
ජිනසේන පරපුරේහි තෙවන පරම්පරාවේ බාලම පුතනුවන් ලෙස 1948 සැප්තැම්බර් 12 දින මෙළොවට උපන් තිිස්ස ජිනසේනයන් අද දිනයේදී සිිය 75 වන ජන්ම දිනය සමරයි. තිිස්ස ජිනසේනයන්හට සුුභ උපන් දිනයකට ආසිිරි පැතීීම එතුමාගේ යටතේ හැදුණුු වැඩුුණු පුද්ගලයකු ලෙස කළ යුුක්තක් වුවද එසේ සුභ පැතීීමට වඩා එතුුමන් තුුළ මා දුටුු ප්රතිපත්තීන් සහ එතුමා පිළිබඳ සටහනක් අද දිිනයේ තැබීම වර්තමාන ලංකීය ජන සමාජයට වටිනු ඇතැයි මම විශ්වාස කරමි. 2003 මාර්තු 01 වන දින ලෝඞ්ස්ටාර් පුද්ගලික සමාගමේ පුහුණු සේවකයෙකු වශයෙන් සම්බන්ධ වන මා එවකට සමකළමණාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ තිස්ස ජිනසේන මහතා මාගේ හැකියාවන් දැක මා පුහුණුකරුවකු ලෙස සංවර්ධනය කිරීමට අරමුණු කර පුහුණු අංශය වෙත යොමු කරන ලදි. නායකයකු ලෙස පහල සිටින පිරිස් සංවර්ධනය කර දක්ෂතා, කුසලතා දියුණු කරමින් ඉදිරියට ගෙන ඒමේ උදාර නායකත්ව ගුණාංග එතුමා තුළින් මුල් වතාවට මා හදුනාගත් අතර කෙනෙකු දුටු ඔහුගේ අනාගතය සකස් කළ යුත්තේ කෙසේද යන්න ඉතා ඉක්මනින තීරණය කිරීමේ සුවිශේෂී හැකියාවක් තිිස්ස ජිනසෙන මහතා සතු විය . පසුව 2003 නොවැම්බර් මාසයේ සිට 2004 දෙසැම්බර් මාසය දක්වා ඒකල අප පුහුණු මධ්‍යස්ථානයේ දී එතුමාගේ නායකත්වයෙන් මා හට පුහුණුකරුවකු ලෙස සංවර්ධනය වීමට අවස්ථාව ලැබුණි . 2004 දෙසැම්බර් 26 වන දින මුළු මහත් ලාංකිකයන්ගේ පමණක් නොව ලොවාසි සියලු දෙනාගේ කදුළු එක් කරමින් සිදුවූ සුනාමි ඛේධවාචකය නිසා ලංකික මුහුදුබඩ ප්‍රදේශයේ විශාල ජිවිත , දෙපළ හානියක් සිදු විය එහි දී බිද වැටුණු මිනිස් ජිවිත නගාසිටීමට වෙරදරමින් උදාර ලංකික නායකයකු ලෙස නැගිටි තිස්ස ජිනසේන මහතා සොල්ඩ් ලෝඩ්ස්ටාර් පුනුරුත්තාපනය භාරය නමින් වියපෘතියක් ආරම්භ කරමින් මිනිසුන්ගේ යටිතල පහසුකම්, රැකියා අවශ්‍යතා , නිවාස අවශ්යත ඉටු කර දීමට ක්‍රියාත්මක වීම ආරම්භ කරන ලදී . සුනාමි වියපෘතියේ ආරම්භයේ සිටම එතුමා සමගම සම්බන්ද වී එතුමාගේ නායකත්වය යටතේ වසර 04 ක් සුනාමි ව්‍යාපෘතියේ තුළ කටයුතු කළ මා එම කාල වකවානුව තුළදී එතුමාගේ බොහෝ නායකත්ව ප්රතපත්තීන් ක්‍රියාව තුළින් හදුනා ගන්නා ලදී. පුරා වසර 12ක් ලෝඞ්ස්ටාර් පුහුණු මධ්‍යස්ථානයේ එතුමාගේ නායකත්වයෙන් මා හට පුහුණු කරුවකු ලෙස ලෝඞ්ස්ටාර් ආයතනික සාමාජිකයිින්, පාසල් දරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සදහා මෙන්ම ගුරුවරු සහ වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන විවිධ කණ්ඩායම් සදහා නායකත්වය සහ පුුද්ගල සංවර්ධනය පිළිබඳ නොමිලේ පුහුණු කිරීමට මඟ පෙන් වු තිස්ස ජිනසේන මහතා ඒ තුලින් පන්නරය ලත් බොහෝ පිරිස් අද වන විට සමාඡුයේ සුවිශේෂි චරිත ලෙස කටයූතු කරනූ දැකීම ඉතා වැදගත් කරුණකි. මෙවැනි රටේ අනාගතය තිරණය කරන කොටස් පුහුණු කිරීමට සෘඡුූවම සම්බන්ධ වූ මා තිස්ස ජිනසේන මහතාගේ නායකත්වය ප්ර්රතිපත්පතති දරුවන් ආදර්ශයට ගත් බව දක්නට ලැබුණුු අතර ලාංකිකයන් වන අපට යමක් කිරීමට හැකිය යන්න පිළිබඳ යම් විශ්වාසයක් ගොඩ නගා ගැනීමට ද තිස්ස ජිනසේන මහතා ආදර්ශයක් වු බව මාගේ හැගීමයි.
පාරම්පරික ධනපති පංතිය නියෝජනය කරමින් ව්‍යාපාරික පවුලකට උරුමකම් කී සුවිශේෂී චරිතයක් වූ තිස්ස ජිනසේනයන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය වැනි එවකට තිබූ සුවිශේෂීම පාසලකින් තම මුලික අධ්‍යාපනය ලබන ලදි. මෙතුමා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ප්‍රථම පාසලෙන් නික්මී ඵංගලන්තයේ ලෝෆ්බ්රෝහ් (Loughborough) හි තාක්ෂණ විශ්ව විද්‍යාලයේදී ලන්ඩන් උසස් පෙළ විභාගය සදහා අධ්‍යයන කටයුතු සිදු කළ ඇති අතර ් සාමාර්ථ තුනක් ලබා එම විභාගයෙන් සමත් වී ලෝෆ්බ්රෝහ් (Loughborough) විශ්ව විද්‍යාලයට ඇතුලත් වී නිෂ්පාදන ඉංජිනේරු තාක්ෂණය හා කළමනාකරණය පිළිබද මුලික උපාධිය ලබා ගෙන ඇත. 1972 වසරේ දී එංගලන්තයේ ම Reading විශ්ව විද්‍යාලයෙන් කෘෂිකාර්මික ඉංජිනේරු තාක්ෂනය පිළිබද පශ්චාත් උපාධිය ලබා ගැනීමෙන් ඉංජිනේරු තාක්ෂණය පිළිබද පුළුල් අවබෝධයක් ලබා ගැනීමට තිස්ස ජිනසේනයන්ට හැකියාව ලැබී ඇත. ඇමරිකාවට Harvard Business School හිදී වසර තුනක කාලයක් විටින් විට නිෂ්පාදන කලමනාකරණය පිලිබදව වැඩිදුර හැදෑරීමේ අවස්ථාව හිමි කර ගත් තිස්ස ජිනසේනයන් ලෝකයේ බොහෝ රටවල්වල සංචාරය කරමින් ජාත්‍යන්තර අත්දැකීම් රාශියක් ලබමින් ලොව පුරා සෑම ජාතියකටම අයත් උගතුන්, ව්‍යාපාරිකයින්,නායකයින් ඇසුරු කරන ලදි.
පරම්පරා තුනක් මුළුල්ලේ ජිනසේන සමුහ ව්‍යාපාරයේ විවිධ ආයතන 1905 වර්ෂයේ සිට ගොඩ නගන ලද අතර 1977 වර්ෂයේ හදුන්වා දුන්විවෘත ආර්ටික ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය ආයතනයට අඩු වැඩි වශයෙන් යම් යම් බලපෑම් ඇති වන්නට විය. ජිනසේන සමුහයට ද මෙම බලපෑම් අභියෝගයක් විය . මේ හේතුවෙන් වෙළදපොළ තුළ හටගත් තරගකාරී වාතාවරණය මුහුණ දීම සදහා පාරිභෝගික අවශ්‍යතාවන්ට වඩාත් ගැළපෙන පරිදි නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ නිෂ්පාදන එළිදැක්වීමට අවශ්‍ය විය. මෙහිදී ජිනසේන හිමිකරුවන් සතු ඉංජිනේරු හා නිෂ්පාදන දැනුම උපයෝගී කර ගනිමින් වෙළෙදපොළ තරගකාරීත්වයට මුහුණ දීමට හැකි අන්දමින් නිෂ්පාදන බොහොමයක් එළිදැක්වීමට ද හැකි විය. කෙසේ නමුත් විවෘත ආර්ථිකයේ බලපෑම් වඩාත් තදින් දැනෙන්නට පටන් ගැනීමත් සමග ව්‍යාපාරයේ සුරක්ෂිතභාවයට උදෙසා විකල්ප මාර්ගයන් වෙත යොමු වීමට ජිනසේන සමාගමට ද සිදු විය. අපනයන වෙළදපොළවෙත ජිනසේන සමාගමේ අවධානය යොමු වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙවැනි පසුබිමක් තුළ පියරේ ප්‍රින්ජර්ස් මහතාගේ සහ තිස්ස ජිනසේන මහතාගේ හමුවීම සිදු විය. එම හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඝන ටයර් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය විය. මෙහිදී ඝන ටයර් නිෂ්පාදනයට අවශ්‍ය කිසිදු තාක්ෂණික උපකරණයක් හෝ පහසුකමක් නොතිබුණ ද ජිනසේන හිමිකරුවන් සතු ඉංජිනේරු දැනුම උපයෝගී කරගනිමින් නිපදවා ගත් ප්‍රාථමික උපකරණ කිහිපයක් යොදා ගනිමින් අත්හදා බලා ප්‍රථම වරට ඝන ටයරයක් නිපදවීමට හැකි වීම ජිනසේන ගමන් මගෙහි සුවිශේෂී අත්දැකීමක් විය. මෙහිදී පියරේ ප්‍රින්ජර්ස් මහතා සතු රබර් තාක්ෂණික දැනුමත්, තිස්ස ජිනසේනයන් සතු ඉංජිනේරුමය හැකියාවත් එක්තැන් වීමෙන් ඝන ටයර් නිෂ්පාදනයට පිවිසීම සදහා අවශ්‍යව තිබූ මූලික පසුබිම මැනවින් විවර විය. ‘‘ලෝඞ්ස්ටාර් පුද්ගලික සමාගම’’ නමින් අභිනව ආයතනයක් 1984 වර්ෂයේ දී ලක් මවට දායාද කිරීමට ජිනසේන ආයතනයට හැකි වූයේ ඒ අයුරිනි.
ලෝකයේ ඉහලම විශ්ව විද්‍යාල තුලින් ලබාගත් දැනුමත්, ජපානය, කොරියාව, චීනය, පිිලිිපීීනය යන රටවල නැවතීී සිට ලබාගත් ජාත්‍යන්තර අත්දැකීම් තුලින් ලැබූූ දැනුමත්, උපයෝගී කර ගනිිමින්ලෝඞ්ස්ටාර් ආයතනය ගොඩ නගන්නට උරදුන් තිස්ස ජිනසේනයන් මෙරට තුළ සිටින ප්‍රබල ව්‍යාපාරිකයින් සියළු දෙනා ව්‍යපාරික වශයෙන් ඉතා සමීපතව ඇසුරු කළ ද සාමාන්යායෙන් ව්‍යාපාරික පවුලකින් පැවත එන ධනපති පංතිය නියෝජනය කළ ලංකාවේ ඉහලම පෙලේ ව්‍යාපාරිකයකු තුල දක්නට නොලැබෙන තමන්ටම අනන්‍ය වු ප්රතිපත්තීන් සමුදායකින් තිස්ස ජිනසේනයන් කටයුතු කරන ලදි.
ලෝඞ්ස්ටාර් ආයතනය නිර්මාතෘත්වයට උරදෙන තිස්ස ජිනසේනයන් ඉංජිනේරු හා තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් ලෝඞ්ස්ටාර් ආයතනයට සම්බන්ධ වී එතැන් පටන් ආයතනයේ උන්නතිය උදෙසා ඔහු සතු දැනුම, කුසලතා හා හැකියාවන් පූර්ණකාලීන වශයෙන් යොමු කිරීම ආරම්භ කරන ලදි. 1996 වර්ෂයේදී සහකාර කලමණාකාර අධ්‍යක්ෂක ලෙස පත්වන තිස්ස ජිනසේනයන් 1999 වර්ෂයේදී ලෝඞ්ස්ටාර් ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ලදි. මේ සියලුුම තනතුරු වලදී කරන ලද කැපකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝඞ්ස්ටාර් ආයතනය 2005 වර්ෂය වන විට ලෝක ඝන ටයර් වෙළෙ`දපොළෙන් 25%ක පමණ කොටසකට හිමිකම් කියමින් ලෝකයේ අංක එකේ ඝන ටයර් නිෂ්පාදකයා බවට ද පත් විය. එමෙන්ම රබර් ට්‍රැක් නිෂ්පාදනයෙන් ලොව දෙවන තැනටත්, අනෙකුත් නිෂ්පාදනවලින් ලොව ප්‍රමුඛයන් අතරට එක්වීමටත් ලෝඞ්ස්ටාර් ආයතනයට හැකි විය. 2006 සහ 2007 වසරවල ශ්‍රී ලංකවේ තනි විශාලතම අපනයනකරුවා වශයෙන් සම්මානයෙන් පිදුම් ලද ලෝඞ්ස්ටාර් ආයතනය 2006 වර්ෂය වන විට වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමට 3.1%ක දායකත්වයක් හා දළ ජාතික නිෂ්පාදනයට 1%ක පමණ දායකත්වයක් ද ලබා දෙන මට්ටමට දියුණු කරන ලදි.
ජිනසේන පරපුරෙන් උරුම වූ උදාරතර සාරධර්ම හා වටිනාකම් මත පිහිටා සිටිමින් තමන්ගෙන් විය යුතු සමාජයීය වගකීම හැකි උපරිමයෙන් ඉටු කිරීමට තිිස්ස ජිනසේනයන් එදා කටයුතු කරන ලදි. දෙනියාය මේදේරපිටිය ගම්මානයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට නව නිවාස ඇතුළු පහසුකම් සැළසීම, එල්ලංගාව වැනි වැවි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති, ආරාම, පන්සල් ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය ආදී නොනිමි සමාජ මෙහෙවරක ව්‍යාපාර කටයුුතු කරන අතරතුුර නියෙලෙන ලදි.
සුනාමි විපත හමුවේ ලෝඞ්ස්ටාර් ආයතනය විසින් ගෙන යනු ලැබූ දැවැන්ත සමාජ සත්කාරමය වැඩසටහන් මාලාව මෙහි දී විශේෂයෙන් සදහන් කළ යුතු ය. සුනාමි විපත ඇති වූ සැනින් ක්‍රියාත්මක වූ තිස්ස ජිනසේන ආහාර පාන් , බෙහෙත් , ඉන්ධන ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා දීමෙන් ආරම්භ කළ සහන වැඩපිළිවෙල මහාමාර්ග පවිත්‍ර කිරීම, විනාශ වී ගිය පාසැල් ප්‍රතිසංස්කරණය ආදී ක්‍රියාකාරකම් හරහා තවදුරටත් ඉදිරියට ගෙන ගියෙමු. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථම තාවකාලික නිවාස වියාපෘතිය ආරම්භ කළ අතර කඩා වැටි තිබු අතර ධිවර කර්මාන්තය යළි නගා සිටුවීම උදෙසා දායක වීම, පොල්අතුමෝදර වැනි පාසැල් අංග සම්පූර්ණ ලෙස ඉදි කිරීම මෙන්ම දෙමහල් නිවාස ව්‍යාපෘතිවලින් ද සමන්විත නව නිවාස 350ක් හා කැඞී බිදී ගිය තවත් නිවාස 350ක් පමණ යළි ඉදි කිරීම ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක් ම ක්‍රියාත්මක කළෙමු. එපමණක් ද නොව තරුණ ජීවිත නගා සිටුවීමේ අරමුණින් Building A Future Foundation – (BAFF) ව්‍යාපෘතිය ආරම්භ කොට වෘත්තීය පුහුණු පාඨමාලා ලබා දෙමින් තරුණ තරුණියන්ට තම අනාගතය ජය ගැනීමට අවශ්‍ය කරන මාවත ද සකස් කර දීමට කටයුතු කරන ලදි. එමෙන්ම රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන් සඳහා පාසල් මට්ටමින් විශ්ව විද්‍යාල මට්ටමින් නොමිලේ පුහුණු වැඩ සටහන් ලෝඞ්ස්ටාර් පුුහුණු මධ්‍යස්ථායන් හරහා කි‍්‍රයාත්මක කල තිිස්ස ජිනසේනයන් ඒ තුලින් ද නොනිමි මෙහෙවරක් මෙරටට සිදු කරන ලදි. ශාසනික මෙහෙවරයන් අතරින්් සෝමාවතිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, අපරැක්ක මහමෙව්නා අසපු ව්‍යාපෘතිය විශේෂයෙන් දැක්විය හැකි ය.
ඉහත සියළු කර්තව්‍යයන් ඉටු කරන අතරතුර තම උපන් දේශයේ උන්නතිය උදෙසා විවිධ නිලතල නිර්වේතනිකව හොබවමින් සුවිසල් සේවාවක් ද ඉටු කරන ලදි. Sri Lanka Institute of Nanotechnology (SLINTEC) ආයතනයේ Board Member ලෙසත්, Wellassa Rubber ආයතනයේ Managing Director කෙනෙකු ලෙසත්, Ceylon Agro Development Co (Pvty) Ltd ආයතනයේ Director ලෙසත්, Smallholder Plantations Entrepreneurship Development Programme (SPEnDP). ලෙසත් Agriculture Machinery Manufacturers Association of Sri Lanka (AgMMA) ආයතනයේ Council Member ලෙසත් සහ ශ්‍රීලංකා වෘර්තීීය පුහුණු ආයතනයට අනුබද්ධිත NAITA ආයතනයේ සභාපති ලෙසත් විවිධ නිලතල රාශියක් තිස්ස ජිනසේනයන් විසින් හොබවන ලදි.
මේ අයුරින් කළමනාකරණ දර්ශනය හා ප්‍රතිපත්ති මත පිහිටා සිටිමින් සමස්ත ජාතියේ ම යහපැවැත්ම උදෙසා දැවැන්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළ තිස්ස ජිනසේනයන් මේ කිසිවකින් අනවශ්‍ය ප්‍රසිද්ධියක් හෝ වෙනත් ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවුනත් රටවාසී බොහෝ පිරිස් තිස්ස ජිනසේනයන්ගේ නොනිමි සමාජ මෙහෙවර අගය කරන ලදි. ඒ අනුව දේශිය කෘෂිකාර්මික පරිසරයට කරන ලද නිර්මානාත්මක උන්නතිය උදෙසා 2007 වර්ෂයේදී හරිත සම්මානයේන් පිදුම් ලෑබු තිස්ස ජිනසේනයන් රට ජාතියට කල මෙහෙවර අගය කරමින් 2007 වර්ෂයේදී දේශමාන්‍ය දේශශක්ති ලංකා පුත්‍ර සම්මානයෙන් ද පිදුම් ලැබීය. මෙතෙක් කළ සමස්ත ව්‍යාපාරික, ආගමික, සමාජිය මෙහෙවර ඇඟයීමට ලක්කරමින් රුහුණු විශ්ව විද්‍යායෙන් ආචාර්ය උපාධියක් 2011 වර්ෂයේ දී පිරිනමන ලදි.
අද වන විට ව්‍යාපාරික ලෝකයෙන් ඉවත්ව තමන් සාධාරණව උපයාගත් පුද්ගලික ධනය ලාංකීය ජන සමාජයේ උන්නතිය උදෙසා ආගමික, සමාජීය, සංස්කෘතික සහ වර්තමාන ලංකීීය ජනතාව මුහුුණ දෙන කාලීීන ගැටළුකාරී තත්ත්වයන්ගෙන් බෙරගැනීීමට තිස්ස ජිනසේනයන් කටයුතුු කරමින් සිටී. ගෞතම බුුදු සසුනේ චිරස්ථිතිය වෙනුුවෙන් වර්මානයේ කටයුතු කරන මෙතුුමන්ගේ උතුුම් චේතනාව නම් ගෞතම බුදු සසුුන නගා සිිටුුවන්ට සිිල්වත් , ගුණවත් මාර්ගඵල ලාභී භික්ෂුු පිිරිසක් බිහි කිිරීම සහ ඒ උදෙසා හැකිි උපරිම අයුුරින් කටයුුතුු කිිරීමයිි. ඒ වෙනුවෙන් ප්ර්රථමයෙන් අපරැක්ක මහමෙවුුනා අසපුුව තම පුද්ගලික ධනයෙන් ඉදිකර සඝ සතු කර බාරදුන් අතර මෑතදී ත්‍රිපිටකය ග්ර්රන්ථ මහා සෑ විහාරය සහ භික්ෂුු පුුහුුණු මධ්‍යස්ථනයක් දම්පේ ප්‍රදේශයේ
ඉදි කර සඝ සතු කර බාර දෙන ලදිි. බුුදු දහම රට තුුළ නඟා සිිටුුවීම උදෙසා යහපත් භික්ෂු පරපුරක් බිහි කිිරීම උදෙසාත් ඒ, තුළින් යහපත් ධර්මානුුකුුල සමාජයක් ඇති කිිරීමේ අරමුුුණින් තිස්ස ජිනසේනයන් කටයුතු කරමින් සිිටී. වර්තමානයේ ලෝකය තුළ ඇතිි වී තිබෙන ගැටළුකාරී තත්වයන් පිිළිබඳව මෙන්ම අප රට තුළ පවතිින නායකත්වය , ආර්ථික පසුුබෑම, ආහාර හිගය පිළිිබඳ විචාරශීලී යථාර්තවාදී නිිවරදි තොරතුුරු ලංකීය ජන සමාජයට ලබාදීම සදහා කටයුතුු කරමින් සිිටී. එසේ අතීතයත්,වර්ථමානයත් සම්බන්ද කර ගනිමින් අනාගතයේ විය හැකිි දෙය පිිළිබඳ පුුරෝකථන කිිරීමේ සුුවිශේෂි හැකිියාවක් තිස්ස ජිනසේනයන් සතුුව ඇත. එම හැකිියාවට ප්ර්රධාන හේතු කිහිපයක් මා එතුමා තුළ දකීී. ජීවිතයේ අවස්ථා තුනක් මරණය ආසන්නයට ගොස් නැවත මෙලොව එලිය දකිින්නට තිස්ස ජිනසේනයන් වාසනාවන්ත විය. චිනයේ අධිවේගී මාර්ගයක සිිදු වූ රිය අනතුර , ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුුර සහ කොරෝනා වෛරසය වැළදී මරණය ආසන්නයට ගමන් කිරීම එම අවස්ථාවන්ය. මෙසේ මරණය ආසන්නයට ගොස් ජීවත් වීමට වාසනාවන්ත වන පුද්ගලයින් තුළ අනාගතයේ විය හැකිි දෙය පිිළිබඳ පුුරෝකථනය කිිරීම වැනි සුවිශේෂි හැකියාවන් ගොඩ නැගෙන බව වර්තමාන ලෝකයේ පිළිගනු ලබන සත්යයකිි. එම සත්‍යය තුළ තිස්ස ජිනසේනයන් යථාර්ථයක් වනු මා දැක ඇත. තම ජීවිතයේ මුුහුුණ දීමට සිදුවන ගැටළු සදහා දෙවියන් මෙන්ම යහපතට කටයුතුු කරන ඥාතිි බලවේග භාවිතා කර උදව් ගැනීම කළ හැකිි බව විවිධ අවස්ථා වල තිස්ස ජිනසේනයන් ඔප්පු කර ඇත. විසදුමක් නොමැතිි සංකීර්ණ ගැටළුවක් සමඟ නින්දට යන තිස්ස ජිනසේනයන් පසු දින නිර්මානශීලී විසදුම් සමඟ අවදි වී කටයුුතු කරනු මා දැක ඇත. එම නිදියන කාලය තුළ ප්‍රශ්නයට පිළිතුරු ලැබුනේ කෙසේද? යන්න මා හට ප්ර්රශ්නයක් වුුවද එම පිළිිතුර ලැබුුනේ කෙසේද යන්න තිස්ස ජිනසේනයන් කිසි දිනක ප්ර්රකාශ කර නොමැති වුවත් නොපෙණෙන බළවේග තුළිින් වැඩ ගන්න අප දැන ගන්න ඕන බව පමණක් මා සමඟ ප්ර්රකාශ කර ඇත. තමන් කරන සෑම ආගමික කටයුත්කදීම දෙවියන්ට මෙන්ම මලගිය ඥාතින් වෙනුවෙන් කළ යුුතු පිං අනුුමෝදන් කිිරීම නිසිලෙස ඉටුු කරන තිස්ස ජිනසේනයන් හට දෙවියන්ගේ ඇල්ම බැල්ම මෙන්ම යහපතට කටයුතුු කරන ඥාතිි බලවේග උදව් කළ සහ කරන බව බාහිර අප හට නොපෙනෙන සත්යයකිි.
ඉහත ආකාරයට සුවිශේෂි නායකයෙකු ලෙස ප්රතිිපත්තිි මත සිිටිමින් කටයුතු කළ සහ කරන තිස්ස ජිනසේන මහතා සමග 2003 වර්ෂයේ සිට 2023 වර්ෂයේ අද දිනය දක්වා පුරා වසර 20 ක් එතුමාගේ නායකත්වය යටතේ සෘජුවම කටයුතු කිරීමට මාහට අවස්ථාව ලැබුණු අතර එම කාලය තුළ දී එතුමා තුළ දක්නට ලැබුණු සුවිශේෂි ප්ර්රතිිපත්තීීන් පිළිබඳ විස්තරාත්මක දිගුවක් ඔබ වෙත ගෙන එන්නේ අද දිනයේ සිිය 75 වන ජන්ම දිනය සමරන තිස්ස ජිනසේනයන්ට උපහාරයක් ලෙස සහ එම ප්ර්රතිිපත්තීීන් වර්තමාන ලංකීීය ජන සමාජයට වැදගත් වනුු ඇතැයිි හැගෙන නිිසාවෙනිි. තිස්ස ජිනසේනයන්ගේ කළමනාකරණ දර්ශනය හා නායකත්වය ගලා ගියේ පහතින් විස්තර කර ඇති සුවිශේෂිි ප්රතිපත්තීන් මතයි.
01.මනුෂ්‍යත්වයට ගරු කිිරීම.
මානසික ආබාධයක් තිබූ බාප්පා සමඟ එකට වාසය කිරීමත්, කුඩා කාලයේ සිටම ජිනසේන ආයතන වල සේවකයින් සමඟ එකට වැඩ කිරීමත්, මව තුළ තිබූ කාරුණික බවත්, බුද්ධ ධර්මය කියවා වටහා ගැනීමට සහ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ ගැනීමත් යන මුලික කරුණු පසුබිම් වී මනුෂ්‍යත්වයට ගරු කිිරීමේ ප්‍රතිපත්තිය තිස්ස ජිනසේනයන් තුල ගොඩ නැගීමට මුලික පසුබිම සකස් වී ඇත. ව්‍යාපාරික නායකයකුට සංවේදී චරිතයක් වෙමින් මනුස්සකමට මුල්තැන දෙමින් ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීම කළ නොහැක්කක් වුවත් එම අභියෝගය තිස්ස ජිනසේනයන් ජය ගත්තේ අන් ව්‍යාපාරික නායකයින්ට ද ආදර්ශමත් ප්‍රතිපත්තියක් ගෙන දෙමිනි.
ලෝකයේ ප්‍රධාන වශයෙන් නායකත්ව ක්‍රම දෙකක් තිබෙනවා. එනම්,
01. කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, දයාව වැනි ගුණාංග තුළින් ගොඩ නගාගත් මනුස්සකම පෙරදැරි කරගත් නායකත්වයෙහි බලය.
02. මිනිසුන් බිය ගන්වා බලය, මුදල්, තනතුරු මූලික කරගෙන ලෝකයා වශී කර ගනිමින් ගොඩ නගා ගත් නායකත්වයේ බලය.
ඉහත නායකත්ව ක්‍රම දෙක අතරින් කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, දයාව වැනි ගුණාංග තුළින් ගොඩ නගාගත් මනුස්සකම පෙරදැරි කරගත් නායකත්වයෙහි බලය කෙරෙහි තම විශ්වාසය තැබූ තිස්ස ජිනසේනයන් ආයතනය තුල දී මෙන්ම සමාජීය කටයුතු වලදී ද නොවෙනස්ව මනුස්සකමින් කටයුතු කරන ලදි. කෙනෙකුට උදව් කිරීමේ දී ජාතිය,ආගම,තනතුර,කුලය මල පිළිබද තැකීමක් නොකල තිස්ස ජිනසේනයන් හදවතින් කටයුතු කරමින් කරුණාව, දයාව එක සමානව සැමට දක්වමින් කටයුතු කරන ලදි. ආයතනික සාමාජික අවශ්‍යතාවන් සොයා බැලීමේ දී ද සමාජයේ අවශ්‍යතාවයන් ඉටුකර දීමේ දී ද මනුස්සකමින් සැමවිට කටයුතු කරන ලදි. ආයතනික පිරිස් පමණක් නොව සමාජයේ සිටින අසරණ වු රෝගීන්, පිළිසරණක් නැති දරුවන්, වැඩිහිටියන් වෙනුවෙන් තම පුද්ගලික ධනය වැය කරමින් අදටත් කටයුතු කරන්නේ මිනිසුන්ට මිනිසුන්සේ සැලකීමේ උදාර මනුස්සකම ඇතිවයි.
තමන් ධනපති පංතිය නියෝජනය කිරීමේ වාසනාව පාරම්පරික උරුමයෙන් සහ තම හැකියාවෙන් ගොඩ නගා ගත්තත් සමාජයේ නිර්ධන පංතිය විදින පීඩනයට සැමවිට සංවේදී වීමට තරම් මනුස්සකමක් තිස්ස ජිනසේනයන් තුල සැම විට දක්නට ලැබුනිි.
02.බලයට, ධනයට, ජාතියට, ආගමට විශේෂයක් නොකිරීම.
සෑම ජාතියකම මිනිසුන්් මනුස්සයින් ලෙස දැක මනුස්සකමින් කටයුතු කිරීමත්, සෑම ආගමකටම ගරු බුහුුමන් දැක්වීමත්, බලට සහ ධනය අතින් සුවිශේෂී මිනිිසුන් ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් ඇසුරු කලත් බලයට,ධනයට විශේෂයක් නොකරමින් කටයුතු කිරිමේ ප්‍රතිපත්තිය තිස්ස ජිනසේනයන් තුල සැම විට දක්නට ලැබුනිි. ලෝඞ්ස්ටාර් ආයතනය වැනි ජාත්‍යන්තර ආයතනයක් නිර්මාණය කිරීමට නායකත්වය ලබා දීමේදී ද තම ප්රතිපත්තීන් තුළම සිට කටයුතු කළ තිස්ස ජිනසේනයන් සාමාජිකයන් යන වචනය තුළින් සියළුම දෙනාට ආයතනයේ අයිතිය වගේම මගේ ආයතනය යන හැගීම ලබා දෙමින් තනතුරු තරාතිරම් සදහා විශේෂයක් නොකිරීමට වග බලා ගන්නා ලදිි.
03. සතුටවිනෝදය සදහා මත්ද්‍රව්‍ය යොදා නොගැනීම.
ව්‍යාපාරික කටයුතු වලදී දහස් සංඛ්‍යාත පිරිසකට රැකියා අවස්ථා ලබාදෙමින් සහ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය නිරන්තර තම අරමුණ කර ගත් තිස්ස ජිනසේනයන් සෑම විටම තම සේවක සාමාජික ප්‍රජාවගේ සතුට විනෝදය ද සදහා ප්‍රමුඛත්වය ලබා දෙන ලදි. ප්‍රිය සම්භාෂණ, උත්සව අවස්ථා, සංගීත ප්‍රසංග,විනෝදාත්මක වැඩ සටහන් තමන් සමග සිටින සැම වෙනුවෙන් නිරන්තරයෙන් ලබා දුන්නද ඒ කිසිදු අවස්ථාවට මත්්ද්රව්ය යොදා නොගැනීම තිස්ස ජිනසේනයන්ගේ ප්‍රතිපත්තියක් විය.
තමා සමග සිටින මිනිසුන්ට සැමවිට අධ්‍යාත්මික සතුට ලගා කර දීමට කටයුතු කළ තිස්ස ජිනසේනයන් තමන් දානපතියකු ලෙස, ව්‍යාපාරිකයකු ලෙස තමන් සතු ධනය නිර්ලෝභීව වියදම් කරමින් කරනු ලබන ආගමික සහ ශාසනික මෙහෙවර සදහා තමා වටා සිටින සේවක සාමාජික ප්රජාවද සම්බන්ධ කර ගනිමින් අධ්‍යාත්මික සතුට ලගා කර දීමට මෙන්ම ධර්ම මාර්ගයේ තම සේවක සාමාජික පිරිස රැගෙන යාමදට ද නිරන්තරයෙන් කටයුතු කරන ලදි.
04. දේශපාලනයට පක්ෂග්රාහිි නොවීම.
ලංකාවේ මෙතෙක් පැවති සහ පවතින දේශපාලන වාතාවරන තුල ව්‍යාපාර කටයුතු දේශපාලන බලපෑම් වලින් තොරව ඉටුකිරීම ඉතා අපහසු දුෂ්කර කාර්යයක් වුවත් තිස්ස ජිනසේනයන් දේශපාලනයට පක්ෂග්රාහිි නොවීමේ දැඩි ප්‍රතිපත්තිය තුල සිට කටයුතු කරන ලදි. ලෝඞ්ස්ටාර් ආයතනය ගොඩ නැගීමේදී කිසිදු විටක තිස්ස ජිනසේනයන් දේශපාලන නායකයින්ගෙන් හෝ කිසිදු පක්ෂයකින් උදව් උපකාර ලබා නොගැනීමේ ප්රතිපත්තීයේ සිටි නිසා ජිනසේන පවුල සතු වු ප්‍රධාන ප්‍රතිපත්තියක් වු සෑම ගණූදෙනූවක්ම අවංක භාවයෙන් කිරීම, කිසිම අවස්ථාවක දේශපාලන පක්ෂග්රාහීව වැඩ නොකිරීමත් දේශපාලන බලපැම් වලට හිස නොනැමීම සහ අල්ලස් නොගැනීම යන පළමු වන ප්‍රතිපත්තිය එලෙසින්ම ආරක්ෂා කර ගනිමින් තම ප්රතිපත්තීන් ද කි‍්‍රයාත්මක කරන ලදි.
රටේ පැවති දේශපාලනය රටේ ඇති වු හදිසි අවස්ථාවන්හිදී ආයතනයෙන් උදව් ඉල්ලා ඉල්ලීම් කලවිට ඒ සදහා උදව් කල අවස්ථා ඇතත් ඒ දේශපාලනයට උදව් කිරීම නොව රටේ අවශ්‍යතාවය සලකා බලා ආයතනය මැදිහත් වු අවස්ථාවන්ය. යුද්ධය පැවති වකවානුවේදී යුධ හමුදාවට උදව් කිරීම, යුද්ධය අවසන් වු වහා කදවුරු ගතකළ දෙමළ ජනතාවට උදව් කිරීම, සුනාමියෙන් අවතැන් වූවන්ට උදව් කිරීම රටේ අවශ්‍යතාවය සලකා බලා ආයතනය මැදිහත් වු අවස්ථාවන්ට උදාහරණ කිහිපයකි.
05.අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන මතයේ සිට ක්‍රියා කිරීම.
ව්‍යාපාරික නායකයකු ලෙසත්,සමාජ වගකීම් ඉටු කරන සමාජ සේවා නායකයකු ලෙසත්, ආගම දහම වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් කළ සහ කරන ගිහි ආගමික නායකයකු ලෙසත් තිස්ස ජිනසේන චරිතය සැම විට අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන මතයේ සිට ක්‍රියා කරන ලදි. අවවාද කර අණ කර තම අවශ්‍යතා ඉටුකර ගැනීමට බලය ධනය සහ තම පෞරුෂය මනාව තිස්ස ජිනසේන චරිතය වටා ගොඩ නැගී තිබුන ද සැමවිට අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන ප්‍රතිපත්තියේ සිට කටයුතු කරන ලදි.
තම ව්‍යාපාර ආයතනය තුළ 5S සංක්පය පළමුව ක්‍රියාත්මක කළ අවස්ථාවේ ආයතන ප්‍රධානියා වන තමන් පළමුව කොස්ස ගෙන ආයතනය අතුගාන ලදි. ආයතන ප්‍රධානියා එසේ කි‍්‍රයා කර දුන් ආදර්ශය සියළු දෙනා තනතුරු භේදයකින් තොරව කොසු අතට ගෙන ආයතනය පිරිසිදු කිරීමට ආදර්ශයක් විය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින අනුරාධපුරයේ වාර්ෂිකව සිදු කරනු ලබන වැලි මළු වල වැලි ඇතිරීම වාර්ෂිකව තිස්ස ජිනසේනයන්ගේ දායකත්වයෙන් සිදු කරන ලදි. එහිදී තම සේවකයින් කොතෙක් සිටියත් පළමු වැලි උරය තම කරට ගෙන රැගෙන ගොස් බෝ මළුවේ ඇතිරීමට තිස්ස ජිනසේන චරිතය ආදර්ශමත් විය. BAFF ව්‍යාපෘතිය ආරම්භ කොට වෘත්තීය පුහුණු පාඨමාලා ලබා දෙමින් තරුණ තරුණියන්ට තම අනාගතය ජය ගැනීමට අවශ්‍ය කරන මාවත සකස් කර දීමට කටයුතු කළ තිස්ස ජිනසේනයන් නවීන බෝට්ටු නිෂ්පාදනය පුහුණු කරන ලදිි. එහිදී නිෂ්පානය කරන ලද පළමු බෝට්ටුව වන ‘‘ජය සයුර’’ මුහුදට දියත් කිරීම අභියෝගයක් වු අවස්ථාවේ තිස්ස ජිනසේනයන් මුහුදට බැස කඹයෙන් ඇද පෙරමුණ ගත් විට රැස්ව සිටි දහස් සංඛ්‍යාත පිරිස් ද මුහුදට බැස කඹයෙන් ඇද ‘‘ජය සයුර’’ මුහුදට දියත් කිරීම අභියෝගය ජය ගන්නා ලදි.
ඉහතින් සදහන් උදාහරණයන්ගෙන් පෙනී යන්නේ තිස්ස ජිනසේනයන් තුල තිබූ අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන මතයේ සිට ක්‍රියා කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් අන් මිනිසුන් අභියෝග ජය ගැනීමට පෙළබ වීමත්, යමක් කිරීමට ආරම්භක ශක්තිය ගැනීමේ ඇති වැදගත් කමත් නායකයකු ලෙස තිස්ස ජිනසේනයන් පුර්වාදර්ශයක් වී ඇති බවයි.
06.ජය ජය සංකල්පය (Win Win situation)
ව්‍යාපාරික කළමණාකරණයේ දී මෙන්ම සමාඡීය කටයුතු වලදී මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමේ දී ජය ජය සංකල්පය (Win Win situation) ප්‍රතිපත්තියක් කර ගනිමින් ආචාර්ය තිස්ස ජිනසේනයන් කටයුතු කරන ලදි. නායකයින්,කළමණාකරුවන් බොහෝවිට තීන්දු තීරණ ගැනීමේදී සිදු වන්නේ තමන්ගේ මතයේ සිට ක්‍රියා කිරීමයි. මෙහිදී බොහෝවිට සිදු වන්නේ එක් පාර්ශවයක් ජය ගන්නා විට එක් පාර්ශවයක් පරාජය වීමයි. නමුත් ජය ජය සංකල්පය (Win Win situation) ඉතා වැදගත් අංගයක් බව නිරන්තරයෙන් වීශ්වාස කළ ආචාර්ය තිිස්ස ජිනසේනයන් තමන් සමග ගනුදෙනු කරන පිරිස්ගෙන් අදහස් ගෙන එම අදහස් සදහා ද හොඳ ඉඩ කඩක් ලබා දෙමින් විවෘතව අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය පරිසරය සැමවිට නිර්මාණය කරන ලදි. තමන් සමග ගනුදෙනු කරන පිරිස්ගේ අදහස් වලට ඇහුම්කම් දීමට හා ගරු කිරීමට හැකිවීම තුළ දෙපාර්ෂවයටම වාසිදායක විසඳුම් වලට පැමිණීමට හැකි විය.
07.හැකියා දක්ෂතා නිරන්තරයෙන් හදුනාගෙන දිියුණු කිරීම.
ව්‍යාපාරික නායකත්වයේදී මෙන්ම සමාජීය කටයුතු වලදී තමන් සමග ගනුදෙනු කල පිරිස් අතරින් හැකියා දක්ෂතා ඇති පිරිස් හදුනා ගැනීමේ සුවිශේෂි හැකියාව ආචාර්ය තිිස්ස ජිනසේනයන් සතු වු සුවිශේෂි හැකියාවකි. කෙනෙකු සමග කතා කිරීමෙන්, අන් අයගේ හැසිරීම අධ්‍යනය කිරිමෙන්, ශරීර ඉරියව් නිරීක්ෂණය කිරීමෙන් කෙනෙකු සතු වන දක්ෂතාවය හදුනාගත් තිිස්ස ජිනසේනයන් ඔවුන් දියුණු කර ඉදිරියට රැගෙනයාම තම ප්‍රතිපත්තියක් කර ගන්නා ලදි. තම ව්‍යපාරික ආයතනයට නවකයින් ලෙස සම්බන්ධ වන සෑම කෙනෙකුම තමන් සමග පුහුණු වැඩ මුළු වල දී හමු වුු අතර එහි දී හැකියා දක්ෂතා ඇති පිරිස් හදුනා ගෙන ඔවුන්ගේ අනාගතය සකස් විය යුත්තේ කෙසේද යන්න තිරණය කර අදාල අංශ වෙත යොමු කිරීමට මෙන්ම හැකියා දක්ෂතා දියුණු කිරීමට පුහුණුව සදහා යොමු කිරීමට, වැඩි දුුර අධ්‍යාපන කටයුතුු සදහා යොමු කිරීමට තම පුද්ගලික ධනය ද නිරන්තරයෙන් වියදම් කිිරීමට තිිස්ස ජිනසේනයන් කටයුතු කරන ලදි.
හැකියා දක්ෂතා නිරන්තරයෙන් හදුනාගෙන දිියුණු කර පිරිස් සමාජයේ වගකීමෙන් කටයුතු කර රටට සමාජයට යම් සේවයක් කිරීම දැකීම තිිස්ස ජිනසේනයන් බලාපොරොත්තුව වූ අතර තිිස්ස ජිනසේනයන් Loadstar වැනි ජාත්‍යන්තර ආයතන ගොඩ නැගීමට වඩා හොඳ ගුණ ධර්ම ඇති මිනිසුන් පිරිසක් ගොඩ නැගීම සහ එ් අතරින් දක්ෂතා, කුසලතා, හැකියා ඇති පිරිස් දියුණු කර ඉදිරියට ගෙන ඔවුන් වගකීමෙන් වැඩ කරන සමාජයට වැඩදායී පුද්ගලයින් බවට පත්කිරීමට හැකිවීම පිළිබද නිරන්තරයෙන් සතුටු වේ.
08.විශේෂ ප්‍රශ්න තියෙන අය හදුනාගෙන ඒ අයට උදව් කිරීම.
තමන් සමග ආයතනික පරිසරයේ දී මෙන්ම සමාජීය පරිසරයේ දී මුණගැහෙන විශේෂ ප්‍රශ්න තියෙන අය හදුනාගෙන ඒ අයට උදව් කිරීම තමන්ගේ ප්‍රතිපත්තියක් කරගත් තිිස්ස ජිනසේනයන් තමන් වෙත වීශේෂ ප්‍රශ්නයක් රැගන එන සියළු දෙනාට පිහිට වීමට තරම් කාරුණික විය. විශේෂ රෝගී තත්ත්වයක් නම් ඒ සම්බන්දව සිිටින හොදම වෛද්‍යවරයා වෙත ප්‍රතිකාර සදහා යොමු කර වියදම් කර තිිස්ස ජිනසේනයන් විවිධ අවස්ථා වලදී විදේශ රටවලට පවා ප්‍රතිකාර සදහා යොමු කරන ලදි. තමන් ව්‍යාපාරිකයකු ලෙස මුදල් ගැටළුවක් නොවු නිසා රෝගී තත්ත්වයක දී ලෝකයේ තිබෙන හොදම රෝහලින් හොදම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත් අතර තමන් වෙත එවැනි විශේෂ වෛද්යාමය ප්‍රශ්නයක් රැගෙන එන නොදන්නා කෙනෙකු වුවද ලෝකයේ තිබෙන හොදම රෝහලින් හොදම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට යොමු කිරීමට මුදල් වියදම් කිරීමට තරම් තම ප්‍රතිපත්ති කාරුණික විය. ප්‍රශ්නයක් රැගෙන තමන් වෙත පැමිනෙණ ඕනෑම කෙනෙකුගේ ප්‍රශ්නයට හේතු වු මුල බීජය සොයාගත් තිිස්ස ජිනසේනයන් එතනට අවශ්‍ය විසදුම් සදහා උපදෙස් ලබා දී උදව් කරන ලදි.
09. විශ්වාසය මත කටයුතු කිරීම.
තමන් යටතේ සිටි සාමාජික ප්‍රජාව මෙන්ම තමා සමඟ ගනුදෙනු කරන ඕනැම පුද්ගලයකු කෙරෙහි විශ්වාසය මත කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක් තිස්ස ජිනසේනයන් අනුගමනය කරන ලදි. අන් පුද්ගලයන් කෙරෙහි පුර්ණ විශ්වාසය තබා කටයුතු කිරීමේ දී අන් පුද්ගලයින් විශ්වාසය බිද ගැනීම තමාගේ ප්‍රශ්නයක් නොවන බව තිස්ස ජිනසේනයන්ගේ මතය වු අතර තමා සමඟ සිටින පිරිස් වෙත පුර්ණ විශ්වාසය තබා වගකිම් බාරදීම සිදු කරන ලදි.
10.දෙමාපියන්මෙන් අනවශ්‍ය දේට සාමාජික ප්‍රජාවට ඉඩ නොදීම.
දෙමාපියන් සැමවිට තම දරුවනගේ යහපත වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර දරුවනගේ අයහපතට හේතු වන අනවශ්‍ය දේට කිසි විටක ඉඩකඩ ලබා නොදෙයි. තිස්ස ජිනසේනයන් ද තම ආයතනවල සේවයට පැමිණි දහස් සංඛ්‍යාත සේවක සාමාජික ප්‍රජාවට දෙමාපියන්මෙන් අනවශ්‍ය දේට ඉඩ නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමය කරන ලදි. ජීවිතයට අවශ්‍ය දේ පමණක් ලබා ගැනීමට මඟ පෙන්වු තිස්ස ජිනසේනයන් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමේ දී අනවශ්‍ය ලෙස ණය වීමට ඉඩ ලබා නොදුන් අතර ඒ වෙනුවෙන් ආයතනය තුල නීති රීතීන් පවා පනවා තිබුණි. සාමාජික ප්‍රජාවගේ පුද්ගල සංර්ධයනය වෙනුවෙන් පුහුණු කිරීම් සදහා විශාල මුදලක් වියදම් කළ අතර සැමවිට යහපත් නිවරදිි මාර්ගයේ ජීවිතය රැගෙන යාමට මඟ පෙන්වන ලදි. ආගමික කටයුතු සදහා තිස්ස ජිනසේනයන් මැදිහත් වන සෑම විටම සාමාජික ප්‍රජාව ද ඒ සදහා සම්බන්ද කර ගනිිමින් අධ්‍යාත්මික ජීවිතයකට ද තරුණ දරුවන් යොමු කර ගනිමින් කටයුතු කලේ දේමාපියන් අනවශ්‍ය දේට සාමාජික ප්‍රජාවට ඉඩ නොදීමේ ප්‍රතිපත්තිය නිසාවෙනි.
11.සෑම විටම ගැටළුවකදී මූල බීජය සොයා බැලීම.
ව්‍යාපාරික ලෝකයේ දී මෙන්ම ආගමික, සමාජිය ගැටළු වළදී එම ගැටළු විසදීමට නිරන්තරයෙන් කටයුතු කල තිස්ස ජිනසේනයන් ගැටළුවට හේතු වූ මුල බීජය සොයා එම මූල බීජයට විසදුම් ලබාදීමේ ප්රතිපත්තිිය මත සිට සැමවිට කටයුතු කරන ලදිි. ගැටළුවට හේතු වූූ මූල බීජය සොයා ගැනීමට සියළු පාර්ෂවයන්ගෙන් තොරතුරු ගැනීමත්, ගැටළුව වූ ස්ථානයට තමන්ම ගොස් බලා තොරතොරු නිවරදි කර ගැනීමත් තිස්ස ජිනසේනයන්ගේ පුරුද්දක් වු අතර ගැටළුවට හේතු වූ මූල බීජයට විසදුම් ලබාදීම නිසා එම ගැටළුව බොහෝ විට නැවත ඇතිවීම වැලැක්වීමටත් ස්ථීරසාර විසදුම් ගැටළු වලට ලබාදීමටත් තිස්ස ජිනසේනයන්ට නිරන්තරයෙන් හැකි විය.
12.යමක් දී සතුටුවීම සහ පසුුව සියල්ල අත්හැර දැමීම.
පාරම්පරික ව්‍යාපාරික නායකයකු ලෙස පරම්පරාවෙන් ගෙන ආ ප්රතිපත්තීන් සහ ආර්ථීක ශක්තියත්, තමන් විසින් ගොඩ නගාගත් ආර්ථික ශක්තිය සහ ප්රතිපත්තීන් තුල සිටිමින් උදව් අවැසි මිනිසුන්ට උපරිමයෙන් උදව් කළ තිස්ස ජිනසේනයන් ආගමික, සමාජීය, සහ සංස්කෘතිමය වශයෙන් මෙරටට අති මහත් සේවාවක් ඉටු කරන ලදි. ලංකාවේ සිදුවූ දරුණුතම ස්වභාවික ව්‍යසනය වන සුනාමිය හේතුවෙන් විනාශ වූ ජන ජීවිත නගා සිටුවීමට ඍජුව මැදිහත් වී වැලිගම ප්‍රදේශය මූලික කරගෙන සුනාමි ව්‍යාපතියක් ලෙස Solideal Loadstar පුනරුත්ථාපනය භාරය හරහා ඔවුන් සිටි නිවාසවලට වඩා සුඛෝපභෝගී ස්ථිර නිවාස රජය විරුද්ධ වෙද්දී පවා ඉදිකර දීමට තිස්ස ජිනසේනයන් කටයුතු කරන ලදි. දෙනියාය මේදේරපිටිය ගම්මානය නායයාම නිසා නිවාස අහිමි වූවන්ට ස්ථිර නිවාස ඉදිකර දීමට කටයුතු කරන ලදි. අපරැක්ක මහමේවුනා භාවනා අසපුව ඉදි කිරීම, භික්ෂු පුහුණු මධ්ය්යස්ථානයක් ලෙස ඉදිකර සසුනට දායාද කළ දම්පේ ත්‍රිපිටක ග්රන්ථ මහ සෑ විහාරය ව්‍යාපෘතීන් ලෙස කි‍්‍රයත්මක කළ ආගමික, සමාජීය සේවාවන් අතර සුවිශේෂි ය. මේ සියල්ලට තම ධනය සහ ශ්‍රමය කැප කරමින් නායකත්ව දුන් තිස්ස ජිනසේනයන් යමක් දී සතුටු වී පසුුව සියල්ල අත්හැර දැමීමේ උදාර ප්‍රතිපත්තිය තුල කටයුතු කළ අතර තමා වටා සිටිමින් තමන් සමඟ මෙවැනි දේට සම්බන්ද වු පිරිසට ද මෙම ප්‍රතිපත්තිය තුල සිටිය යුතු බව පෙන්වා දෙමින් වැඩය අවසන් වූ පසු නැවත ඒ වෙත යාම සීමා කරන ලදි.
13.සියළු කටයුතු වලදී ආගම දහමට ප්‍රමුඛත්වය ලබාදීම.
නිවන් අවබෝධ කර ගැනීම තම ජීවිතයේ පරමාර්ථය කර ගත් තිස්ස ජිනසේනයන් ඒ වෙනුවෙන් තම ජීවිතය කැප කර කටයුතු කරමින් සිිටී. ඕනෑම ගිහියකු බුදු දහමට අනුව සෑම දිනකම පංච ශීලය සමාදන් වී ඒ අනුව සෑම දිනකම කටයුතු කිරීම තමන් තුළ විනයක් ගොඩ නගා ගැනීමට උපකාරී වන බව විශ්වාස කල තිස්ස ජිනසේනයන් තම ආයතනික සාමාජික ප්ර්රජාවගේ යහපත උදෙසා ආයතනට ඇතුළු වන ස්ථානයේ බුද්ධ මන්දිරයක් ගොඩ නගා ආයතනයට පැමිණීමේ දී සහ පිටවීමේ දී තම ආගමික වතාවත් ඉටුකර ගැනීමට ආයතනික පරිසරය සකස් කර තිබුණි. මිදිගම කර්මාන්ත ශාලාවේ ඉහළම ස්ථානයේ අංඟ සම්පුර්ණ පන්සලක් ඉදි කර තරුණ දරුවන්ට ආගමික කටයුතු වල නියලීමට පරිසරය සකස් කර දී තිබූ අතර සෑම පොහොය දිනකදීම පවුලේ් අය සමඟ සමාදන් වී ආගමික කටයුතු වල නියලීමට පරිසරය සකස් කර තිබුණි. ආයතනවල සියළු ඉදිකිරීම් සිදු කිරීමේ දී, නව යන්ත්‍රසුත්‍ර සවි කිරිමේදී ආගම්ක වතාවත් වලට ප්ර්රමුඛත්වය දී සෙත් පිරිත් සජ්ජායනා කර කටයුතු ආරම්භ කිරීම තිස්ස ජිනසේනයන් ප්‍රතිපත්තිය විය. උදැසන හා රාත්‍රී සේවාමුර ආරම්භයේ දී ආයතනපුරා ශබ්ද විකාශන පද්ධතිය හරහා සෙත් පිරිත් සජ්ජායනාව සෑම දිනකම සිදු කර අතර වසරපුරා දාන සීල භාවනා වැඩසටහන් ආයතනය පුරා සිදු කරන ලදි. ආයතනයට වැදගත් සියළු වීශේෂ දිනයකදීම ආගමික කටයුත්තකින් එම දිනය සැමරීමට පරිසරය සකස් කර දුන් අතර මෙසේ සියළු කටයුතු වලදී ආගම දහමට ප්‍රමුඛත්වය ලබාදීම තිස්ස ජිනසේනයන්ගේ ප්‍රතිපත්තියක් වූ නිසාවෙන් තරුණ පිරිස් ආගමික නැබුරුවකින් කටයුතු කරන, ආගම දහමට ලැදි විනයගරුක පිරිස් ලෙස සමාජයට ආදර්ශමත් චරිත ලෙස ගොඩ නැගීමට ද මෙම ප්‍රතිපත්තිය හේතු විය.
14.තමන් වටා සිටින මිනිසුන් විශ්වාස කර කටයුතු කිරීම සහ තීන්දුතීරණ ගැනීීම.
තමන් සෑම විටම තමන් වටා සිටින මිනිසුන් විශ්වාස කර කටයුතු කර අතර තමන් ඔවුනට අවංකව කටයුතු කරන විට ඔවුන් ද තමන්ට අවංකව කටයුතු කරනු ඇතැයි දැඩි විශ්වාසයෙන් කටයුතු කළ තිස්ස ජිනසේනයන් තමන් වටා සිටින මිනිසුන් ලබාදෙන තොරතුරු මත සිට බොහෝ විට තීන්දුතීරණ ගැනීම තම ප්‍රතිපත්තියක් කර ගන්නා ලදි. මෙම විශ්වාසය මත සිට බොහෝ වගකීීම් තමන් සමඟ වැඩ කරන පිරිස් වෙත ව්‍යාපාර කටයුතු වලදී මෙන්ම සමාජීය කටයුතු වල දී ලබා දුන් අතර තමා සමග සිටින පිරිස් වගකීම් සහගත පිරිස් බවට පත් කිරීමට මෙම ප්‍රතිපත්තිය ද හේතු විය.
15.සෑමවිට විශ්විය වටිනාකම් මත සිට ක්‍රියා කිරීම.
ජිනසේන ව්‍යාපාරික පරම්පරාවේ තෙවන පරපුර නියෝජනය කරන තිස්ස ජිනසේනයන් තම පාරම්පරික උරුමයෙන් හිමි වූ දේශීය ව්‍යාපාරික පසුබිම ඉතා පුළුල් අන්දමින් ජාත්‍යන්තරයට රැගෙන ගියේ ලෝකයේ අංක එකේ ආයතනක් ලෙස Loadstar ආයතනයක් පත් කරමිනි. විදේශීය හවුල් කරුවන්, විදේශිය පාරිභෝගිකයින්, විදේශීය මුල්‍ය සමාගම්, විදේශීය යන්ත්‍ර සුත්‍ර සහ අමුද්රව්යා සැපයුම් කරුවන් සමග තිස්ස ජිනසේනයන්ට ගනුදෙනු කිරීම පහසු වීමට ප්‍රධාන හේතුවක් වූයේ සෑමවිට විශ්විය වටිනාකම් මත සිට ක්‍රියා කිරීමේ ප්‍රතිපත්තිය නිසාවෙනි.
ස්නේහය, සත්‍යවාදී බව, සාමකාමී බව,සාධාරණ බව, වගකීීම් සහිත බව වැනි ප්‍රධාන විශ්විය වටිනාකම් තිස්ස ජිනසේන චරිතය තුලින් නොවෙනස්ව ප්‍රතිපත්ති ලෙස පැවති නිසා ජාත්‍යන්තරය තුළ ද තිස්ස ජිනසේනයන් කැපී පෙනෙන චරිතයක් විය.