුදෙක් ඔවුනගේ පාලනයක් මතින් හිස එසවීම ආරම්භ කරන්නට විය. සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කළහොත් මෙය වර්තමාන ඇමරිකා එක්සත් ජනපදයෙහි ආරම්භය විය. එහිදී ඔවුන් සිය ආත්මාර්ථකාමී අභිවෘද්ධිය උදෙසා එවක සිටම විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට විය. ඇමරිකානු භූමියට ඉතිහාසයේ සිටම උරුමකම් කී රතු ඉන්දියානුවන් තමන් හට තර්ජනයක් ලෙස සැළකූ ඇමරිකානුවන්, සංවර්ධිත මූලධර්මයේ (Development Doctrine) මුවාවෙන් අදාළ භූමි අත්පත් කරගන්නා ලදි. ඒ සඳහා අති විශාල රතු ඉන්දියානුවන් පිරිසක් ඝාතනය කිරීමට ඇමරිකානුවන් කටයුතු කළ අතර එය ඉතිහාසය තුල සිදුවූ බිහිසුණුම ගෝත්‍රික සංහාරයක් ලෙස වාර්තා තුල සඳහන් විය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයෙහි ප්‍රථම ජනාධිපතිධූරය ඉසිලූ ජෝර්ජ් වොෂින්ටන් මහතා යටතේ සේවය කළ ප්‍රථම ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා වූ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් තුළ තිබූ බටහිර අර්ධගෝලය හා උතුරු ඇමරිකාව පාලනය කිරීමේ අභිලාෂයද මෙම රතු ඉන්දියානු සංහාරයට එක් විශාල හේතු සාධකයක් වූ අතරම තවද ඇමරිකානු විප්ලවය හා 1812 වර්ෂයේ සිදුවූ යුද්ධය අතරතුර රතු ඉන්දියානුවන් බ්‍රිතාන්‍ය ජාතීන් සමඟ සබඳතා පැවැත්වීමද මෙම ගෝත්‍රයන් විනාශ කිරීමට ඇමරිකානුවන් හේතුවක් කරගන්නට විය. මෙහි සමස්ථයක් ලෙස ගත් කළ 1782 වර්ෂයේ සිදුවූ ග්නැඞ්න්හන්ට් සංහාරය, 1811 වර්ෂයේ සිදුවූ ටිප්පෙකානෝ සටන, 1813 වර්ෂයේ සිදුවූ ක්‍රීක් යුද්ධය, 1862 වර්ෂයේ සිදුවූ මිනසෝටාහි මැන්කාටෝහි ඩකෝටා සියක්ස් රතු ඉන්දියානුවන් ඝාතනය මෙන්ම 1864 වර්ෂයේදී සිදුවූ වැලි ක්‍රීක් සංහාරයද ඇමරිකානුවන්ගේ කෲරත්වය ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කළ ඛේතජනක සිදුවීම් විය. මෙවන් අන්දමින් රතු ඉන්දියානුවන් හට සාහසික මරණයන් අත්කර දීමට ඇමරිකානුවන් කටයුතු කළද එය සැබවින්ම ඉහත මා සඳහන් කළ සංහාර මාලාවෙන් නිමා නොවීය.
එනම් 1830 වර්ෂයේදී එවකට ඇමරිකා එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා ලෙස පත්ව සිටි ඇන්ඩෲ ජැක්සන් විසින් රතු ඉන්දියානුවන් ඉවත් කිරීම සඳහා පනතක් කෙටුම්පත්කර ක්‍රියාවට නැංවූ අතර පසුකාලීනව වසූරිය වැනි දරුණු රෝග ව්‍යාප්ත කරමින් එලෙස ඉවත්ව ගිය රතු ඉන්දියානුවන් පවා විනාශ කරන්නට විය. මෙම ඇමරිකානුවන්ගේ මිලේච්ඡුත්වය කෙතරම්ද යත්, මුල් වකවානුව තුළ ජීවත් වූ මිලියන 11 කට ආසන්න වූ පිරිසකගෙන් යුත් රතු ඉන්දීය ජනයාගෙන්, 19 වන සියවස අවසන් වනවිට ඉතිරිව පැවතියේ 238,000ක පමණ කුඩා පිරිසක් පමණි. ඉහත මා සඳහන් කළ සමස්ථය තුළින් ඔබහට මෙන්ම මා හටද අවබෝධ වන්නා වූ කරුණ නම්, වර්තමාන ඇමරිකාවෙහි ආරම්භය සත්‍ය වශයෙන්ම ස්වදේශික රතු ඉන්දියානුවන්ගේ රුධිරය මතින් පැමිණීමක් බවය.
කෙසේනමුත් මා ඉහත සඳහන් කළ ගෝත්‍රික සංහාර හා සමගාමීව 1800 වර්ෂයෙන් අනතුරුව ඇමරිකානුවන් හට බටහිර ජාතීන්ගෙන් පූර්ණ ලෙස මෙන්ම සදාකාලික ලෙසම නිදහස්ව ඔවුන්ගේම පාලනයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතුවිය. ඒ සඳහා ඔවුන් භාවිතා කරන්නට වූයේ ඉතාමත් කූට වැඩපිළිවෙළකි. එනම් 1823 වර්ෂයේ දෙසැම්බර් 02 වන දින එවකට ඇමරිකා එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයාව සිටි ජේම්ස් මොන් රෝ මහතා විසින් මොන්රෝ මූලධර්මය (Monroe Doctrine) නමින් විශේෂ විදේශ ප්‍රතිපත්ති සහිත ප්රකාශණයක් ප්‍රකාශයට පත්කරන ලදි. එහිදී ප්‍රධාන කරුණු 02ක් පාදක කරගනිමින් මෙම මූලධර්මය නිර්මාණය කර තිබිණි. එහිදී බටහිර කලාපීය ස්වෛරී රාජ්‍යයන් පාලනය කිරීම හා එම රාජ්‍යයන්ට බලපෑම් කිරීමට බටහිර ජාතීය බලවතුන් උත්සාහ කිරීම ඇමරිකා එක්සත් ජනපදයෙහි ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකන බවත්, තවද යුරෝපීය යටත්විජිතයන්ගේ හා යුරෝපීය රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදය කිසිඳු ආකාරයකින් මැදිහත් නොවන බවත් මූලික වශයෙන් එම ප්‍රකාශය තුල සඳහන් විය. කෙසේනමුත් මෙම කාලසීමාව තුළ ඇමරිකාව සතුව ශක්තිමත් නාවුක හා පාබල හමුදාවක් පවා නොතිබූ හෙයින් එම ප්‍රකාශය යුරෝපීය බලවතුන්ගේ වැඩි අවධානයකට ලක් නොවීය. එනමුත් 20වන සියවසේ ආරම්භයේදී ඇමරිකාවට ඉතා සාර්ථක ලෙස මෙම මොන්රෝ මූලධර්මය ක්‍රියාවට නැංවීමට හැකිවිය.
මුල් කාලසීමාවන් තුළ ඉතා කුඩා වෙනස්කම් මතින් දිවගිය මෙම ප්රතිපත්තීන් 1900 වර්ෂයෙන් පමණ පසු කාලය තුළදී ලතින් ඇමරිකානු බලවතුන්ගේ බහුපාර්ශවික අවශ්‍යතා මත බොහෝ සෙයින් වෙනස්විය. එනම් ස්වෛරී රාජ්‍යයන් වෙත කිසිඳු අතපෙවීමක් සිදුනොකරන බවට ප්රතිපත්තීන් ප්‍රකාශ කළද, පසුකාලීනව ඇමරිකාව බොහෝමයක් ස්වාධීන රාජ්‍යයන්හි අභ්‍යන්තර දේශපාලනික කටයුතු සඳහා මැදිහත් වුණි. එම රාජ්‍යයන් හට උපකාරයක් ලෙසටත්, ඔවුනගේ ආරක්ෂකයා ලෙසටත් ව්‍යාජ ලෙස පෙනී සිටි ඇමරිකා එක්සත් ජනපදය අදාළ රාජ්‍යයන්හි පාලන තන්ත්රයන් තුළට තම අනුගාමිකයින් පත්කරලීමට කටයුතු කළ අතර ඒ තුළින් ඔවුනට අවැසි පරිදි එම රාජ්‍යයන් පාලනය කරමින් සම්පත් පවා සූරාකෑමට කටයුතු කරන ලදි. මේ සඳහා කියුබාව, වෙනිසියුලාව, ඉරාකය, හයිටිය, සිරියාව, කාම්බෝජය ඇතුළුව තවත් බොහෝ රාජ්‍යයන්හි සිද්ධි අධ්‍යයනයන් සාක්ෂි දරනු ඇත. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකළ බොහෝ අතපෙවීම් තුළින් එම රාජ්‍යයන් හට අත්වූ කනගාටුදායක ඉරණම් පිළිබඳව වැඩිදුර විස්තර මා මෙම ලිපිය තුළ සඳහන් කිරීමට පසුබට වනුයේ ඒ ඒ රාජ්‍යයන් පිළිබඳව විස්තරාත්මක ලිපි පෙළක් ඉදිරියේදී ඔබ වෙත ගෙන එ්මට සැලසුම් කර ඇති හෙයිනි. කෙසේනමුත් ඉතා සාරාංශගත ලෙස හෝ එවැනි එක් රාජ්‍යයක් පිළිබඳව යම් වසංව පවතින කරුණු කාරණා කිහිපයක් මෙමඟින් ඔබට ලබාදීමට මා අදහස් කරනු ලැබුවේ එය මෙම ලිපියෙහි ආරම්භයේ සිට පැවති කරුණු කාරණා හා සමගාමීව මෙයට යම් වටිනාකමක් එක් කරන නිසාවෙනි.
1955 වර්ෂයේ සිට ආරම්භව පැවති වියට්නාම යුද්ධයේදී එරටට අසල්වැසි රාජ්‍යයන් ලෙස පැවති ලා ඕසය හා කාම්බෝජය දක්වා විහිදුණු හෝ චී මිං මාවතේ උතුරු කොටස හරහා වියට්නාම හමුදා තම සැපයුම් හා ආයුධ ගෙන යන්නට විය. එනමුත් එම යුධ කටයුතු තුළදී සත්‍ය වශයෙන්ම කාම්බෝජය ඉතාමත්ම මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස කටයුතු කළ අතර යුධමය කටයුතු සඳහා දායක නොවීය. එනමුත් 1969 වර්ෂයේ මාර්තු මාසයෙහිදී එවකට ඇමරිකාවෙහි පාලකයාව සිටි රිචර්ඞ් නික්සන්ගේ අනුදැනුම මත රහසිගත ලෙස කාම්බෝජය වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට විය. මෙය සැබවින්ම අහිංසක කාම්බෝජ වැසියන් බොහෝමයකගේ ජීවිත මරණය වෙත රැගෙන ගිය බිහිසුණු ප්‍රහාරයක් විය. එමෙන්ම මෙය කෙතරම් හේතු විරහිත ප්‍රහාරයක්ද යත්, 1969 වර්ෂයේ මැයි 09වන දින නිව් යෝක් ටයිම්ස් පුවත්පත තුළින්ද මෙම ප්‍රහාරය දැඩිසේ හෙළා දකින්නට විය. තවද මෙම සිදුවීම් හා සමඟාමීව අති බිහිසුණු මතකයන් ලෝක ඉතිහාසය තුළ ලියා තැබීමට සමත් වූ අමානුෂික පාලකයෙකු වූ පොල් පොට්ගේ ස්ථාවරත්වයටද සත්‍ය වශයෙන්ම මෙම ඇමරිකානු ප්‍රහාර විශාල උපකාරයක් විය. එමඟින් කාම්බෝජය තුළ කාලාන්තරයක් පුරාවට අතිමහත් මනුෂ්‍ය ඝාතන රාශියක් සිදු වූයේ ලෝකයක් කම්පා කරමිනි.
මෙයින් ඔබහට මෙන්ම මා හටද මනාව අවබෝධ වනුයේ ඇමරිකා එක්සත් ජනපදය විසින් මොන්රෝ මූලධර්මය ඔස්සේ අවිධිමත් ලෙස ලබාගත් බලය කෙතරම් ආත්මාර්ථකාමී හා මිලේච්ඡු අන්දමින් සංස්කරණය කරමින් භාවිතා කර ඇත්ද යන්නයි. කෙසේනමුත් එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඇමරිකා එක්සත් ජනපදයට තම බලය ලෝකය පුරා ව්‍යාප්ත කරලමින් සමස්ථ ලෝකයෙහි පොලිස් කාරයා ලෙස පෙනී සිටීමට හැකිවීමය. එනමුත් මෙලෙස ලෝකයේ බොහෝ රාජ්‍යයන් වෙත අතපෙවීමට ඇමරිකාවට හැකි වුවද, රුසියානු කලාප වෙත ළඟාවීමට ඔවුනට හැකියාව නොලැබුණි. ඒ සඳහා ඉතා උපක්‍රමශීලී වැඩපිළිවෙතක් අනුගමනය කළ ඇමරිකා එක්සත් ජනපදය නේටෝ සංවිධානය නමින් හමුදා සන්නද්ධ සංවිධානයක් නිර්මාණය කර රුසියානු කලාපීය රාජ්‍යයන් වෙත සාමාජිකත්වය ලබා දෙන්නට විය. සත්‍ය වශයෙන්ම මෙහි සැබෑ අභිලාෂය වූයේ යුක්රේනයේ දක්ෂිණ කලාපීය ප්‍රදේශ වූ ඩොන්බාස් හා බක්මුට් වැනි ප්‍රදේශවල මෙන්ම රුසියාවෙහිද ඉහළ කලාපය තුළ පවතින වටිනා වූ සම්පත් අත්කර ගැනීමය. තවද මේ පිළිබඳව මා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් නොකරනුයේ එය මා ඉතාමත් විස්තරාත්මක ලෙස පෙර ලිපි තුළින් ඔබහට පහදා දුන් හෙයිනි.
කෙසේනමුත් මෙලෙස මොන්රෝ මූලධර්මය ඔස්සේ ආරම්භය ගනිමින් හා එය අනිසි ලෙස සංශෝධනය කරමින් මෙවන් කාල පරිච්ෙඡ්දයක් පුරාවට සමස්ථ ලෝකය සිසාරා ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකළ මිලේච්ඡු ක්‍රියාකාරකම් හා සම්පත් සූරාකෑම් අදවන විට බහුතරයක් රාජ්‍යයන් විසින් විවේචනයට ලක් කරමින් සිටියි. එනමුත් මුල් සමය තුළ යුරෝපීය බලවතුන් මෙම මොන්රෝ මූලධර්මය පිළිගැනීමේදී එවකට ඔස්ටි්රයාවෙහි පාලනය සඳහා උරුමකම් කී මෙටර්නිච් කුමරු විසින් ඉතා කෝපාවිශ්ටව ප්‍රකාශකර සිටියේ මෙය සමස්ථ ලෝකයක් පාලනය කිරීම සඳහා ආරම්භ වන්නා වූ නව කැරැල්ලක් ලෙසය. ඔහුගේ ප්‍රකාශය අදවන විට ඉතාමත් පැහැදිලි ලෙසම සත්‍යාපනය වී පවතිනුයේ ලෝකයේ බොහෝ ස්ථානද ලෙයින් නහවමිනි. එමෙන්ම මේ වනවිට ලෝකය පුරා සිටින්නා වූ බොහෝ විද්වතුන් ප්‍රකාශ කර සිටින්නේ අදවන විට ඇමරිකා එක්සත් ජනපදයට අත්ව ඇති ශීඝ්‍ර කඩාවැටීම සඳහා එම භූමියන් තුළ ජීවත් වූ ඉපැරණි රතු ඉන්දියානුවන්ගේ ශාපයද බෙහෙවින් බලපා ඇති බවය. කෙසේ නමුත් මෙලෙස ඉතිහාසය පුරා පවතින්නා වූ බොහෝමයක් උපක්‍රමශීලී කරුණු කාරණා ඔබ වෙත ගෙනහැර දක්වමින් මා අවසාන වශයෙන් ප්‍රකාශකර සිටින්නේ එම ඉතිහාසගත කරුණු තුළින් ගත යුතු අවබෝධය වර්තමානය තුළ ළඟාකර ගනිමින් අනාගත ලෝකය සාර්ථක ලෙස ගොඩනංවා ගන්නා ලෙසය.
ආචාර්ය තිස්ස ජිනසේන
2023.05.29