November 24, 2026

අපගේ මෙහෙවර

පෙරදිග ලෝකයේහි පහළ වූ උතුම් ශාස්තෘන් වහන්සේලාගේ වටිනා ඉගැන්වීම් තුළ පැවති මනුෂ්‍යත්වය , කරුණාව, ත්‍යාගශීලී බව මෙන්ම සමානාත්මතාවය වැනි වටිනාකම් මතින් පන්නරය ලබමින් ඉතා සුහදශීලී ලෙස ජීවත් වූ මිනිසුන්ගෙන් පිරි කීර්තිමත් අතීතයක් එකල මෙරටට හිමිව තිබුණි. එනමුත් ජාතියේ අවාසනාවකට මෙන් , මෙරට විදේශ ආක‍්‍රමණයන් හට නතුවීමේදී, එවකට ඔවුන් දරා සිටි ක‍්‍රිස්තියානි ධර්මය, එනම් මූලික ඉගැන්වීම් තුළින් පරිබාහිරව තෘෂ්ණාව මූලික කරගත් සම්පත්ලබාගැනීම්, අත්පත් කරගැනීම් හා බලය ලබාගැනීම් වැනි පටු අරමුණු උදෙසා විකෘති කොට නිර්මාණය කර තිබු කිතුණු දහම මෙරට තුළ ව්‍යාප්ත කරන්නට විය. කේසේ නමුත් ඉන් අනතුරුව පැමිණි කාලසීමාව තුළ එම දහම මූලික වූ ඉගැන්වීම් හා ප‍්‍රතිපත්තීන් ක‍්‍රමානුකූල ලෙස සමාජය තුළ සම්මත වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අතීතය තුළ ජීවත් වූ උසස් ගුණධර්මවලින් තොර මනුෂ්‍ය සමූහයක් මෙරට නිර්මාණය වන්නට විය.

සමස්ථ පෘථිවිය තුළ සුවිශාල වූ විපත්තිකර වෙනස්කම් රාශියකට මුහුණ දීමට සිදුව පවතින කාලසීමාවක, මෙම විපත්තිකර තතත්වයෙන් මිඳීමට නම්, මනුෂ්‍ය ප‍්‍රජාව වන අපහට එනම් සුවිශේෂි ලෙස ගත්කල තරුණ පිරිස් අතීත මනුෂ්‍ය ජීවතය තුළ පැවති උසස් මානව සාරධර්ම ඔස්සේ නැවතත් ජිවත්වීමට පටන්ගත යුතුව පවතී. එසේ හෙයින් පෙරදිග ලෝකය තුළ පහළ වූ උතුම් ශාස්තෘන් වහන්සේලා විසින් පෙන්වා දුන් මුලික හා සත්‍යවාදී ඉගැන්වීම් මතින් මෙම රට සාමය හා සෞභාග්‍ය කරා ගෙනයමින්, තවදුරටත් වර්තමානය තුළ මෙරට වැටී ඇති ආගාධයෙන් නැවතත් රට ගොඩගැනීමට හැකි සැබෑ වටිනාකම්වලින් හෙඹි තරුණ නායකයින් පිරිසක් බිහිකිරීම අපගේ උදාර මෙහෙවර වනු ඇත.